Ads 468x60px

.

මේ දිනවල කාංචනා මෙන්ඩිස් හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකුගේ නිවසකට වෙලාලු...

කාංචනා අදාල අමාත්‍යවරයාගේ කාමරයේ ත් පය ගණන් ඉන්නවලු...

ජනපි‍්‍රය සිනමා හා ටෙලි නිළි කාංචනා මෙන්ඩිස් මේදිනවල ගම්පහ දිස්ති‍්‍රක්කයේ හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකුගේ නිවසකට වී සිටින බව වාර්තා වේ.

කෙසේවුවද කාංචනා මෙසේ ගොස් සිටින්නේ අභාවප්‍රාප්ත වේදිකා නාට්‍ය (ටවර් හෝල්) සංගීත කලා ශිල්පී හිටපු අමාත්‍ය ලක්‍ෂමන් ජයකොඩි මහතාගේ නිවසේය.


ඇය සුදත් රෝහණගේ අලුත්ම ටෙලිය වන ‘ගිරිකුළ’ ටෙලියේ රූගත කිරීම් සඳහා එක්වීමට මෙසේ හිටපු අමාත්‍යවරයාගේ නිවසට ගොස් සිටී. සුදත්ගේ ටෙලියට අනුව මේ නිවස කාංචනාගේ නිවස ලෙස යොදාගෙන ඇති අතර මේ දිනවල එහි රූගත කිරීම් සිදුවන බවද වාර්තා විය.

ගිරිකුළ ටෙලියේ මුල් පෙළ රූගත කිරීම් පසුගිය කාලයේදී දින 110ක් පුරා ආණමඩුවේ නවගත්තේගම ප‍්‍රදේශයේදී සිදු කෙරුණු බවද පැවසේ. කාංචනා මෙහි ප‍්‍රධාන නිළියගේ භූමිකාවට පණ පොවන අතර නවරත්න ගමගේ මෙහි සංගීත අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කරනු ලබයි.ශාන්ති ධර්මසිරිගේ නවකතාවක් වන ගිරිකුළ සරත් ධර්ම සිරිගේ පිටපතක් අනුව ටෙලියට නැගේ.

මේ සඳහා කැමරාකරණයෙන් ධම්මික දිසානායක, සහය අධ්‍යක්ෂණයෙන් ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු සමග චමල් ප‍්‍රබෝධ රත්නායකත්, කලා අධ්‍යක්ෂණයෙන් ක‍්‍රිශාන්ත රත්නසිරිත්, අංග රචනයෙන් ගිහාන්  ඕවිටත් එක්ව සිටිති.‘ගිරිකුළ’ ෆාහිම් මව්ජුඞ් ගේ නිෂ්පාදනයකි.
 
Related Posts with Thumbnails