Ads 468x60px

.

බිරිඳ හොරෙන්ම රට ගිහින් හය මසක්‌ වයසැති කිරි කැටියා පොලිසියට...

මම හම්බන්තොට රැකියාව කරනවා. ගෙදරට එන්නේ සතියකට වරක්‌...

මාගේ බිරිඳ හැඳ පැළඳ ගෙන හල්පිටියට යනවා කියා ගියා...

දරුවා හදාගන්න බැරි නිසා කළුතර ළමා කාර්යාංශයට බාරදෙන්න ආවා. 

මාස 6 ක්‌ වයසැති කිරිකැටි බිළිඳු පුතා නිවසේ දමා 22 හැවිරිදි මව ඉකුත් 16 වැනිදා සවුදි අරාබියේ රැකියාවකට ගොස්‌ ඇති නිසා සිය දරුවා රැකබලා ගැනීමට නොහැකි බව පවසමින් 25 හැවිරිදි පියා ඊයේ 19 වැනිදා සවස සිඟිති පුතා කළුතර කොට්‌ඨාස කාන්තා හා ළමා කාර්යාංශයට බාරදුන් සිද්ධියක්‌ කළුතර දකුණ පොලිසියේදී අසන්නට ලැබුනා.

බිරිඳ වසර කීපයකට පෙර සිට

විදේශගත වීමට සූදානම් වූවා. මං විදේශ ගමන් බලපත්‍රය අවලංගු කර දැම්මා. පසුව ඇය කෙසේ හෝ වෙනත් ගමන් බලපත්‍රයක්‌ සාදාගෙන හොරෙන්ම රට ගොස්‌ තිබෙනවා යෑයි යගිරල වලල්ලාවිට පදිංචි එච්. ඩබ්ලිව්. දිමිතු මධුසංක දරුවාගේ පියා පැවසුවා.

අප විවාහ වූයේ 2010 වසරේදීය. බිරිඳගේ නම මිහිරිකා රුවන්මාලි. අපට ඉන්නේ මේ පුතා පමණයි. පුතා ඉපදුනේ 2012 ජනවාරි 25 වැනිදා පුතාගේ නම හිත්රු ගනේෂන්.

මම හම්බන්තොට රැකියාව කරනවා. ගෙදරට එන්නේ සතියකට වරක්‌. ඉකුත් 15 වැනිදා තාත්තා කතා කර මාගේ බිරිඳ හැඳ පැළඳ ගෙන හල්පිටියට යනවා කියා ගිය බවත් ඇය ගෙදර ආවේ නැති බවත් චූටි පුතා කිරි නැතුව බඩගින්නේ අඬන බවත් මට පැවසුවා.

පසුදින බිරිඳ කටුනායක ගුවන් තොටුපළේ සිට මට කථාකර රට යන බව කීවා. මගේ දරුවාට පිටිකිරි බොන්න බැහැ. මවු කිරි තමයි බොන්නේ. දැන් දරුවා රැකබලා ගන්න බැහැ.

මම විදේශ සේවා කාර්යාංශයට ගියා. බිරිද රට යවන ලද ඒජන්සියටද කතා කරලා දැන්වූවා. දරුවා හදාගන්න බැරි නිසා කළුතර ළමා කාර්යාංශයට බාරදෙන්න ආවා.

මෙම දරුවා රැගෙන පියා පොලිසියට විත් කළුතර කාන්තා හා ළමා කාර්යාංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂිකා මල්කා තුෂාරි මහත්මියට භාරදුන් අතර ඇය මෙම සිද්ධිය කළුතර කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ලලිත් පතිනායක, සහකාර පොලිස්‌ අධිකාරි සංජීව බණ්‌ඩාර හා කළුතර මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක සමන්ත වෙදගේ යන මහත්වරුන්ට දැනුම් දී උපදෙස්‌ පැතුවාය.

දරුවාගේ මව විදේශ ගත කළ රැකියා ඒජන්සියට විරුද්ධව පියවර ගැනීමට පොලිසිය තීරණය කර ඇත.
 
Related Posts with Thumbnails