Ads 468x60px

.

මේජර්වරයකුට හා ඔහු සමග සිටි සහායක නිලධාරියාට පහර දුන් මාලක සිල්වා පොලිසියේ...

මාලක සිල්වා වැනි අයෙක් සමග එක්වී මැර කම් කළා නම් ඒ දරුවන්ගේ නමට හානික්...

රොහාන් නැමැත්තා භාරති විජේරත්න පළමු විවාහයේ දරුවෙක්ලු...

පසුගියදා රාත්‍රි කොළඹ ජැයික් හිල්ටන් ගොඩනැගිල්ලේ සමාජ ශාලාවකදී යුද හමුදා බුද්ධි බළකායේ මේජර්වරයකුට හා ඔහු සමග සිටි සහායක නිලධාරියාට පහර දුන්,  ඇමැති මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා සහ තුර්කියේ ශ්‍රී ලංකා තානාපතිනි භාරති විජේරත්න මහත්මියගේ පුත්  රොහාන් විජයරත්න ඒ සම්බන්ධයෙන් කට උත්තරයක් ලබා දීමට අද පෙරවරුවේ කොළඹ නියෝජ්‍ය  පොල්සිපති කාර්යාලය වෙත ගොස් ඇතැයි වාර්තාවේ.

මේ අතර, අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුතා වන මාලක සිල්වා සහ රොහාන් විජයරත්න ඇතුළු පිරිසක්

මේජර්වරයකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණයක් පැවැත්වීම සඳහා යුද හමුදාපති නියෝග මත යුද හමුදා මූලික පරීක්ෂණ උසාවියක් පත්කොට තිබේ.

යුද හමුදාපතිවරයා විසින් ඊයේ එම තීරණය ගත බව වැඩබලන යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජී.රවිප්‍රිය මහතා පවසයි.මෙම පහරදීම සම්බන්ධයෙන් සැකකරෙන රොහාන් විජයරත්න නැමැත්තා හිටපු අමාත්‍ය මනෝ විජේරත්න මහතාගේ පුතකු බව මාධ්‍ය වල පළවුවද, එය අසත්‍යක් බව මනෝ විජේරත්න  මහතාගේ එකම සොයුරිය වන එන්. හුලංගමුව මහත්මිය සදහන් කර තිබේ.

හිටපු ඇමැති ආචාර්ය නිශ්ශංක විජේරත්න මහතාගේ පුත්‍රයෙකු වන හිටපු අමාත්‍ය මනෝ විජේරත්න මහතාට සිටියේ පුතුන් දෙදෙනකු පමණක් බවත්, සුබෝධන විජේරත්න සහ හසිත විජේරත්න එම දරු දෙදෙනා බවත් හුලංගමුව මහත්මිය පවසයි.

ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකාවේ දේශපාලනයට කිසිදු සම්බන්ධයක් නැති අතර පසුගිය වසර 18 ක් තිස්සේ විදේශ ගතව ජීවත් වන බවත් හසිත විජේරත්න මහතා එංගලන්තයේ හාට්ෆෝර්ඩ්ෂයර් සරසවියේ උපාධිධාරී වෛද්‍යවරයෙක් වන අතර ක්ලෝචෙස්ටර් රෝහලේ මේ වන විට සේවය කරන බවත්, සුබෝධන විජේරත්න මහතා එංගන්තයේ කීර්තිමත් සරසවියක් වන කේම්බි්‍රජ් සරසවියේ ගෞරව උපාධිධරයෙක් වන අතර මේ වන විට ජපානයේ සිය ආචාර්ය උපාධිය වෙනුවෙන් කටයුතු කරන බවත් හුලංගමුව මහත්මිය වැඩිදුරටත් දන්වා සිටී.

මාලක සිල්වා වැනි අයෙක් සමග එක්වී මැර කම් කළා යැයි ප්‍රවෘත්ති පළවීමෙන් එම දරුවන්ගේ නමට හානි සිදුවන බවද ඇය දන්වා සිටී.මේ සම්න්ධයෙන් වැඩිදුර සොයා බැලීමේදී අපවෙත වාර්තා වුයේ, රොහාන් විජයරත්න නැමැත්තා භාරති විජේරත්න මහත්මියගේ පළමු විවාහයේ දරුවකු බවයි.
 
Related Posts with Thumbnails