Ads 468x60px

.

දරුවාගේ තොල් ඉදිමීලා - පියාගෙන් දරුවාට කාමරේදී අතවර

කාමරයකට රැගෙන ගොස් අතවර කරලා...

දරුවාගේ තොල් ඉදිමී මුහුණේ රතු ලපයක්...
 
කාට හෝ කීවොත් මරණවා කිව්වලු...

අට හැවිරිදි පිරිමි දරුවකු ලිංගික අපයෝජනයට ලක්කළ බොල්ලත ප්‍රදේශයේ පියකු ගණේමුල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.


අත්අඩංගුවට ගත් සැකකාර පියා හතළිස්පස් හැවිරිදි බොල්ලත පොල්ගහවත්ත පදිංචි වඩු කාර්මිකයකු බව ගණේමුල්ල පොලිස්
ස්ථානාධිපති දමින්ද සෝමජිත් මහතා පවසයි.

තම දරුවාගේ තොල් ඉදිමී මුහුණේ රතු ලපයක් තිබෙනු දැක මව ප්‍රශ්න කිරීමේදී දරුවාට වූ අතවරය හෙළිවී තිබේ.

දරුවා පාසල් ගොස් දහවල් 2 ට පමණ නිවසට පැමිණ ඇති අතර, පියා තම පිරිමි දරුවා කාමරයකට රැගෙන ගොස් ලිංගික අතවර කර, කාට හෝ කීවොත් මරණ බවට බියගන්වා ඇත.

නමුත් මව නිවසට පැමිණි අවස්ථාවේ දරුවාගේ තොල් ඉදිමී මුහුණේ තිබූ රතු කැළල් පිළිබඳ ප්‍රශ්න කිරීමේදී දරුවාට සිදුවූ විපත හෙළිවී ඇත.සිද්ධිය පිළිබඳ පොලිසියට මව පැමිණිලි කිරීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු ගම්පහ මහේස්ත්‍රාත් කේමා ස්වර්ණාධිපති මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු, මේ මස 31 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියම කළාය.
 
Related Posts with Thumbnails