Ads 468x60px

.

පින්තුර කථාව - ජගත් විශ්ව විද්‍යාල අතර ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල

මේ ඇමරිකාවේ හාර්වඩ් විශ්ව විද්‍යාලයි. 2012 ජගත් විශ්වවිද්‍යාල ශ්‍රේනිගත කිරීම අනුව ලෝකය හොඳම විශ්වවිද්‍යාලය ලෙස තේරී තිබේ. උසස් විනයක් සහ විශිෂ්ඨ අධ්‍යාපන පාඨමාලා මේ විශ්ව විද්‍යාලයේ ඇත.




මේ දැක්වෙන්නේ ටෝකියෝ විශ්ව විද්‍යාලයයි. ජගත් විශ්වවිද්‍යාල ශ්‍රේනිගත කිරීම අනුව ලෝකය හොඳම විශ්වවිද්‍යාල අතරින් 26 වන ස්ථානය නියෝජනය කරයි. නවක වධ , පරිපාලන ගැටළු නිසා ඇතිවන වර්ජන ගර්ජන නැත. අධ්‍යාපන  උන්නතියට කැපවූ ආයතනයකි.



පහත දැක්වෙන්නේ ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයයි. ඉතා විශිෂ්ඨ උසස් අධ්‍යාපන ආයතනයකි. මෙහි අධ්‍යාපනය ලැබීමට ලෝකයේ   නන්  දෙසින්  සිසුන් විශාල පිරිසක් වාර්ෂිකව පැමිණෙති. සිසු විනය සහ හැසිරීම  ඉහල මට්ටමක තිබේ. මෙහි උපාධිධරයන්ට විශාල වශයෙන් රැකියා අවස්ථා තිබේ



මේ එංගලන්තයේ කෙන්ට් විශ්ව විශ්ව විද්‍යාලයයි. ඉතා හොඳ  පරිපාලනයක් තිබේ. අධ්‍යාපන පාඨමාලා උසස්ය, සිසුන්  මිත්‍රශීලිය ,



මේ දැක්වෙන්නේ කැනඩාවේ යෝර්ක් විශ්ව විද්‍යාලය වේ. පරියේෂණ සඳහා නම් දැරූ උසස් අධ්‍යාපන ආයතනයකි.




මේ මැලේසියාවේ Malaysia University of Science and Technology  වේ. මේ විශ්ව විද්‍යාලයේ නවක වධ , නිරුවත්කිරීම් කුණුහර්ප,  බෝඩ් ලෑලි ඔසවාගෙන යන වර්ජන විරෝධතා නැත. සිසුන්ද පරිපාලකයන්ද අධ්‍යාපන පිලිබඳ කටයුතු කරන දේශපාලකයන්ද රටට ආදරයක් ඇතිව , රටේ උන්නතියට උගතුන් බිහි කර ගැනීමට කැපවී සිටිති. කෙටි කාලයක් ඇතුලත ලෝකය හොඳම විශ්ව විද්‍යාල අතරට ඒමට මෙම විශ්ව විද්‍යාලයට සමත් වී තිබේ.





කොළඹ විශ්ව  විද්‍යාලයටත්  පසුව ආරම්භ කරන ලද Singapore Management University   වන මෙම විශ්ව විද්‍යාලය  සිංගප්පූරුවේ ඉහලින්ම  ඇති එක් උසස් අධ්‍යාපන ආයතනයකි. සිසුන්ගේ උසස් විනය , සරසවි ආචාර්යවරුන්ගේ කැපවීම, පරිපාලකයන්ගේ දුරදර්ශිභාවය වැනි කරුණු නිසා ජගත් විශ්ව විද්‍යාල අතර ඉදිරියට පැමිණීමට හැකි විය. 




ශ්‍රී ලංකික  විශ්ව විද්‍යාල :  ලිං  මැඩියන් නොවී දෑස් විවර කර ලෝකය දෙස බලමු. ලෝකයේ අනෙකුත්  විශ්ව විද්‍යාල  වලට සාපේක්ෂව අපගේ විශ්ව විද්‍යාල වල තත්වය කුමක්ද ?   තිත්ත ඇත්ත  නම්  ග්‍රී ලංකික විශ්ව විද්‍යාල වල ගුණාත්මකභාවය ඉතා පහලය. අධ්‍යාපන මට්ටමිනුත් , සංස්කෘතික මට්ටමිනුත්  ශිෂ්ඨ භාවයෙනුත්  අපගේ විශ්ව විද්‍යාල පහළටම ඇද  වැටී ඇති තිබේ.  ලෝකයේ මුල් පෙලේ විශ්ව විද්‍යාල 1500 අතරවත් අපගේ විශ්ව විද්‍යාල නැත. 2012 ජනවාරි ජගත්  විශ්ව විද්‍යාල   ශ්‍රේනිගතකිරීම් අනුව ශ්‍රී ලාංකික විශ්ව විද්‍යාල වල තත්වය පහත දැක්වේ. (උපුටා ගැනීමhttp://www.webometrics.info/top12000.asp Ranking Web of World Universities 2012 January )

Sri Lankan Universities (According to the World Rank)

    ·         University of Colombo                                  1447
    ·         University of Peradeniya                               1909
    ·         University of Moratuwa                                 2794
    ·         University of Sri Jayewardenepura                3078
    ·         University of Kelaniya                                   4434
    ·         Open University of Sri Lanka                         5012
    ·         University of Ruhuna                                      5071
    ·         University of Jaffna                                         7940
    ·         Sabaragamuwa University                               8627
    ·         Rajarata University                                          9145


අපගේ විශ්ව විද්‍යාල මේ තත්වයට පත් වුයේ මන්ද ? දේශපාලන කන්නාඩි ගලවා බලන්න


මේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පෑන් ගැසීම නම් අසික්ෂිත  නවක වදය නිසා රාමනාදන් ශාලාවේ උඩු මහලින් බිමට පැන රෝද පුටුවට ජිවිතය  සීමාවී පසුව දිවි නසාගත් රූපා රත්නසිලීය.මෙවැනි අමානුෂික ක්‍රියාවක් ලෝකයේ වෙනත් විශ්ව විද්‍යාල වලින් මෙතෙක් වාර්තා වී නැත.



පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ තවත් නවක වධ බිල්ලක් වූ වරප්‍රගාශ්. උසස් සංකෘතික මට්ටමක් ඇති රටක විශ්ව විද්‍යාලයක   රූපා රත්නසිලී/ වරප්‍රගාශ්  වැනි සිද්දීධීන්  සිදු වුයේ නම් විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයාද වග උත්තර කරුවෙකු වී අධිකරණයට කැඳවනු ලැබේ.  වදකයන්ට නීතියෙන් බේරී යාමට ඉඩක් නැත. නමුත් මේ වින්දිතයන්ගේ වධකයන් අද සමාජයේ යහතින් සිටිති. නීතිය ක්‍රියාත්මක වුයේ නැත



ශ්‍රී ලංකා සරසවි පද්ධතියේ නවතම ගොදුර - රුහුණු සරසවියේ වත්සලා කුමුදුනි ද සිල්වා




නවක වද , සිසු වර්ජන, පරිපාලන ගැටළු, දේශපාලකයන්ගේ ඔලමොට්ටලකම් වලින් පිරි තිබෙන ශ්‍රී ලංකික විශ්ව විද්‍යාල 

  

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වල බුද්ධිමය සංවාද නැත , බොහෝ සිසුන් තුල ඇත්තේ පොලු මුගුරු ගෙන  ඔලු පලා ගන්නා නියැඩතාල් මානවයන්ගේ හැසිරීම් රටාවයි. අධ්‍යාපනයට සම්බන්ධ  දේශපාලකයන් සංවාදශීලි නැත , නම්‍යශීලි නැත, ඔවුන්ට දර්ශනයක් නිසි ඉලක්කයක් නැත.  ඉහල සිට පහලට   මුග්ධ භාවය ගලායයි.






ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල උසස් මට්ටමකට ගෙන ඒමට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට සැබෑ උවමනාවක් තිබේද  ? එසේනම් මෙතෙක් ශ්‍රී ලංකික විශ්ව විද්‍යාල බරපතල ලෙස අධ්‍යාපනික වශයෙන් සහ සංස්කෘතික වශයෙන් ඇද වැටීම වැළකීමට නොහැකි වුයේ මන්ද ? අපගේ විශ්ව විද්‍යාලවල නෝම් චොම්ස්කි වැනි සැබෑ උගතුන් සිටීද ? පසුගිය වසර 10 ඇතුලත අන්තර්ජාතිකව ඇගයීමට ලක් වූ පරියේෂණ පත්‍රිකා  කීයක් මේ විශ්ව විද්‍යාල ආචාර්යවරු එළි දක්වා තිබේද?





ශ්‍රී ලාංකික විශ්ව විද්‍යාල ශිෂ්ඨාචාරයට ගෙන යාමට උත්සහ කල ඔවිටිගලගේ සමන්ත , ඔහුගේ සිහිනය අවසන් වුයේ හිස මතට හෙලු පරිගණක මොනිටරයෙනි. මෙවැනි අමානුෂික සිදුවීම් විය හැක්කේ ලංකාවේ හැර ලෝකයේ කවර සරසවියේද ? 




මේ මිනී මස් අනුභව කල ඉඩි අමින් කාලයක් පාලනය කල සාක්ෂරතාවයෙන් ඉතා පහල අප්‍රිකාවේ දුගී රාජ්‍යක් වන උගන්ඩාවේ මකිරෙරේ විශ්ව විද්‍යාලයි. ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව සියලුම ශ්‍රී ලංකික විශ්ව විද්‍යාල අභිභවා 1,177 ස්ථානයට පැමිණ තිබේ.





සාගතය නිසා ඇවිදින ඇටසැකිලි සිටි අප්‍රිකාවේ දිළිඳු රටක් වන ඉතියෝපියාවේ අඩිස් අබබබා විශ්ව විද්‍යාලය. 2012 ජගත් විශ්වවිද්‍යාල ශ්‍රේනිගත කිරීම අනුව ශ්‍රී ලංකාවේ සියලුම විශ්ව විද්‍යාල පරදවා 1,367 ස්ථානයට පත් වී තිබේ. 





ශ්‍රී ලංකික විශ්ව විද්‍යාල මේ මට්ටමට පත් වුයේ මන්ද ? අධ්‍යාපන ඇමති ඇතුළු පරිපාලකයන්ගේ වරදින්ද ? අධ්‍යාපනයට දල ජාතික නිෂ්පාදනයෙන්  6% වියදම් නොකළ නිසාද ? සරසවි  ආචාර්යවරුන්ගේ නොහැකියාව නිසාද ? දේශපාලන පක්ෂ වල අතකොළු වූ ශිෂ්‍ය සංගම් වල ක්‍රියාකාරකම් නිසාද ?  නැතහොත් ජාතියක් ලෙස අපගේ ඇති ආකල්පමය (attitudes) ඇති වරදක් නිසාද ? පිළිතුර ඔබ සතුය..... 

 
Related Posts with Thumbnails