Ads 468x60px

.

කුඩු පැකට්‌ එකට ඇඟ විකුණු පාසල් දැරියක්...

වරදට පොළඹවා තියෙන්නේ ත්‍රී වීල් රියදුරෙක්...

අගනුවර ප්‍රධාන පෙළේ පාසලක 15 හැවිරිදි දැරියක් මත්ද්‍රව්‍ය ඇබ්බැහිවී මත්කුඩු පැකට්‌ මිලදී ගැනීම සදහා ගණිකාවක් බවට පත්වීමේ පුවතක් තලංගම ප්‍රදේශයෙන් වාර්තාවේ.

පොලිස් ආරංචිමාර්ග වලට අනුව, පියසෙනෙහස අහිමි වූ ඇය අත්තම්මාගේ රැකවරණය මැද තලංගම ප්‍රදේශයේ ජීවත්වී ඇත.ඉසුරු සොයා විදේශගතව සිටි ඇයගේ මව දරුවාගේ නඩත්තුව පිණිස සෑම මාසයකම රුපියල් 20,000 ක මුදලක්‌ අත්තම්මා වෙත එවීමට කටයුතු කළාය.

දැරියගේ පාසල් ගමන සිදුවූයේ කතිකා කරගත් ප්‍රදේශයේ ත්‍රිරෝද රථයකිනි. දිනපතා මෙසේ සිදුවූ පාසල් ගමන නිසා ත්‍රිරෝද රථයේ රියෑදුරු හා දැරිය අතර සමීප සබඳතාවයක්‌ ගොඩනැගිණි.

මත්කුඩු ලෝලියකු වූ ත්‍රිරෝද රථ රියෑදුරා මගින් ඇයද මත්කුඩු ලෝලියක වූවාය. පාසල් ගමන සඳහා නිවසින් ලැබුණු මුදල ප්‍රමාණවත් නොවූයෙන් ත්‍රිරෝද රථ රියෑදුරුගේ උපදෙස්‌ මත ඇය තීරණයකට එළැඹියාය.

ඒ අනුව මත්කුඩු පැකට්‌ එකක්‌ වෙනුවෙන් ඇයගේ සිරුර පූජාකිරීමට ඇය එකඟතාවය පළකර සිටියෙන් පසුව ඇය අතින් අතගිය තත්ත්වයට පත්වූවාය.මේ අතර විදේශගතව සිටි මව ලංකාවට පැමිණියෙන් මෙම සියලු කරුණු කාරණා මව හමුවේ අනාවරණය විය. සිද්ධිය පොලිසිය දක්‌වා දුරදිග ගියේය.

මේ අනුව පරීක්‌ෂණ පැවැත්වූ පොලිසිය බාලවයස්‌කාර දැරියක වරදට පොළඹවා ගැනීමේ චෝදනාව මත ත්‍රිරෝද රියෑදුරු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
 
Related Posts with Thumbnails