Ads 468x60px

.

ඩෙංගු මදුරුවා පූජා වට්ටියේ තැඹිලි ගෙඩියටත් කෙලි...

පූජා වට්ටිවලට තැඹිලි එක්වූයේ ව්‍යාපාරික අරමුණකින්ලු...

රත්නපුර මහ සමන් දේවාලයේ පූජාවට්ටිවලට තැඹිලි තැබීම වහාම ක‍්‍රියාත්මක වන පරිදි තහනම් කොට ඇත. 


නැවත දැනුම් දෙන තුරු මෙම තහනම බලපැවැත්වෙන බව දේවාලයේ බස්නායක නිලමේ සුනිල් ශාන්ත වීරසූරිය මහතා සඳහන් කරයි.

ඩෙංගු මදුරුවන් ව්‍යාප්ත වන එක් ස්ථානයක් ලෙසට දේවාල භූමිය පත්ව ඇති එකම හේතුව පූජා වට්ටිවලට තැබෙන තැඹිලි කෝම්බ ඉවත් කිරීමට ඇති දැඩි අපහසුව ලෙස හඳුනාගෙන ඇති බැවින් මෙම තීරණය ගත් බවද ඔහු පවසයි.

අතීතයේ පූජා වට්ටිවලට තැබුවේ මල් වර්ග පමණක් බවත් පසුකාලීනව එයට පළතුරු එක්වූ බවත් පවසන වීරසූරිය මහතා තැඹිලි එයට එක්වූයේ ව්‍යාපාරික අරමුණකින් බවද කියා සිටී.
 
Related Posts with Thumbnails