Ads 468x60px

.

බුදුන්ට නිගරු වන ලෙස බුද්ධ ප‍්‍රතිමාවක් සිප ගන්නා අයුරු ඡයාරුප ගත කල ප‍්‍රංශ ජාතිකයන් තිදෙනෙක් පොලීසියට

මාස හයක අත්හිටවූ සිර දඬුවම්...
 
රුපියල් 1500 බැගින් වූ දඩ මුදලක්...

මහනුවර ඇම්බැක්කේ දේවාලයේ ඇති බුද්ධ ප්‍රතිමාවක් අසළ සිට බුදුන්ට නිගරු වන ලෙස හැසිරෙමින් පින්තූර ගෙන ඇති ප‍්‍රංශ ජාතිකයන් තිදෙනෙක් ගාල්ලේ වර්ණ රසායනාගාරයකට පැමිණ ඔවුන්ගේ කැමරාව තුල වූ පින්තූර ලබා  මුද්‍රණය කර ලබා දෙන ලෙස ඉල්ලා ඇති අතර එහි ග‍්‍රැෆික් නිර්මාණකරු අදාල පින්තූර අතර බුදුන් වහන්සේ අපහාස වන
ඒවාද තිබෙනු දැක ගාල්ල පොලීසියට දන්වා ඇත.


වහා ක‍්‍රියාත්මක වූ ගාල්ල පොලීසිය ප‍්‍රංශ ජාතිකයන් තිදෙනා අත්අඩංගුවට ගෙන අද දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිනි.

මෙසේ බුදුන් වහන්සේට නිගා වන අයුරින් ඡුයාරූප ගෙන ගාල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ ප‍්‍රංශ ජාතියන් තිදෙනා මාස හයක අත්හිටවූ සිර දඬුවම් සහ රුපියල් 1500 බැගින් වූ දඩ මුදලක් ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් ඊයේ දිනයේ නියම කලේය.




මෙසේ දඩුවම් නියම කරුනේ ශී‍්‍ර ලංකාවේ සංචාරයකට පැමිණි ප‍්‍රංශ ජාතික කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමියෙකුගෙන් සමන්විත කන්ඩායමකටය. සංචාරක කන්ඩායම විසින් ගත් ඡයාරූප කිහිපයක් ගාල්ල ප‍්‍රදේශයේ පිහිටි වර්ණ සංයෝජන මධ්‍යස්ථානයකින් මුද්‍රණය කර ගැනීමට පැමිණි අවස්ථාවේදී එම ඡයාරූප එකතුව තුල තිබූ ඔවුන් විසින් බුද්ධ ප‍්‍රතිමාවක් සිප ගන්නා ඡයාරුප කිහිපයක් නිරීක්ෂණය කල වර්ණ සංයෝජන මධ්‍යස්ථානයේ හිමිකරු ඒ  පිළිබදව පොලීසියට දන්වා ඇත.

ජීවමාන බුදුන්ටද අනේක නින්දා අපහාස සිදුව ඇති බව බෞද්ධ ඉතිහාසය උපුටා දැක්විය හැක. දේවදත්ත, චිංචිමානවිකා ප‍්‍රකට උදාහරණය. බුදුන් වහන්නේ ඔවුන්ටද මෙත් වැඩූහ.මෙම විදේශිකයන්ද සත්‍ය ලෙසම අන්‍යාගමිකයන් විය යුත්තේමය.




 
Related Posts with Thumbnails