Ads 468x60px

.

පිනි වැස්සක් හි රූගත කිරීම් අතරතුර මැස්සෝ එළෙව්වාට උදයන්තිට පැසසුම්....

සැවොම තේ බී අහවර වනතුරු උදයන්ති මැස්සන් එලවීමේ ව්‍යාපාරයේ...

පිනි වැස්සක් හි රූගත කිරීම් අතර තුරේ තේ පැන් සංග්‍රහය සඳහා මද විරාමයක් ලැබුනා. පිරිස විශාල බැවින් ඒ සඳහා සකස්කොට තිබුණේ මිදුලේ මේසයක්ය. 

තේපානය පටන් ගත්තා පමණි කොහෙන්දෝ සිට පැමිණි මැස්සන් රෑනක් එහි අරක් ගත්තේය. ඔවුන් එලවීමේ වගකීම නිතරගයෙන්ම භාර ගත්තේ උදයන්ති කුලතුංගය. 

 
අපි සැවොම තේ බී අහවර වනතුරු උදයන්ති මැස්සන් එලවීමේ ව්‍යාපාරයේ යෙදී සිටියාය. සෙස්සෝ ඇයට ස්තුතිය පිරි නැමුවෝය.

මේ අතර රොබින් ප්‍රනාන්දුගේ නිදාසිටින දර්ශනයක් ඇක්ෂන් නොකියාම රොබින් නිදාගත් දර්ශනය රූගත කරන ලදී. පසුව රොබින් ප්‍රනාන්දු අවදිවී සහාය අධ්‍යක්ෂවරයාට පැනයක් යොමු කළේය.

පුතා මං අර නිදාගෙන ඉන්න සීන් එක ගත්තෙ නැහැ නේද?
අපි ඒක ෂූට්කළා රොබින් මහත්තයෝ.
කොයි වෙලාවෙද?
ඔයා ඇත්තටම නිදා ගෙන හිටපු වෙලාවෙ.
මොකක්...?
එදිනට පසු රොබින් ප්‍රනාන්දු ‘පිනි වැස්සක්’ දර්ශන තලයේ නිදා නොගත් බව පසුව ආරංචි විය.
 
Related Posts with Thumbnails