Ads 468x60px

.

ගණිකා මඩම සම්බන්ධයෙන් කමල් අද්දරආරච්චි කියන්නේ මෙහෙමයි...

මා ඇසුරු කරන්නේ තෝරගත් පිරිසක්...
චරිතවලට මඩ ගහන එක අපරාධයක්...

මඩ ප‍්‍රහාර නිසා ඇතැම් නිර්දෝෂී පුදගලයකු අත්අඩංගුවට ගනු ලැබූවත් ඔහුගේ නිර්දෝෂීභාවය අනුව ඔහු නිදහස ලබන බව ප‍්‍රවීණ සිනමා නළු කමල් අද්දරආරච්චි මහතා පවසයි.


මා ඇසුරු කරන්නේ තෝරගත් පිරිසක්. කවුරු හෝ වේවා අසුරු කිරීමට සුදුසු නොවන පුද්ගලයෙකු නම් මා ඔහුව ඇසුරු කිරීමෙන් ඉවත් කරනවා. එසේ ඇසුරෙන් ඉවත් කරන අයෙකු හෝ මැදිහත් වී ප‍්‍රසිද්ධ චරිතවලට මඩ ප‍්‍රහාර එල්ල කරන්න පුළුවන්. 

මඩ ගැහිල්ල අද විලාසිතාවක් බවට පත්වෙලා තියෙනවා. නිර්දෝෂී චරිතවලට මඩ ගහන එක අපරාධයක්.’ යයිද ඔහු සඳහන් කරයි.

ඔහු මේ බව පැවසුවේ නාරාහේන්පිට ප‍්‍රදේශයේ පිහිටි තායි යුවතියන් සේවය කරන ගණිකා මඩමක් පොලීසිය විසින් වැටලීමේදී එහි කමල් අද්දරආරච්චි සිටි බවට පල වූ වාර්තා සම්බන්ධයෙන් ඔහුගේ අදහස්.


නාරාහේන්පිට ෆයිෆ් පාරේ සම්භාහන ආයතනයක් මුවාවෙන් ගණිකා මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගියේ යැයි චෝදනා එල්ලව තිබෙන ආයතනයට තමාගේ සම්බන්ධයක් නැති බවත් එම ස්ථානය තමාගේ මිත‍්‍රයෙකුගේ බවත්, අදාල ස්ථානයට පොලිසිය පැමිණ සිටින බවට තමාට මිතුරාගෙන් ලද දුරකථන පණිවුඩයකට අනුව තමා එම ස්ථානයට ගිය බවත් රවීන රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා සදහන් කළේය.

එම දුරකථන ඇමතුම ලැබෙන අවස්ථාවේදී තමා සිටියේ බිරියද සමග බවත්, තමා සිද්ධියවූ ස්ථානයට ගියේද බිරිය සමග බවත් කමල් කීය.එම ස්ථානයට තමාගේ සම්බන්ධයක් ඇත්නම් බිරිය සමග යන්නේදැයි ඔහු පෙරළා ප‍්‍රශ්න කර සිටියේය.

එසේම තමා දන්නා පරිදි එම ස්ථානයට සම්බාහන ආයතනයක් මුවාවෙන් ගණිකා මඩමක් පවත්වාගෙන ගිය බවට වන චෝදනාවද තමා තරයේ ප‍්‍රතික්ශේප කරන බවද ඔහු පැවසීය. එහි තිබුණේ තායි සම්ප‍්‍රදායානුකූල සම්බාහන මධ්‍යස්ථානයක් බවද, තමා හා බිරියද එම සම්බාහන මධ්‍යස්ථානයෙන් කිහිපවරක් සේවය ලබාගෙන ඇති බවද කමල් හෙළි කළේය.

එසේම අදාල තායි සම්ප‍්‍රදායනුකූල සම්බාහනයන් කළ හැක්කේ තායි කාන්තාවන්ට පමණක් බවත්, එබැවින් එහි තායි කාන්තාවන් දෙදෙනෙකු සේවයේ යොදාව සිටි බව තමා දන්නා බවද අද්දරආරච්චි මහතා පැවසීය.

මෙම සම්භාහන මධ්‍යස්ථානයට ඇතුළුවීමේ ගාස්තුව රුපියල් 4,500 ක් බවද කී ඒ මහතා එසේ සම්බාහනයට ටිකට් පතක් ගෙන සම්බාහනය සදහා කාමරයකට ගොස් සම්බාහන කටයුතු කරනු ලබන තායි කාන්තාවන්ට තවත් කීයක් හෝ අතමිට මොලවා ඔවුන් වරදට පොළඹවාගැනීම එම සම්බාහනය ලැබීමට යන පුද්ගලයන්ගේ වරදක් බවද ඔහු සදහන් කළේය.

තායි රටේ සම්ප‍්‍රදායන් අනුව ගණිකා වෘත්තිය ඔවුන්ට එතරම් නුහුරු දෙයක් නොවන බැවින් අදාල තායි කාන්තාවන්ට ද දොස් නැගීමටද නොහැකි බව ඔහු පැවසීය. කෙසේවුවද තමා මේ කිසිවකට සම්බන්ධ නැතැයිද පැවසූ අද්දරආරච්චි මහතා මෙරට සම්ප‍්‍රදායන්ට හානිවන ආකාරයේ ව්‍යාපාරවලින් මුදල් ඉපයීමට තමා කොහෙත්ම කටයුතු නොකරන බවද කීය.

එවැනි මුදල් අහේනියක් ඇත්නම් තමා මුලින්ම සිදුකරන්නේ බාල සිනමා හෝ ටෙලි නිර්මාන සදහා දායකවීම නොවන්නේදැයි ඔහු ප‍්‍රශ්න කළේය. එවැන්නක් කිසි කළෙක තමා නොකරන බවට ශපථ කළ ඔහු තමා මිතුරෙකුගේ දුකේදී එහි ආදීන ප‍්‍රතිථලය ගැන දෙවරක් නොසිතා මිතුරාගේ පිහිටට යන බවද පවසා සිටියේය.


කෙසේවවුද කොළොඹ පොලිස් මුලස්ථානයේ සංවිධානාත්මක අපරාධ හා දුෂණ මර්ධන කොට්ටාශයේ අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරි ටි.ගනේෂනාදන් මහතාගේ උපදෙස් මත අදාල ස්ථානය වටලා තිබූ අතර එම සම්බාහන ආයතනය පාලනය කළ දෙදෙනෙකු හා තායිලන්ත ජාතික කාන්තාවන් දෙදෙනෙකු එහිදී අත්අඩංගුවට ගෙන තිබිණි.

ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අගෝස්තු 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරීස් මහතා නියෝග කර ඇත.මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණේ තායිලන්ත ජාතික පිපාඩා චට්ටි හා අම්බෝනාත් රක්ෂෙෂොන් නමැති කාන්තාවන් දෙදෙනා හා තුවාන් මනෝජ් හා සරත් වීරසිංහ නමැති ශ්‍රී ලාංකික පුද්ගලයින් දෙදෙනෙකි.

ඇන්ජලා සෙනවිරත්න මහත්මියගේ නමට තැපෑලෙන් ලැබුණු පාර්සලයක හෂීස් නැමති ප්‍රබල මත්‍ද්‍රව්‍යයක් තිබූ බවට වූ රාවය පසුගිය දිනවල ඉමහත් ආන්දෝලනාත්මක පුවතක් විය.

කෙසේවවුද ඇන්ජලාට එම චෝදනා එල්ලවී තිබූ අවස්ථාවේදී ද ඇයට මුලින්ම දුරකථන ඇමතුමක් ලබාදී සුවදුක් විමසූ කලාකරුවා කමල් අද්දරආරච්චි බව ඇය මීට පෙර මාධ්‍යට හෙළිකර තිබිණි.
 
Related Posts with Thumbnails