Ads 468x60px

.

අසභ්‍ය වීඩියෝපටවල රඟපෑමෙන් බොලිවුඩ් පුරයට පා තැබු සනි ලියොන්ට බිත්තර තර්ජන...

‘බිත්තර’ තර්ජන මැද්දේ ‘ජිස්ම් – 2’ චිත්‍රපටයේ ප්‍රචාරාත්මක වැඩ සටහනක්...

ජනප්‍රිය නිළි, පූජා භාට් දැන් චිත්‍රපට අධ්‍යක්ෂවරියක්. ඇය නිර්මාණය කළ ‘ජිස්ම් – 2’ චිත්‍රපටය මේ දිනවල ඉන්දියාවේ ආදායම් වාර්තා තබමින් තිරගත කෙරෙනවා.

මෙහි ප්‍රධාන නිළිය, සනි ලියොන්, ඇය බොලිවුඩ්පුරයට පා තැබුවේ අසභ්‍ය වීඩියෝ පටවල රඟපෑමෙන් පසුව බව රහසක් නොවෙයි.මේ නිසා ඇයට හතර වටින්ම දැඩි විවේචන එල්ල වෙමින් තිබෙනවා.


’ජිස්ම් –2’ තිරගතවීම ඇරඹුණේ ප්‍රචාරාත්මක වැඩසටහන් කිහිපයක්ම පැවැත්වෙද්දීයි. මේ ප්‍රචාරක කටයුතු ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයකම පැවැත්වුණේ චිත්‍රපටයේ අධ්‍යක්ෂ පූජා භාට් සහ ප්‍රධාන නිළි සනි ලියොන් ගේ සහභාගීත්වයෙන්.ප්‍රේක්ෂක ජනතාවගෙන් ඒ වෙනුවෙන් උණුසුම් ප්‍රතිචාර හිමිවුණත්, සමහරු සනි ලියොන් ගැන කතාකළේ නොසතුටෙන්.

ඉන්දියාවේ නොයෙකුත් ප්‍රදේශවල මේ අයුරින් ‘ජිස්ම් – 2’ කණ්ඩායම සංචාරය කළත්, හයිද්‍රාබාද් ප්‍රදේශය එයට තහනම් කලාපයක් වුණා. හයිද්‍රාබාද් හි වෙසෙන සමහරු පැවසුවේ සනි ලියොන් නම් වූ ‘ඇසැබි තරුව‘ තම ප්‍රදේශයට පැමිණියහොත් ඇයට බිත්තර ප්‍රහාරයක් එල්ල කරන බවයි.

හයිද්‍රාබාදයේ පිහිටි ‘සිනෙමැක්ස්’ නම් වූ බහුවිධ සුපිරි සිනමා සංකීර්ණයේදීත් ‘ජිස්ම් – 2’ චිත්‍රපටයේ ප්‍රචාරාත්මක වැඩ සටහනක් පැවැත්වීමට තීරණය වී තිබුණේත් ඔය ‘බිත්තර’ තර්ජන මැද්දේයි.

එහි, සනි ලියොන් සහ රසික රසිකාවියන් අතර සුහද හමුවක් ද පැවැත්වීමට තීරණය වී තිබුණා. නමුත් මේ වැඩ සටහනට ද දැඩි තර්ජන එල්ල වෙද්දී එය නවතා දමන්නට සංවිධායකවරුන්ට සිදුවුණා.

සනි ලියොන් මේ පිළිබඳ අදහස් තම ට්විටර් වෙබ් පිටුවෙහි සටහන් කරමින් ප්‍රකාශ කළේ කිසියම් මෝඩ පිරිසකගේ තර්ජන නිසා තමන් ඇතුළු ‘ජිස්ම් – 2’ කණ්ඩායමට හයිද්‍රාබාදයට හෝ ‘සිනෙමැක්ස්’ සිනමා සංකීර්ණයට පැමිණීමට නොහැකි වූ බවයි.ඒ පිළිබඳව තම කනගාටුව ප්‍රකාශ කරන බවත් ඇය එහි සටහන් කර තිබුණා.
 
Related Posts with Thumbnails