Ads 468x60px

.

මේධාලංකාර මහ නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව

ඊයේ දිනය ශෝක දිනයක්‌...

හත්දවසේ ධර්ම දේශනාව අද (04 දා) රාත්‍රි ශාසනවර්ධන පිරිවෙනේදී...

සම්බුදු සසුනේ චිරස්‌තිථිය උදෙසා ගෞරවනීය මෙහෙවරක්‌ ඉටු කළා වූ ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහනායක අතිපූජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාර මහ නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ඊයේ (3 දා) සවස මීරිගම ඩී. එස්‌. සේනානායක ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී දහස්‌ සංඛ්‍යාත ජනකායකගේ සෝ සුසුම් මැද පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදුකෙරිණි.


මහනාහිමියන්ගේ ආදාහනය සිදුකරන ඊයේ දිනය රජය මගින් ශෝක දිනයක්‌ ලෙස ප්‍රකාශයට පත්කර තිබිණි.

මහනාහිමියන්ගේ දේහය රැගත් ආදාහන පෙරහැර ඊයේ සවස 2.00 ට මීරිගම ශාසනවර්ධන පිරිවෙන් විහාරස්‌ථානයෙන් ඩී. එස්‌. සේනානායක ක්‍රීඩාංගණය බලා ගමන්ගත් අතර මාර්ගය දෙපස රැස්‌ව සිටි දහස්‌ ගණන් ජනතාව මහනාහිමියන්ගේ දේහය රැගත් රන්සිවිගෙයට මල් ඉසිමින් අවසන් ගෞරව දැක්‌වූහ.

උන්වහන්සේගේ ශ්‍රී දේහය රැගත් අවමංගල්‍ය පෙරහැර පස්‌වරු 3.00 ට පාසල් ක්‍රීඩාංගණයට පැමිණි අතර ඉන් පසුව අවමංගල උත්සවයේ වැඩ කටයුතු ආරම්භ විය.

රාමඤ්ඤ මහා නිකායේ වැඩබලන මහානායක අග්ගමහා පණ්‌ඩිත අතිපූජ්‍ය නාපාන පේමසිරි නාහිමියන් ගිහි පිරිස පංචශීලයෙහි පිහිටුවීම හා පාංශුකූලය පැවැත්වීම සිදුකරනු ලැබූහ. ඉන් අනතුරුව මහාචාර්ය අත්තංගනේ රතනපාල නාහිමියෝ පැවිදි අනුශාසනාවක්‌ සිදු කළහ.


ෙත්‍රෙනිකාය නියෝජනය කරමින් නායක හිමිවරුන් පැවිදි අනුශාසනා පවත්වනු ලැබූ අතර ජනාධිපති, අගමැති ශෝක පණිවුඩ නිකුත් කිරීමත් කථානායක චමල් රාජපක්‍ෂ මහතා ද මෙහිදී ගුණකථනයක්‌ සිදුකරනු ලැබීය.

මෙම අවමංගල්‍ය උත්සවයට ෙත්‍රෙනිකාය නියෝජනය කරමින් නාහිමිවරුන් ඇතුළු දෙදහසකට අධික මහා සංඝරත්නය වැඩම කරනු ලැබූ අතර දස දහස්‌ සංඛ්‍යාත ගිහි පිරිස්‌ ද ආදාහන පූජෝත්සවයට සහභාගි වූහ.

මහනාහිමියන් අපවත්වීමෙන් යෙදෙන හත්දවසේ ධර්ම දේශනාව අද (04 දා) රාත්‍රි ශාසනවර්ධන පිරිවෙනේදී සිදුකෙරෙන අතර පූජ්‍ය නාඋයනේ අරියධම්ම හිමියෝ එම ධර්ම දේශනාව පවත්වති.


 
Related Posts with Thumbnails