Ads 468x60px

.

උතුරෙ යුද්දෙ ඉවර වුනත්, කොලොන්නාවෙ කුඩු යුද්දෙ ඉවර නෑ - හිරුණිකා

ඒත් කවදද මේ පාතාල යුද්දෙ ඉවර වෙන්නෙ...

කුඩු යුද්දෙ ඉවර වෙන්නෙ...

කවද්ද මේ මැර දේශපාලන යුද්දෙ ඉවර වෙන්නෙ...

උතුරේ යුද්ධය අවසන් වුවද කොලොන්නාවෙ කුඩු යුද්ධය තවමක් පවතින බව හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවිය පවසයි. උතුරේ යුද්ධය අවසන් කලා සේ කුඩු යුද්ධයත්, පාතාල යුද්ධයක් අවසන් කර දෙන්නැයි තමන් ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලා සිටින බවත් ඇය පැවසුවේ ශ‍්‍රී ලංකා මහජන පක්‍ෂයේ උතුරු කොළඹ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

ඇය එහිදී මෙසේද කීවාය.


‘මට තියෙන කණගාටුව වෙන මොකුත් නෙමෙයි භීෂණ කාලෙදි ජීවිතේ බේරගෙන, කිහිප ගමනක් ජීවිතේ බේරගෙන අන්තිමේදී තමුන්ගෙ දහඩිය මහන්සියෙන් තමුන්ගේ ලේ වලින් හදාගත්තු පක්‍ෂය ඇතුලෙන්ම බිහිවෙච්චි මනුස්සයෙක් වෙච්චි මගෙ තාත්තට, අලූතින් කොහෙන්හරි ආපු, තමන්ගෙ වාසිය වෙනුවෙන් ආපු පුද්ගයෙක්ගෙ අතින් මැරුම් කන්න වෙච්චි එකයි කණගාටු.

මං අතිගුරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්න කැමතියි, ඔබතුමා යුද්දෙ නැතිකලා.. හැබැයි තාමත් කොලොන්නාවේ කුඩු යුද්දෙ තියෙනවා. තාමත් කොලොන්නාවෙ පාතාල යුද්දෙ තියෙනවා. තාමත් මේ රටේ පාතාල යුද්දෙ තියෙනවා. 

මගේ තාත්ත අද මිය ගියා. හෙට තවත් දියණියක්ගෙ තාත්ත කෙනෙක් මිය යයි. හැබැයි ඒ දියණියට අවස්ථාව ලැබෙන්නෙ නෑ මේ වගේ වේදිකාවකට ඇවිල්ල තමන්ගෙ දුක කියන්න.
යුද්දෙ ඉවරයි… ඒත් කවදද මේ පාතාල යුද්දෙ ඉවර වෙන්නෙ. කුඩු යුද්දෙ ඉවර වෙන්නෙ. කවද්ද මේ මැර දේශපාලන යුද්දෙ ඉවර වෙන්නෙ’
 
Related Posts with Thumbnails