Ads 468x60px

.

සැණකෙළියයි මායාහි වින්දි කටකතා ගැන කතා කරයි.

ඒක එයාට තේරෙනකොට ඒකේ අමුතු තෘප්තියක් තියෙනවා...

ඒකෙ තියෙන්නේ වෙනම තෘප්තියක්....

මං පොඩි කාලේ වෙච්ච දෙයක්...

සිහින පුරය ටෙලිනාට්‍යයේ හිමාෂිගේ චරිතයට පණ පොව පුංචි තිරයේ රංගන ශිල්පිණියක ලෙස ප්‍රේක්ෂකයින් අතර වැඩි ජනප්‍රියත්වයක් හිමිකර ගත් ඇය කෙළිලොල් බවින් යුතු අපූරු යුවතියක වන සැණකෙළියයි මායා හි වින්දියි.ඇය නමින් ප්‍රතිභා හෙට්ටිආරච්චියි.


මේ ඇය රංගන ශිල්පීන්ට නිතර දෙවේලේ කටකතා හැදෙන හැටි කතා කල අයුරුයි.


රංගන ශිල්පිනියක්, ගුරුවරියක්, නිවේදිකාවක් ‍ලෙස කටයුතු කරන ඔයාගේ වෘත්තීය මොකක්ද?
පොඩි කාලේ ඉඳන්ම මං කැමැත්තෙන් හිටියේ ගුරුවරියක් වෙන්න. මං රංගනයට අකැමැතියි කියනවා නෙමෙයි. නමුත් ළමයෙක්ට දෙයක් උගන්නලා ඒක එයාට තේරෙනකොට ඒකේ අමුතු තෘප්තියක් තියෙනවා. රංගනයේ තියෙන්නේ වෙනම තෘප්තියක්. ඔය තුනෙන්ම ගත්තොත් ගුරු වෘත්තියට මං ගොඩක් ආසයි.

ඇයි එතකොට පුටුව යට ඉඳගෙන තාත්තාගේ රූපෙ බලන්න පුරුදු වුණේ පොඩි කා‍ලේ?
ඒ මං පොඩි කාලේ වෙච්ච දෙයක්. තාත්තාගේ දඩබිම ටෙලිනාට්‍ය විකාශය වෙනකොට. ඒකේ තාත්තා හරි විරූපියි. තාත්තා කළේ මන්ද බුද්ධික චරිතයක්. ඉතින් ඒක මම පුටුව යට ඉඳලා තමයි බැලුවේ සහ නාට්‍ය ඉවර වුණාම මම අනිවාර්යයෙන්ම අඬනවා තාත්තා කැතයි කියලා. ඉතින් ඒක තමයි ඔය කියන්නේ.

ඔයාගේ සහකරුවා වෙන්න ඕන මොන වගේ කෙනෙක්ද?
අනිවාර්යයෙන්ම මං හිතන්නේ මාව තේරුම් ගත්ත කෙනෙක් විය යුතුයි. කලාවට ආදරය කරන සහ කලාව පිළිබඳව පොඩි අවබෝධයක් තියෙන්න ඕන. උගත් කෙනෙක් විය යුතුයි.

හිතෙන විදිහට රංගන ශිල්පීන්ට නිතර දෙවේල් කටකතා හැදෙන්නේ ඇයි?
කටකතා කියන එක රංගන ශිල්පීන්ටම නෙමෙයි. මම රංගන ශිල්පිණියක් වගේම විශ්ව විද්‍යාලයක උගන්වනවා. ඉතින් මම මේ ක්ෂේත්‍ර දෙකේම ඉන්න නිසා කියන්නේ රංගන ශිල්පීන්ටම විතරක් නෙමෙයි. තමාගේ තියෙන හැසිරීම නිසා හෝ වෙනයම් අයගේ තියෙන එක එක ප්‍රශ්න නිසා බොරුවට කටකතා හදනවා. 


හැමෝටම ඔය දේවල් තිබුණත් මිනිස්සු රංගන ශිල්පීන් ගැන හොයන්න බලන්න උනන්දුව වැඩියි. ඒවත් එක්ක මේවා ගොඩක් පැතිරිලා යන එක වගේමයි තාක්ෂණයත් මේකට ගොඩක් ලොකු බලපෑමක් කරලා තියෙනවා කියලයි මට හිතෙන්නේ. 

ඉස්සරනම් කියනවා ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ කියලා. නමුත් තියෙන තාක්ෂණයත් එක්ක මිනිස්සුන්ට පුළුවන් වෙලා තියෙනවා ගින්නක් නැතුව දුම හදලා පෙන්නන්න.‍ ඉතින් ඒ හින්ද තමයි ඔය ප්‍රශ්නය එනවා ඇත්තේ.

සමහරු ඉන්නවා කටකතාවකින් හරි කමක් නැහැ ජනප්‍රිය වෙනවානම් කියලා හිතන. ඒ ගැන මොකද හිතෙන්නේ?
මමනම් එහෙම නෑ. මොන දෙයක් හරි කරලා ජනප්‍රිය වෙනවා කියන මතයේ මම නැහැ. ඇත්තටම හොඳ දෙයක් කරලා ජනප්‍රිය වෙන එක හරි. නමුත් කුමන දෙයක් හෝ කරලා ජනප්‍රිය වෙනවා කියන මතයේ මම නැහැ. අනික ඒවා හරිම තාවකාලිකයි.

රංගන ශිල්පිණියක විදිහට පෞද්ගලික තොරතුරු සමාජගත වීම සාමාන්‍ය දෙයක්. ඒ වගේ දෙයකින් ඔබට සිදුවුණු අකරතැබ්බයක තොරතුරු දැනගන්න කැමතියි.
මට එහෙම වෙලා නැහැ.
 
Related Posts with Thumbnails