Ads 468x60px

.

ප‍්‍රංශ සඟරාවක් නබිතුමන්ගේ නිරුවත් කාටූන් පලකරලා

සඟරාව ප‍්‍රසිද්ධ කිරිමත් සමඟ එහි නිල වෙබි අඩවිය වසා දමලා...

තැති ගැන්වෙන්නන් තැති ගැන්විමට...

ඉස්ලාම් ජනතාවගෙන් පළිගැනීමේ අදහසින් කරන ලද අපහාසයක්ලු...

ප‍්‍රංශයේ සතිපතා පල වන සඟරාවක් විසින් මතහේදයට තුඩුදෙන පරිදි නබිතුමාව විකට රූපීව අඳින ලද කාටුනයක් පල කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

ඉස්ලාම් විරෝධි චිත‍්‍රපටයට විරුද්ධව නැඟී සිටි ඉස්ලාම් ජනතාව උපහාසයට ලක් කරමින් Charlie Hebdo නම් සඟරාවේ නබි නායක තුමාගේ විකට නිරුවත් කාටූන් නිරූපණය කරමින් ‘තැති ගැන්වෙන්නන් තැති ගැන්විමට’ යනුවෙන් පාඨයක්ද එක් කර ඇත. 

 
කාටූන් සඟරාවේ පසුපස පිටුවේ චිත‍්‍රපට අධ්‍යක්ෂකට තම පශ්චාත්භාගය පෙන්වමින් සිටින රූපයක් දක්වා ඇති බවත් මෙම වාර්තා වැඩි දුරටත් සඳහන් කරයි.

සඟරාව ප‍්‍රසිද්ධ කිරිමත් සමඟ එහි නිල වෙබි අඩවිය වසා දමා ඇති බවත් වාර්තා වේ. මෙය සඟරාව විසින් ඉස්ලාම් ජනතාවගෙන් පළිගැනීමේ අදහසින් කරන ලද අපහාසයක් ඉස්ලාම් සටන්කාමීන් විසින් පෙන්වා දී ඇත.

ලොව රටවල් කිහිපයක අමෙරිකානු හා යුරෝපීය තානාපති කාර්යාල වසා දැමිමට සමත් මෙම අර්බුදයේ පසුකාලීන බලපම් ලෙස මෙවැනි සිදුවීම් සිදුවිය හැකි බවට ඇතැම් පිරිස් පෙන්වා දෙයි. ප‍්‍රංශ විදේශ ඇමති ප‍්‍රකාශ කරනුයේ මෙම සඟරාවේ කාටූනයද ගැටළු වලට මුල පිරිමක් ලෙස ඇතැම් රටවල් මවා පෑමක් සිදු කල හැකි බවයි.

එමෙන්ම පසුගිය සතියේ නිකුත් වූ ඉස්ලාම් විරෝධි චිත‍්‍රපටයට ඇති වූ දැඩි උණුසම අතරතුර මෙවැනි විකට රූපී කාටුන් සඟරාවක් ප‍්‍රසිද්ධ කිරිම පිලිබඳව එතරම් කලබල විය යුතු නැති බවද ප‍්‍රංශ දේශපාලනඥයන් හා එරට ඇතැම් ආගමික නායකයන් මාධ්‍ය වෙත පෙන්වා දී ඇත.


 
Related Posts with Thumbnails