Ads 468x60px

.

ගලේවෙල ඌරු කොටුවක්‌ නිසා මිනිසුන් පාරට බසී.

විරෝධතාව පැවැති අවස්‌ථාවේදී ඌරු කොටුවෙන් දැඩි දුගඳක්‌...

වාහන ධාවනය පැය දෙකක අඩාළයි.පොලිසිය ආවත් වැඩක් වෙලා නෑ...

ගලේවෙල බම්බාව ප්‍රදේශයේ පවත්වාගෙන යන ඌරු කොටුවකින් සිදුවන පරිසර දූෂණයට විරුද්ධව මාර්ගය අවහිර කරමින් ඊයේ 19දා දින ප්‍රදේශවාසීහු විරෝධතාවක නිරත වූනා. මේ නිසා ගලේවෙල මාතලේ මාර්ගයේ වාහන ධාවනය පැය දෙකක පමණ කාලයක්‌ තිස්‌සේ අඩාළ වී තිබුනා.

සිද්ධිය සැළවීමත් සමග පැමිණි ගලේවෙල පොලිස්‌ ස්‌ථානයේ පො. ප. ප්‍රියශාන්ත බණ්‌ඩාර මහතා විරෝධතාකරුවන් මාර්ගයෙන් ඉවත් කර ගමනාගමන කටයුතුවලට ඉඩ සලසාදීමට කළ උත්සාහයද අසාර්ථක
වූනා.


අනතුරුව එහි පැමිණි ගලේවෙල ප්‍රා. ස. සභාපති එල්. ඩී. ටොෂාන් රංගන නිමල් සිරි (එ. ජ. නි. ස) මහතා විරෝධතාකරුවන් සමග සාකච්ඡා කර විසඳුමකට ඒමට දැඩි උත්සාහයක්‌ ගත්තද එයද අසාර්ථක විය.


කෙසේ වෙතත් අවසානයේදී ලබන 27 දින පරිසර නිලධාරීන් ඇතුළු බලධාරීන් සමග සාකච්ඡා කර මේ සඳහා විසඳුමක්‌ ලබාදීමටත් එසේ නොවුවහොත් තමන්ද උද්ඝෝෂණයට සහභාගි වන බවට පොරොන්දුවක්‌ දීමෙන් අනතුරුව පිරිස සාමකාමීව විසිර ගියහ.

මේ අවස්‌ථාවට ප්‍රදේශවාසීහු දෙසීයයක්‌ (200) පමණ සහභාගී වූ අතර කුඩා ළමයින් පිරිසක්‌ද ඊට සහාය දීම විශේෂ සිද්ධියක්‌ විය. විරෝධතාව පැවැති අවස්‌ථාවේදී ඌරු කොටුවෙන් දැඩි දුගඳක්‌ හමන්නට පටන් ගෙන තිබීම ද විශේෂත්වයක්‌ විය.

මේ අවස්‌ථාවට මැදබැද්ද බෝධිමළු විහාරාධිපති පූජ්‍ය මොරගොල්ලේ පියදස්‌සී හා මහඔය නන්දිස්‌සර යන හිමිවරු ද සහභාගි වූහ.
 
Related Posts with Thumbnails