Ads 468x60px

.

පීටර් කෙනමන් පිළිරුවට අගෞරවයක් සිදුවනු ඇතැයි මිල්ටන්ගේ පිළිරුවට බාධා...

කෙනමන්ගේ පිළිරුව ඉවත් කර මිල්ටන්ගේ පිළිරුව පිහිටුවීමට යනවා කියූ ප‍්‍රකාශයේ කිසිදු සත්‍යතාවක් නැතිලු...

අභාවප‍්‍රාප්ත ගායන ශිල්පී මිල්ටන් මල්ලවආරච්චි මහතාගේ පිළිරුවක් මරදාන එල්ෆින්ස්ටන් රංග ශාලාව ඉදිරිපිට පිහිටුවීමට බාධා පැමිණ ඇතැයි වාර්තාවේ.

ඊට යාබදව පිහිටුවා ඇති ශී‍්‍ර ලංකාවේ විසූ කීර්තිමත් දේශපාලනඥයෙකුව සිට අභාවප්‍රප්තවූ පීටර් කෙනමන් මහතාගේ පිළිරුවට එයින් අගෞරවයක් සිදුවනු ඇතැයි පීටර් කෙනමන් පදනම විසින් කරනු ලැබ ඇති ප‍්‍රකාශයක් ඊට හේතුවී තිබේ.


පීටර් කෙනමන් මහතාගේ පිළිරුව ඉවත් කර මිල්ටන් මල්ලවආරච්චි මහතාගේ පිළිරුව පිහිටුවීමට යන බවට  'පීටර් කෙනමන් පදනම' ප‍්‍රකාශ කරයි.

එහෙත් එම ප‍්‍රකාශයේ කිසිදු සත්‍යතාවක් නැතැයිද, මිල්ටන් මල්ලව ආරච්චි මහතාගේ පිළිරුව ඉදිකෙරෙන්නේ දැනට හිස්ව පවතින භූමියක බවද,  ශී‍්‍ර ලංකා ගායක ගායිකා සංගමය පවසයි.

එහි සභාපති මධුමාධව අරවින්ද මහතා පැවසුවේ කලාකරුවෙකුගේ පිළිරුවක් අගෞරවයට හේතුවක් යැයි ඉඟි කරන ප‍්‍රකාශ තරයේ හෙළාදකින බවයි.

මිල්ටන් මල්ලවආරච්චි මහතාගේ පිළිරුවක් එල්ෆින්ස්ටන් රංග ශාලාව ඉදිරිපිට ඉදිකිරීමට සැලසුම් කෙරුණේ කොළඹ නගර සභාවේදී ඉදිරිපත් වූ යෝජනාවක් අනුව බවද , නියමිත පටිපාටිය එලෙසම අනුගමනය කළ බවද මධුමාධව අරවින්ද මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


 
Related Posts with Thumbnails