Ads 468x60px

.

නිලියක් අනියම් පෙමට ලොල් වී මිනීමරන්න ගිහින්..

කාලයක්‌ ගතවෙලා හරි මම ඒ අරමුණ ඉටුකර ගන්නවාමයි.

පුෂ්පලාල් නම් ව්‍යාපාරිකයකුට රාත්‍රියේ පුද්ගලයෙකු යතුරුපැදියෙන් පැමිණ වෙඩි වරුසාවක් එල්ල කරලා...

ව්‍යාපාරිකයකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අධිකරණය හමුවට පමුණුවා සිටි ටෙලිනාට්‍ය නිළියක් රුපියල් පන්දහසක්‌ වූ මුදල් සහ රුපියල් ලක්‍ෂයක්‌ වටිනා ශරීර ඇප මත පසුගිය වසරේදී මුදා හැරියා.

පසුගියදා ඇයගේ නඩුව නැවත විභාග වූ අවස්ථාවේ සැකකාරියට විරුද්ධව ඇත්තේ දුරකථන ඇමතුමක් පමණක් හෙයින් ඇයගේ ඇප කොන්දේසි ලිහිල්කොට තිබෙනවා.

මෙසේ ඇප මත මුදාහරින ලැබුවේ "චරිතයකට පාට දෙන්න" ටෙලි නාට්‍යය තුලින් රංගනයට පිවිසි ටෙලි නාට්‍යය නිළියක වන දිනේෂා ශ්‍රීමාලි පෙරේරා ජයතුංය.

අප
වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි.


දිනේෂා විසින් මහරගම ජනතා මාවතේ පදිංචි චන්දන පුෂ්පලාල් නම් විවාහක තැනැත්තෙකු සමග සම්බන්ධයක් පවත්වා ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු විසින් ඇගේ නමට මාදිවල ප්‍රදේශයෙන් දෙමහල් නිවසක් මිලදීගෙන ඇත.


එය ලබා දීමට ප්‍රථම එහි අලුත්වැඩියා කටයුතු සිදුකිරීම සඳහා ඔහු සේවකයන් දෙදෙනෙක් සමග ගොස් එම නිවසේ සිට ඇත. එහිදී එක් දිනක් රාත්‍රියේ කිසියම් පුද්ගලයෙකු යතුරුපැදියෙන් පැමිණ යමක් විමසන මුවාවෙන් ඔහුව එම දෙමහල් නිවසේ ගේට්ටුව අසලට කැඳවාගෙන ඔහුට වෙඩි වරුසාවක් එල්ලකොට ඇත.නමුත් කිසිදු වෙඩි පහරක් ඔහුට වැදී තිබුනේ නැති අතර එම අනතුරෙන් ඔහු දිවි ගලවාගත්තේය.

පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ මෙම තැනැත්තිය ශාමල් ගුණරත්න නම් තැනැත්තෙකු සමගද පෙම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර ඇයගේ අනුදැනුම මත ශාමල් නම් පුද්ගලයා විසින් මෙසේ ඝාතන තැත ක්‍රියාත්මක කොට ඇති බවත්ය.


ශාමල් ගුණරත්න මේවනතෙක් අත්අඩංගුවට පත්වී නොමැත. මෙම සිදුවීමේ ඝාතන තැතෙන් දිවි බේරාගත් චන්දන පුෂ්පලාල් ගේ බිරිඳ හා දරුවන් ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින අතර ඇයගෙන් වෙන්වීම සඳහා දික්කසාද නඩුවක් ඔහු විසින් ගල්කිස්ස අධිකරණයට ගොනු කොට ඇත.

දිනේෂා විසින් පුවත්පතකට ලබාදුන් සකාච්චාවකදී පහත අදහස් දක්වා තිබුණි.

දිනේෂා ඔබ මොනවගේ චරිතයක්‌ද?
"මම මහපොළවෙ පය ගහල ජීවත් වෙන සරළ කාන්තාවක්‌. මම අභියෝග ජය ගන්න කැමති කෙනෙක්‌. ඒ වගේම මම යම් කිසි අරමුණක්‌ ඇති වුණොත් කාලයක්‌ ගතවෙලා හරි මම ඒ අරමුණ ඉටුකර ගන්නවාමයි.


මම ආදරයට සංවේදියි. ඒත් අද දවසේ මම නිදහසේ ගතකරන ජීවිතයට මම කැමතියි. ඉදිරි කාලයේ හැම දෙයක්‌ම තීරණය කරයි. මොකද එවැනි තීරණයක්‌ ගතයුත්තේ හොඳ අවබෝධයකින්. නිවැරදි තීරණයක්‌ නොගත්තොත් මුළු ජීවිතයම බිඳවැටෙනව. මම අද ආදරය කරන්නෙ කලාවට මම කලාවත් එක්‌ක අද දවස සතුටින් ඉන්නව".



 
Related Posts with Thumbnails