Ads 468x60px

.

විශ්ව විද්‍යාල වැහුණා, අපේ සටන සාර්ථකයි – නිර්මාල්

ප්‍රතිපල දැන් අපගේ ඇස පනා පිට...

රට පුරා පිහිටි විශ්ව විද්‍යාල වසා දැමීමට උසස් අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කිරීමෙන් පෙනී යන්නේ තම වෘත්තීය ක‍්‍රියාමාර්ගයේ සාර්ථකත්වය රජය පිළිගෙන ඇති බව යයි විශ්ව විද්‍යාල  අචාර්යවරුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි මහතා පවසයි. 

නමුත් මේ ක්‍රියාවලියට ඉගෙනීමට අවශ්‍යතාවක් තිබෙන විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් සහ ඔවුන්ගේ දෙමාපියන් දක්වන්නේ මිශ්‍ර වූ ප්‍රතිචාරය. දැනට බොහෝ කාලයක් පුරා ලංකාවේ විශ්ව විද්‍යාල වල වර්ජන සහ වැඩ නොකිරීමේ ප්‍රවනතාවක් තිබේ. ශිෂ්‍යයන් පන්ති වර්ජන කරති.  විශ්ව විද්‍යාල  අචාර්යවරු බහුතරය ඉගැන්වීම නිසි ආකාරව නොකරති. වැඩ වරති. මේ ක්‍රියාවලිය දැන් වසර 20 අධික කාලයක් පුරා වරින්වර සිදුවේ. 


මෙහි ප්‍රතිපල දැන් අපගේ ඇස පනා පිට ඇත. ලංකාවේ විශ්ව විද්‍යාල ගුණාත්මක භාවයෙන් අප්‍රිකාවේ අසාර්ථක රාජ්‍ය වල විශ්ව විද්‍යාලටත් වඩා පහල ගොස් තිබේ. දැන් අන්තර්ජාතිකව ශ්‍රී   ලාංකික  විශ්ව විද්‍යාල සහතික වලට කිසිදු තැනක් නැත. මේ  තිත්ත යථාර්තය අපගේ පාලකයන්, උසස් අධ්‍යාපන අමාත්‍යවරු , විශ්ව විද්‍යාල  අචාර්යවරු , ශිෂ්‍ය සංගම් විසින් ඇති කරන ලද්දකි.

 ශ්‍රී ලාංකික  විශ්ව විද්‍යාල අධ්‍යාපන ගුණාත්මක භාවය අතින් වල පල්ලට යන විට උසස්  අධ්‍යාපනය සඳහා වියදම් කල හැකි සිසුන් පිටරට ගුණාත්මක විශ්ව විද්‍යාල වලට ගොස් උපාධි ලබා මෙරටට පැමිණෙති. ඔවුන්ගේ උපාධි ලංකාවේ උපාධි වලට වඩා ගුණාත්මක භාවයෙන් ඉහල නිසා ඔවුන්ට රාජ්‍ය සහ පුද්ගලික අංශයේ විශාල ඉල්ලුමක් තිබේ.

පුද්ගලික අංශයේ විධායක නිලධාරීන්ගේ සාමාන්‍ය මතය නම්  ශ්‍රී   ලාංකික  විශ්ව විද්‍යාල වල ඉගෙනුම ලැබූ සිසුවා ආකල්පය අතින් සිටින්නේ බොහෝ පහලිනි. ඔවුන්ට ඉංග්‍රීසි වැනි විදේශීය භාෂා හැසිරවීම , පරිගණක තාක්ෂණය ගැන ඇති දැණුම මෙන්ම නායකත්වය ,පෞරුෂය අතින් විදෙස් උපාධි ලැබූවන් සමග තරඟයක් දීම අපහසුය. මේ කටුක තත්වය දේශීය විශ්ව විද්‍යාල වලට ඇති කර දුන්නේ නිදහස් අධ්‍යාපනයේ නාමයෙන් කියා  කියා මොරදිදී විශ්ව විද්‍යාල යාන්ත්‍රනය අඩපන කල අපගේ දේශප්‍රේමීන්ම  විසිනි.  

නට්සීන් ඕලන්දය ආක්‍රමණය කරන විට විශ්ව විද්‍යාල ප්‍රජාව එම ආක්‍රමණයට විරෝධතා  දක්වා විශ්ව විද්‍යාල වස දමා ගෙදර ගියේ නැත. ඔවුන් අපහසුතා මධ්‍යයේ උසස් අධ්‍යාපනය කරගෙන ගියහ. හිට්ලර් සෝවියට් දේශයට බෝම්බ දමා විනාශ කරන විට විශ්ව විද්‍යාල වැසුවේ නැත. ඔවුන් උසස් අධ්‍යාපනය ජාතියක අවශ්‍යතාවක් මෙන්ම එය ජාතියේ ජීවනාලිය බව දැන සිටියහ. 

නමුත් අපගේ විශ්ව විද්‍යාල ප්‍රජාව මුහුණත් සමග තරහට නාසය කපා ගත්තාසේ ද කෝකටත් තෛලය ලෙසටද ඕනෑම ප්‍රශ්නයකදී වැඩ පටන් ගන්නේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය කඩාකප්පල් කරමිනි.  එවැනි ජාතියක් උසස් අධ්‍යාපනය අතින් අප්‍රිකාවේ අසමත් රාජ්‍ය වලටත් වඩා පහලින් සිටීම ගැන පුදුම විය යුතු නැත.

අපට පෙනී යන පරිදි ලංකාවේ උසස් අධ්‍යාපනය නග්වාලිමට උසස් අධ්‍යාපන ඇමතිවරයාට හෝ  විශ්ව විද්‍යාල  අචාර්යවරුන්ට ද අවශ්‍යතාවක් නැත. මේ වන විට දක්ෂ ඉහල සුදුසුකම් ඇති විශ්ව විද්‍යාල  අචාර්යවරු ලංකාව හැර ගොසිනි. ඉතිරි වී ඇත්තේ කිසිම පිටරට විශ්ව විද්‍යාලයකට යා ගැනීමට නොහැකි වූ විකටයන් පිරිසකි. 

ඔවුන් මගින් ලංකාවේ උසස් අධ්‍යාපනය ඉහල මට්ටමකට ගෙන ඒම සිහිනයක් පමණි. ශ්‍රී   ලාංකික  විශ්ව විද්‍යාල විසින් අත්පත් කරගෙන තිබෙන මේ කාලකන්නි භාවය තව  වසර සියයකින්වත් වෙනස් වේද කියා සැක සහිතය. මුලික වරද තිබෙන්නේ අපගේම ආකල්ප වලය. අපගේ විශ්ව විද්‍යාල වල සිසුන්ගේ පටන් විශ්ව විද්‍යාල ආචාර්යවරු පරිපාලකයන් දක්වා පිරිස තුල මේ ආකල්පමය මුග්ධ භාවය තිබේ. එවැනි ජාතියකට උසස් අධ්‍යාපනයේ ඉනිමග තරණය කල හැකිද?

- දර්ශනී විමලසුරිය
 
Related Posts with Thumbnails