Ads 468x60px

.

හැරී කුමරු හෝටලයක කාන්තාවක සමග නිරුවතින්

හැරී කුමරු සිය රාජකීය නිරුවත දෑතින් වසා ගෙන...

නිරුවත් කාන්තාවක් සමග එකට සිටින ඡයාරුප දෙකක්...

එංගලන්ත රජ පවුලේ ඔටුන්න හිමි කුමාරයෙකු වන හැරී කුමරු හෝටල් කාමරයක් තුල කාන්තාවක සමග නිරුවතින් සිටින ඡයාරූප කිහිපයක් ඇමරිකානු වෙබ් අඩවියක් හරහා එලිදක්වා ඇත.

පසුගිය සිකුරාදා ඇමරිකාවේ ලාස් වේගාස් නුවර හෝටල් කාමරයක් තුලදී හැරී කුමරු සිය රාජකීය නිරුවත දෑතින් වසා ගෙන සහ නිරුවත් කාන්තාවක් සමග එකට සිටින ඡයාරුප දෙකක් ප‍්‍රකට ඇමරිකානු වෙබ් අඩවියක් වන TMZ හරහා ප‍්‍රසිද්ධියට පත් කරන ලද අතර එංගලන්තයේ ශාන්ත ජේම්ස් මාලිගයේ ප‍්‍රකාශකයෙක් විසින් එම ඡයාරූපයේ සිටින්නේ හැරී කුමරු බවට පිළිගෙන ඇතැයි බී බී සී වෙබ් අඩවිය පවසයි.

2005 වසරේදී සිය මිතුරෙකුගේ සාදයකට නාසි ලකුණ සහිත විකට ඇදුමකින් සැරසී පැමිණීම හේතුවෙන් හැරී කුමරුට එංගලන්ත ජනතාවගේ දැඩි විරෝධයට ලක් වන්නට සිදුවූ අතර 2009 වසරේදී තම හමුදා ඛන්ඩයේ සේවය කරන ආසියානු සෙබලෙකුට පරිභව කරන වීඩියෝවක් ප‍්‍රසිද්ධ වීම හේතුවෙන් ප‍්‍රසිද්ධියේ සමාව ගැනීමටද සිදුවිය.


එංගලන්ත රජ කිරුලේ වටිනාකම බිම හෙලමින් මෙම සති අන්තයේ වේගාස් හෝටලයේදි නලඟනන් සමඟ ප‍්‍රසිද්ධියේ නිරුවත් නර්තනයක නිරත වූ එංගලන්ත රජ පවුලේ හැරී කුමරු හෝටලයේ විශාල පරිසරයක ප‍්‍රභූ පැලැන්තියේ තම මිතුරන් සමඟ බිලියඩි කි‍්‍රිඩාවේ යෙදී සිටියදී මෙය සිදු කර ඇති බවද සදහන් ය. 

රැස්ව සිටි ප‍්‍රභූ පැලැන්තියේ අමුත්තන් ඉදිරිපිට තම රාජකීයත්වය සැනෙකින් නිරුවතට පරිවර්තනය කර ඇති හැරී කුමරුගේ මෙම උමතු කි‍්‍රයාව රැස්ව සිටි ඇතැමි පිරිස ඡයාරූපගත කර ඇති අතර එක් ඡයාරූපයක ඔහු නිරුවත් කාන්තාවක් පිටුපසින් සිටින අයුරුත් එවැනිම තවත් ඡයාරූපයක දෙනොම නිරුවතින් වැලදගෙන සිටින ආකාරයත් කැමරාවට හසු කර ගෙන ඇත.

මෙම සිදුවීම ලාස් වේගාස් හයිරෝලර්ස් හොටෙල් සුයිටි හි පසුගිය අඟහරුවාදා රාත‍්‍රියේ සිදුවී ඇති අතර මෙම ඡයාරූපයේ සිටින පුද්ගලයා හැරී කුමරුද ඔහු හා බොහෝ සමාන වෙනත් අයකුද යන වග හරියටම සනාථ වී නැති අතර හැරී කුමරු සඳුදා දින මෙම හෝටලයේ රැදී ඇති බවත් වාර්තා වි ඇත.

එමෙන්ම මෙම තොරතුරු පිලිබඳ අදහස් දක්වන රාජකීය පවුල පෙන්වා දෙන්නේ මේ පිලිබදව හරිහැටි යමක් තමන් හට පැවසීමට අපහසු බවයි. මෙම ඡයාරූප සැනෙකින් ලොව පුරාම ප‍්‍රසිද්ධ කර ඇති බවත් වාර්තා වන අතර හැරී කුමරු තම රාජකීය පවුලේ වටිනාකම ලොවට ප‍්‍රදර්ශනය කිරීම පිලිබඳ එංගලන්ත රැජිණ ආඩම්බර විය යුතු බවට මාධ්‍ය විසින් තව දුරටත් පෙන්වා දි ඇත.


 
Related Posts with Thumbnails