Ads 468x60px

.

පබා පන්සලේදී බුදු පිළිම වහන්සේට පස්ස හරවා හිටිය හැටි.

හිස්වැසුම් පැළදගෙන...

ආගමික සහජීවනය නැංවීමට කියමින් අන්‍යආගමිකයන් ගෙන්වාගෙන පන්සලේ දී සාජ්ජ දැමීම දැන් බෞද්ධ යන්ටත් බුද්ධාගමටත් මහා හිස රදයක් වන වසංගතයක් වී හමාරය. 

කුමන හෝ ක්‍රියාවක නිරත වී තම ඡන්ද ගොඩ වැඩි කරගැනීමට මාන බලන දේශපාලන මුග්ධයන්ටද, කෙසේ හෝ බෞද්ධයන්ටත් රිදවා බුදු සසුන සර්වාගමික අච්චාරුවේ අඹරන්නට අවස්ථාව සොයමින් සිටින අන්‍යගමික අන්තවාදීන්ටද මෙය හොද ඉල්ලමක් වී තිබේ.


අවාසනාවට අපේ ඈයින්ගේ අදබාල දේශපාලන දැක්මට සාක්ශි දෙමින් අද රටේ පැවැත්ම රදාපවතින ඉහලම මැතිසබය නියෝජනය කරන්නට යවා ඇත්තේ ද කුඩ්ඩන්, කොමිස්මරුවන්, පාතාලයින් හා එතැනින් නොනැවතී කසිකබල් ටෙලි,සිනාමවලදී ‍රෙද්ද උස්සා පෙන්වූ නළගනන්ය. ජාතියක, ආගමක හරයක් නොදත් එවැන්නියන්, එවැන්නන් අනිත් පසට හැරී තම ඡන්ද දායකයන්ටම රෙද්ද උස්සා පෙන්වන අවස්ථාවල අඩුවක් නම් නැත.

පසුගිය මැතිවරණ සමයේ සිංහල බෞද්ධ ලෙස පෙනී සිටිමින් බහුතරයක් බෞද්ධ ඡන්ද ටිකම හූරාගෙන මැති සබයට රිංගා ගත් පබා නැමති මන්ත්‍රීවරිය අන්‍යගමික ජාතිකයන් සමග එකතු වී පන්සලක් තුලදීම ඉහත කී ලෙසින්ම බෞද්ධයාට කොකා පෙන්වීය. 

ඒ පසුගිය දින ඇය සහ ඇගේ නමින් හැදින්වෙන උලව් පදනමක් යැයි කියාගත් කල්ලියක් විසින් අත්තනගල්ල ප්‍රදේශයේ විහාරස්ථානයකදී සංවිධානය කර තිබූ උත්සවයකදීය. එහිදී ඔවුන් බුදු කුටියට වැද බුදු පිළිම වහන්සේටද පස්ස හරවා හිස්වැසුම් පැළදගෙන සිටියේ බෞද්ධයන්ගේද සිත් පාරවමිනි. බෞද්ධයකු බුදු කුටියකට ඇතුලු වන්නේ හිස් වැසුම්, පා වහන් ගලවා තබා අප්‍රමාණ සැදැහැයකිනි. 

එහෙත් සහජීවනයට මුවා වී බෞද්ධයාටත් බෞද්ධ සම්ප්‍රදායටත් අවමන් කරමින් ඇස් පනා පිටම බොදු හිස් මත පහරයි නම් ඒ වල්බූරු ආගමික සහජීවනයෙන් ඇති පලය කුමක්ද? ආගමික සහජීවනයේ අගය අපද නොදන්නවා නොවේ. 

එහෙත් වර්තමානයේ මාකට් කල හැකි ජනප්‍රිය මාතෘකාවක් වන "ආගමික සහජීවනය" නැමති වදනට මුවා වී බංකොලොත් දේසපාලුවන්ට තම ඡන්ද ගොඩ වැඩිකර ගැනීමටත් තමන්ගේ පටු අරමුණු ඉටු කර ගැනීමටත් අන්‍යාගමික අන්තවාදීන්ට බුදු සසුන කෙළෙසීමටත් ඉඩ දිය යුතුද? 

එක අතකට මේ පිටුපස සිටින්නේ රට තනකොල කන එළදෙනක් බැවින් මේවා මේ ලෙස සිදුවීමේ අරුමයක් නැත. අන්‍යගමික සම්බවයක් සහිත පබාව ( ඇයම මෙම ස්ථානයේදීම කියූ පරිදි ඇගේ හැම එකම රැක්කේ අන්‍යගමිකයන්ලු ) අන්‍යගමිකයන් සමග ලැගගෙන මොන නාඩගමක් නටාගත්තත් අපට කිසිම රුදාවක් නැත. 

එහෙත් අපේ ජාතියේ ආගමේ සංස්කෘතියේ හදවත මත මලපහ කරයි නම් අපට නිහඩව සිටිය නොහැකිය. අනිත් අතට සහජීවනේ වෙනුවෙන් පන්සලේ සාජ්ජ දාන මෙකී ‍චිංචිමානවිකාවන්ට සහජීවනය උදෙසා අන්‍යගමික ස්ථානයකදී බණක් කියවිය හැකිද. බණක් තබා මේ අම්මන්ඩිලාට අන්‍යගමික ස්ථානයක හතරමායිමේ වත් පස් පාගන්නට ඉඩ නොලැබෙනු ඇත. 

අඩු තරමේ තමන් හොද "අන්‍යගමිකයකු" යැයි කියාගන්නා මැයට වෙනත් අන්‍යගමික ස්ථානයකදී මේය කර ගත නොහැකි වුනාද? අප දන්නා තරමට නම් කතෝලික හෝ මුස්ලිම් පල්ලියකදී, හින්දු කෝවිලකදී තම ආගමික සම්ප්‍රධායන් කෙලෙසීමට කිසි සේත්ම ඉඩ දෙන්නේ නැත. 

කණගාටුව නම් මේය නින්දිත ක්‍රියාවල නිරත වන්නේ සහජීවනය වෙනුවෙන් තම පශ්චාත් භාගය වුවත් පුදන්නට බලා සිටින සිංහල බෞද්ධයින් යැයි කියාගත් අමනයින් හා ( බුද්ධ චීවරයට නිගා කරන ) ඉතාමත් අතලොස්සක් වූ චීවරධාරීන්ය. 

එවැන් හිමිවරුන්ගෙන් අප දැන්ම ඉල්ලා සිටින්නේ "හාමුදුරුවනේ ජාතිය ආගම පාවා නොදී සිවුර උනා තබා ගෙදර යන ලෙසයි" තම ජීවිතය පුදා ‍ජාතියත් ශාසනයත් රකින මහාසංඝරත්නයටත් නින්දා නොකරන ලෙසයි.


==================//==================

අප වෙත ලැබුණු තවත් ලිපියක් මෙසේ  පලකරනු ලබන්නේ හුදෙක් අපගේ වෙබ් අඩවියෙන් පල කරන්නේ ආගම් බේදයකින් හෝ ජාති බේදයකින්  තොරව බව කරුණාවෙන් සලකන්න.
 
Related Posts with Thumbnails