Ads 468x60px

.

දරුවන් තිදෙනාට බීමතින් පහරදී, බීඩියකින් ඔවුන්ගේ මුහුණු පිලිස්සු පියෙක්...

නංගිලා දෙදෙනා රැකබලා ගැනීමට වැඩිමල් පුතු විශාල වෙහෙසක්‌...

පියාගේ පහර කෑ දරුවෝ රෝහලේ...

සිය දරුවන් තිදෙනාට බීමතින් පහරදී, බීඩියකින් ඔවුන්ගේ මුහුණු පිලිස්සු පියකු, පොලිසිය විසින් දෙහිඅත්තකණ්‌ඩිය මහෙස්‌ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තියෙනවා.

දෙහිඅත්තකණ්‌ඩිය කුඩාගල මහවැලි ගම්මානයේ පදිංචි, මෙම දරුවන් තිදෙනාගේ
පියා වන එච්. එම්. ජී. ජයතිස්‌ස (35) නමැත්තා පලා ආ හමුදා සෙබළෙකි.

සජිත් උපේක (14), අචිනි මධුශිකා හේරත් (10) සහ සචිනි සිතාරා හේරත් (5) නමැති මේ දරුවන් තිදෙනා පෙරේදා (2 ) ප්‍රතිකාර සඳහා දෙහිඅත්තකණ්‌ඩිය මූලික රෝහලට ඇතුළත් කල බව එම දෙහිඅත්තකණ්‌ඩිය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි චන්දන වීරපාන මහතා පවසයි.

තම මව වන නන්දා සෝමාවතී වසර 2 1/2 කට පෙර විදේශගත වූ බවත් දිනපතාම බීමත්ව පැමිණෙන පියා තමන්ට සහ සොහොයුරියන්ට අමානුෂික ලෙස පහර දෙන බවත් ඉගෙන ගැනීමට පොත්පත් සහ මුදල් නොමැතිකම නිසා පාසල් යැමට නොහැකි වී සිටින බවත් 9 වසරේ ඉගෙනුම ලබන 14 හැවිරිදි වැඩිමල් පුතු පොලිසියට පවසා ඇත.

නංගිලා දෙදෙනා රැකබලා ගැනීමට තමාට විශාල වෙහෙසක්‌ ගැනීමට සිදුවී ඇති බවත් කිසිම දිනක සිය පියා ළඟට යැමට කැමැත්තක්‌ නොදක්‌වන බවත් ඔහු වැඩිදුරටත් කියා තිබේ.
 
Related Posts with Thumbnails