Ads 468x60px

.

අමාත්‍ය විමල් වීරවංශ මහතාට පපුවේ අමාරුවක් ගුවනින් කොළඹට...

වීරවංශ මහතා කොළඹ ජාතික රෝහලට ගෙන ඒමට ගුවන් හමුදා හෙලිකකොප්ටරයක්...

ජාතික නිදහස් පෙරමුනේ නායක, ඉදිකිරීම්, ඉංජිනේරුසේවා, නිවාස සහ පොදුපහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා හදිසියේ ඇතිවූ පපුවේ වේදනාවක් නිසා රෝහල් ගතකර තිබෙනවා.

කොළඹ සිට ත්‍රීකුණාමලය බලා ජන්ද ව්‍යාපාරයට සහභාගීවීමට යමින් සිටි අවස්ථාවේ ඇතිවූ මෙම පපුවේ අමාරුව නිසා ඔහු කුරුණෑගල රෝහලට ඇතුලත් කර තිබෙන්නේ අද උදෑසන 10.40 ට පමණය.



ඒ මහතාට හදිසියේ ඇතිවූ ක්ලාන්ත ගතියක් හේතුවෙන් කුරුණෑගල රෝහලකට ඇතුලත් කර ඇති අතර ඔහුගේ තත්වය බරපතල නොවන බව රෝහල් අරංචි මාර්ග පවසයි.

බොහෝ දුරට ඒ මහතා අද පස්වරුවේ රොහලින් නික්ම යනු ඇතැයිද එම අරංචි මාර්ග වැඩිදුරටත් කියයි.එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජයග‍්‍රහණය වෙනුවෙන් එහි ප‍්‍රධානතම කථිකයෙන් වන වීරවංශ මහතා මේ දිනවල එහි ප‍්‍රචාරක රැළි ගණනාවක් සඳහා රට පුරා යමින් අධීක වෙහෙසකර කාර්යයක නිරතව සිටී.

එසේම හදිසි අසනීප තත්වය හේතුවෙන් කුරුණැගල රෝහලේ ප‍්‍රතිකාර ලබන ඇමැති විමල් වීරවංශ මහතා කොළඹ ජාතික රෝහලට ගෙන ඒමට නියමිත බව වාර්තා වේ. ඒ සඳහා ගුවන් හමුදා හෙලිකකොප්ටරයක් යොදවා ඇත. ඇමතිවරයාගේ තත්වය සතුටුදායකය.
 
Related Posts with Thumbnails