Ads 468x60px

.

ගලේබණ්‌ඩාර දෙවිඳුන් හෙවත් වන්නි කුමරුගේ සොහොනත් ඉවරයි...

අහල පහල නිවාස වල රාත්‍රී කාලයේ දිය රෙද්දක් හෝ එලියේ දමා තබාගැනීමට නොහැකි තත්වයක්...

රුණයන් කිහිප දෙනෙක් කුඩු වලට ඇබ්බැහි වෙලාලු...

කුරගල ඓතිහාසික ඇත්කඳ රජමහා විහාර පරිශ්‍රයේ පිහිටි පැරණිම ස්‌ථානයක්‌ වන සත්කෝරලයට අධිපති යෑයි එදා ජනප්‍රවාදයේ විශ්වාස කළ ගලේබණ්‌ඩාර දෙවිඳුන් හෙවත් වන්නි කුමරුගේ සොහොන යෑයි සැලකෙන ස්‌ථානය නිධන් සොරුන් විනාශ කර දැමීමේ පුවතක්‌ වාර්තා වෙනවා. කුරුණෑගල ඇතුගල පහළ පාරේ මෙම විහාරස්‌ථානය සමීපයේ කැලෑවට ලක්‌වී තිබෙන ස්‌ථානයක මෙම සොහොන් ගැබ පිහිටා තිබෙනවා.

ඇත්කඳ විහාරවාසී මහසෙන්ගම නන්ද හිමියන් විසින් කුරුණෑගල පොලිසියට කළ පැමිණිල්ලක්‌ දමා ඇති අතර විහාරාධිපති මහසෙන්ගම නන්ද හිමියන් පැවසුවේ
සත්කෝරලයට අධිපති බවට විශ්වාස කෙරෙන ගලේබණ්‌ඩාර දෙවියන් හෙවත් කුරුණෑගල රජ කළ වත්හිමි කුමරුන්ගේ සොහොන ලෙස සැළකෙන කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරය ආසන්නයේම පිහිටි ඉපැරණි මෙම සොහොන් ගැබ විනාශ කළ දිනය කෙදිනක දැයි කිව නොහැකි බවයි. 


මෙම සොහොන් ගැබ එම ස්‌ථානයේ අඩි 12 ක පමණ දිගට ගල්තලාවක යට පිහිටා තිබුණේ යෑයි විශ්වාස කරන අතර මෙහි ස්‌ථාන දෙකක්‌ සිදුරුකර කැණීම් කර තිබෙන බවට දැකගැනීමට හැකිවිය.


ඇත්කඳ රජ මහා විහාරයට යාබද පිහිටි ගලේබණ්ඩාර දේවාලයත්, ඇතාගලත් අතර පිහිටි කෑලෑබද ප්‍රදේශයේ මෙම සොහොන තිබී ඇත. ගලේබණ්ඩාර දේවාලය ඇත්කඳ රජමහා විහාරය සතුව තිබෙන අතර සොහොන පිහිටි ප්‍රදේශය රක්ෂිත වනයකි.

ඇත්කඳ රජමහා විහාරයේ හිමිනමක් විසින් පසුගියදා වයඹ පුරාවස්තු ආරක්ෂණ ඒකකයට පැමිණිලි කර ඇති නමුත් සොහොන හාරා තිබෙන්නේ කෙදිනදැයි හරියටම දන්නේ නැහැ. අඩි 12ක් පමණ වූ ගල් තලාවක් යට මෙම සොහොන ඇතැයි සැළකෙන අතර එහි ස්ථාන දෙකක් හාරා තිබෙන දැකගත හැකිය.

එම ස්ථානයේ තිබී හමුවූ ඉපැරණි චීන කාසි හා පොළොන්නරු යුගයට අයත් "මස්ස" හා "අඩ මස්ස" කාසි කිහිපයක් සහ මැටි වලං කැබළි කිහිපයක් ගලේබණ්ඩාර දේවාලයේ ආවතේවකරුවන් විසින් විහාරාධිපති හිමියන් වෙත ලබාදී තිබෙනවා.

කුරුණෑගල රාජධානියේ රජකම පිළිබඳ ආරවුලක් නිසා ඇතාගලින් පහලට වත්හිමි කුමාරයා වැටෙන්නට සැළැස්වූ අතර ඔහු බිමට වැටුණු ස්ථානයේ මෙම ගලේ බණ්ඩාර දේවාලය ඉදිකොට තිබෙනවා.

කෙසේවුවද වත්හිමි කුමාරයාගේ සොහොන බවට සැළකෙන තවත් ස්ථානයක් කුරුණෑගල කච්චේරියට යාබද කුරුණෑගල වත්හිමි පාරේ තිබෙන අතර නිධන් හාරා ඇති මෙම ස්ථානයේත් වත්හිමි කුමාරගාගේ සොහොනක් තිබෙන බව බොහෝ දෙනා දැන සිටියේ නැහැ.

දේවාලයේ ආවතේව කටයුතු කරගන යන්නේ එයට යාබදව පිහිටි නිවාස කිහිපයට අයත් උදවිය වන අතර එම පවුල් වල තරුණයන් කිහිප දෙනෙක් කුඩු වලට ඇබ්බැහි වී තිබීම නිසා පසුගිය කාලයේ අහල පහල නිවාස වල රාත්‍රී කාලයේ දිය රෙද්දක් හෝ එලියේ දමා තබාගැනීමට හැකිවී නැහැ.

මේ පිළිබඳ වීඩියෝව.
 
Related Posts with Thumbnails