Ads 468x60px

.

ප‍්‍රවීන කලාකරුවන්ට සුධර්මාගේ කි‍්‍රයාකාරකම් හරියන්නේ නැතිලු...

තනියෙන්ම එන සුධර්මා තනියෙන්ම ඉඳ තනියෙන්ම යනවලු...

කළා කේෂ්ත‍්‍රයේ අවම අත් දැකීම්ඇති සිසුවිය වන්නේ සුධර්මාමලු...

ව්‍යාපාරිකාවක, ගඟ අද්දර හා භාර්යාවෝ ටෙලිනාට්‍ය  නිෂ්පාදිකා සුධර්මා නෙත්ති කුමාර අලුත් පාඨමාලාවක්  අධ්‍යනය කිරීම ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

සුධර්මා අලුතින් අධ්‍යනය කිරීම අරඹා ඇත්තේ රූපවාහිනී අභ්‍යාස ආයතනය මගින් පවත්වනු ලබන චිත‍්‍රපට අධ්‍යක්‍ෂණය පිළිබඳ පාඨමාලාවකි.

කෙසේවුවද එම පාධමාලාවට සම්බන්ධව සිටින සෙසු සිසු සිසුවියන් අතරින් කළා කේෂ්ත‍්‍රයේ අවම අත් දැකීම්ඇති සිසුවිය වන්නේ ඇය බවද පැවසේ.

මේ නිසා ඊට සම්බන්වී සිටින ඇතැම් ප‍්‍රවීන කලාකරුවන්ට සුධර්මාගේ කි‍්‍රයාකාරකම් නුරුස්සන

බවද පැවසේ.මේ පංතියට තනියෙන්ම එන සුධර්මා තනියෙන්ම ඉඳ තනියෙන්ම යන බවද වාර්තා වේ.

සුධර්මා ප්‍රකට ව්‍යාපාරික ගාමිණී නෙත්තිකුමාර මහතාගේ භාර්යාවය.
කිරිබත්ගොඩදී උපන්න සුදර්මා, පාසල් අධ්‍යාපනය ලබා ඇත්තේ  ශාන්ත අන්තෝනි බාලිකාවෙනි.කලාවට ඇති ලැදිකම නිසා ඇය, කුඩා කාලයේදී ප්‍රේමසිරි කේමදාස ශූරීන් යටතේ වයලීන් වාදනය හදාරා තිබේ.

එසේම වයස අවුරුදු 16 දී පමණ කේමදාස ශූරීන්ගේ බැලේ ප්‍රසංගයකටද දායක වී ඇත.ඉන්පසු විශාරද එඩ්වඩ් ජයකොඩි යටතේ සංගීතය හැදාරා ඇති ඈ, ගායනය සහ වාදනයට දක්ෂ බව පැවසේ.විවාහයෙන් පසුව කලාවෙන් ඈත්ව සිටි ඈ නැවත කරළියට පැමිණියේ සංගීතා වීරරත්න සහ ෂෙරීන් කුමාරණතුංග සමග එක්ව 'එස් 3' ආයතනය ආරම්භ කිරීමත් සමගය.

එම ආයතනය හරහා ප්‍රාසාංගික කලාවේ උන්තිය වෙනුවෙන් වූ ග්ලැමර් ඔෆ් ඒෂියා, රෑකාන්ත චන්ද්‍රලේඛා, නිරෝෂා විරාජිනීගේ  'ආදරය' වැනි ප්‍රසංග මෙන්ම ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරීස් මහත්මියගේ, ග්‍රන්ථ එළිදැක්වීමේ උළෙල, වැනි දේ සංවිධානයට ද දායක වූවාය.

ඇගේ ප්‍රධාන ඉලක්කය වන්නේ විශිෂ්ට ගණයේ චිත්‍රපටයක් නිර්මාණය කිරීම බවද පැවසේ.



 
Related Posts with Thumbnails