Ads 468x60px

.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුලත් ලිංගික අපචාරය...

මෙම ලිංගික අපචාරය ක්‍රිකට් ආයතනයට කැලලක්ලු...

ක්‍රිකට් ආයතනයේ රහස්‍ය තොරතුරුත් පිටතට  ගිහින්ලු...

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුල ලිංගික අපචාරයක් සිදුවී ඇත්දැයි සොයා බැලීම සදහා එහි විනය කමිටුවට භාරදීමට විධායක කමිටුව තීරණය කර තිබේ. ක්‍රිකට් ආයතනයේ ලේකම්වරියක් සහ ප්‍රිමිය ලීග් කාර්යයාලයේ ඉන්දීය ජාතිකයකු අතර මෙම සිදුවීම සිදුවී ඇත.


මේ පිලිබදව සොයා බැලීම සදහා ක්‍රිකට් විධායක කමිටුව 18 වැනිදා උදෑසන විශේෂ රැස්වීමක් පැවැත්විය.මේ පිලිබදව සොයා බැලීම සදහා විනය කමිටුවට භාරදීමට එහිදී තීරණය කර ඇත.

තවද මේ සිදුවීම පිලිබද සවිස්තර වාර්තාවක් විධායක කමිටුවට ලබන 27 වැනිදාට පෙර ලබා දෙන ලෙසටද උපදෙස් ලබා දී ඇත.මෙම ලිංගික අපචාරය ක්‍රිකට් ආයතනයට කැලලක් බවත් එවැන්නක් සිදුවී ඇතැයි ඔප්පු වුවහොත් දැඩි දඩුවම් ලබා දෙන බවටත් විධායක කමිටුව ප්‍රකාශ කර ඇත.

එමෙන්ම මෙලෙස ලේකම්වරියන් සමග සම්බන්ධතා ගොඩ නගා ගැනීම තුලින් ක්‍රිකට් ආයතනයේ රහස්‍ය තොරතුරු පිටතට යන බවටද සැක මතුව තිබේ. ඒ පිලිබදව ඉදිරියේදී සැලකිලිමත් වීමට ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර ඇත.
 
Related Posts with Thumbnails