Ads 468x60px

.

මම බෙලිඅත්තේ මර්වින් සිල්වා හරිද - මර්වින් වැඩ පටන්ගනී...

අලවංගුවක් අතට ගත් අමාත්‍යවරයා තාප්පයක්‌ පෙරලීමට උත්සාහ කරලා...

හොර යක්කු... මම ඉන්නකම් මේවා කරන්න බෑ...

මර්වින් සිල්වා විසින් කැළණිය ආසනයේ තමන්ට විරුද්ධව කැරළි ගැසූ සභාපතිවරයාගේ හිතවතුන් විසින් කැළණිය ප්‍රාදේශීය සභාව තුළ ඉදිකිරීම් කරගන යන අනවසර ඉදිකිරීම් නැවැත්වීම සඳහා ඊයේ එම ප්‍රදේශයේ සංචාරය කළා. ඒ පොලිසියේ නිලධාරීන් ඇතුළු රජයේ නිලධාරීන් පිරිසක්‌ ද සමගින්.

ගාල හන්දිය ප්‍රදේශයේ ඉඩමකට ගිය මර්වින් සිල්වා...


"හොර යක්කු. මම ඉන්නකම මේවා කරන්න බෑ...එන්න කියනවා. මොකාද
මේක ගොඩකරලා තියෙන්නේ?

සම්පත් කියලා සභාපතිගේ යාළුවෙක් මේක ගොඩකරලා තියෙන්නේ. මම දැන් වැඩ පටන් ගන්නවා. දැන් පුළුවන් නම් කරපල්ලා. අද ඉඳන් මම මෙතන පටන් ගන්නවා ක්‍රීඩා පිටියක්. කරුණාකරලා මෙතන බෝඩ් එකක් ගහන්න "ක්‍රීඩා පිටිය" කියලා."


ඉන්පසු මාකොළ අශෝක උයන ප්‍රදේශයේ ඉඩමකට ගිය මර්වින් සිල්වා එම ඉඩමේ හිමිකරුවන් හට දුරකථන ඇමතුමක් දුන්නා

"මම මේ බෙලිඅත්තේ මර්වින් සිල්වා හරිද? පගාවට මම හිස නමන්නේ නෑ . බයත් නෑ. ණයත් නෑ හරිද? ඔයගොල්ලො කොහෙද? ගල්කිස්සෙන් තියා කොහෙන් වුනත් කමක්නෑ ඔයගොල්ලෝ මේ හොර ඔප්පුවක් හදලා මගේ ආසනේ මොකක්ද කන්ස්ට්‍රක්ෂන් එකක් කරනවා. කරුණාකරලා ඔප්පු ටික ගෙනත් පොලීසියට පෙන්නන්න. ඔප්පු ටික ගේන්නෙනේ නැත්නම් මම් මේක කරන්න දෙන්නේ නෑ. "

ඉන්පසු අලවංගුවක් අතට ගත් අමාත්‍යවරයා එම තාප්පය පෙරලීමට උත්සාහ දැරුවා. එම
වීඩියෝව සහ
පින්තුරය පහලින්.




 
Related Posts with Thumbnails