Ads 468x60px

.

ජනාධිපතිතුමාගේ හොඳම යාළුවා...

අරලිය ගහ මන්දිරයේ ප්‍රභූ ආරක්ෂක සේවයේ මුරට සිටි රාළහාමිලා පස් දෙනෙකු සහ එස් අයි කෙනෙක් මධ්‍යම රාත්‍රී ජාමයේ මුල්ලකට සෙට් වී කසු කුසුවෙන් කතාවේ යෙදුනහ.

ජනාධිපතිවරයා සහ පවුලේ අය මේ වෙලාවේ ගොරව ගොරවා නිදි නිසා  ප්‍රභූ ආරක්ෂක සේවයේ ඇත්තන්ට පොඩි විවේකයක් ලැබුණි. එක රාළහාමි කෙනෙක් මතට තිත  සමරන්න  අරලිය ගහ මන්දිරයේ පාටියකට ගෙන විත් තිබු බ්ලු ලේබල් කොටයක්ද මේසයක් යට තිබේ සොයාගත් නිසා කට්ටිය ටිකක් පදම් වී කතාව කරගෙන ගියෝය. ඔවුන් ගේ කතාවේ මාතෘකාව වුයේ ජනාධිපතිවරයාගේ හොඳම මිතුරා කවුද යන්නයි.



"මට හිතෙන්නේ ජනාධිපතිතුමාගේ හොඳම යාළුවා අගමැතිතුමා " තේනබදු රාළහාමි කිවේය.පිස්සු කතා කරන්න එපා ගම්පොල සීයා හොඳටම දැන් මැන්ටල් වෙලා කියලා හෙට අනිද්දා පෙන්සන් පාරක් දෙන්න ඕනේ කියලා ලොක්ක කියනවා මම අහගෙන " විතාරණ රාළහාමි පැවසුවේය. 

"මම නම් හිතන්නේ ජනාධිපතිතුමාගේ හොඳම යාළුවා විමල් වීරවංස ඇමතිතුමා " ජයතිස්ස රාළහාමි තම මතය එලියට දැමුවේය. ඒ සමගම අනෙක් කට්ටිය  කින්ඩි හිනාවක්  දැමුවෝය.

ජයතිස්ස බයිලා කියන්න එපා ලොක්කා වි මෝල් වංස තියාගෙන ඉන්නේ කඩේ යවන්න , පේන්නැද්ද අර ඇමරිකන් සන්නාම වර්ජනයක් ගැන කියවලා ජංගිය තෙමාගත්තා , ලොක්කා ඒ ගැන කියලා මේ ළඟදිත් ඩිලාන් ඇමතිතුමා එක්ක  හිනාවෙනවා මම දැක්කා" ප්‍රනාන්දු රාළහාමි   ජයතිස්සව බ්ලාස්ට් කළේය.

එහෙනම් තමුසේ කියනවකෝ ජනාධිපතිතුමාගේ හොඳම යාළුවා කව්ද කියලා ? තරහ ගිය   ජයතිස්ස  රාළහාමි  ප්‍රනාන්දුගෙන් ඇසුවේය. මම කියන්නේ ජනාධිපතිතුමාගේ හොඳම යාළුවා මයිත්‍රිපාල සිරිසේන , ප්‍රනාන්දු රාළහාමි තම අදහස කට්ටියට කිවේය. නමුත් කිසිවෙකු එක අනුමත කලේ නැත.

ඒක නම් වෙන්න බැහැ ජයතිස්ස රාළහාමි කියාගෙන ගියේය. මයිත්‍රිපාල සිරිසේන තමයි ලොක්කට සීතලට හරි ගේමක් දෙන්නේ ඒ නිසා ලොක්කා මයිත්‍රිපාල සිරිසේනට ඒ තරම් කැමති නැහැ."මගේ නම් අදහස ලොක්කගේ හොඳම යාළුවා මර්වින් සිල්වා  කියලා " අනිත් අයගේ කථා අසාගෙන සිටි  සිල්වා රාළහාමි කිවේය.

ඒ සමගම කට්ටිය  සිනාසුනහ. විතාරණ රාළහාමිට  උගුරට හලාගත් බ්ලු ලේබල් ටික ද පිට උගුරේ ගියේය.ජනාධිපතිතුමාට මර්වින් එක්ක මල පැනලා තියෙන්නේ මේ කප්පම් කේස් නිසා  විතාරණ රාළහාමි කහින ගමන් කිවේය. ඕකා ජාම බේරාගෙන ඉන්නේ  ලොක්කගේ  ගිරවාටත්  වැඳලා" 

ඉතින් එහෙනම් කවුද ජනාධිපතිතුමාගේ හොඳම යාළුවා  ඉවසන්න බැරි තැන සිල්වා රාළහාමි  ඇසුවේය. "අනේ මේ එස් අයි මහත්තයාවත් කියන්න , ඇත්තටම   කවුද ලොක්කගේ ලොකුම ගජයා"එස් අයි  මහත්තයා බ්ලු ලේබල් ටිකක් තොල කටේ ගාගෙන කට්ටිය දෙස බැලුවේය. 

ජනාධිපතිතුමාගේ හොඳම යාළුවා වෙන්නේ මේ ළඟ එන  මැතිවරණයේදී වැඩිපුරම චන්ද අරගෙන දෙන කෙනා එස් අයි  මහත්තයා කිවේය.ඉතින් කවුද ගහෙන් ගෙඩි එන්න වගේ ජනාධිපතිට වැඩිපුරම චන්ද අරගෙන දෙන්නේ ? එස්.බී  වත්ද ? ප්‍රනාන්දු රාළහාමි ඇසුවේය.

"රෙද්ද මොන  එස්.බී  ද ඕයි අර  වික්‍රමබාහුවා , මෑන් ඉන්දියාවට ගිහිල්ල කරුණානිධි හම්බ වෙලා දෙමළ ඊළාම් සහයෝගිතා සමුළුවේදි කියනවා ලංකාවේ  ඊළාම් රාජ්‍යක් ඇති කරන්න ඕනේ කියලා. ඒකට ලංකාවේ මිඩියා ෆුල් පබ්ලිසිටිය දෙනවා. එතකොට අපේ මිනිස්සු බයවෙලා මහින්දට චන්දෙ දෙනවා , මහින්ද තව පාරක් දිනනවා  ඉතින් වික්‍රමබාහු ලොක්කගේ හොඳම යාළුවා නෙවෙයිද ? " එස් අයි  මහත්තයා මෙසේ කියන ගමන් බ්ලු ලේබල් බෝතලය ඉවර කළේය.

- අමිල ගුණරත්න
 
Related Posts with Thumbnails