Ads 468x60px

.

බුද්ධගයාව ඇතුළු දඹදිව කිසිම සිද්ධස්ථානයකට කිසිම ත්‍රස්තවාදී අවදානමක් නෑ..

දුන් ප්‍රචාරය සම්පූර්ණයෙන් අසත්‍යක්...

ඉන්දීය මහාබෝධි සමාගමේ මහ ‍ලේකම්  පූජ්‍ය දොඩම්ගොඩරේවත නාහිමි කියයි...

බුද්ධගයාව ඇතුළු දඹදිව කිසිම සිද්ධස්ථානයකට කිසිදු ත්‍රස්තවාදී සංවිධානයකින් තර්ජනයක් නොමැති බව ඉන්දීය මහාබෝධි සමාගමේ මහ‍ලේකම් ආචාර්ය පූජ්‍ය දොඩම්ගොඩ රේවත නාහිමියෝ සඳහන් කරනවා

පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍යවල දඹදිව බුද්ධගයාවට අල්කයිඩා තර්ජන යන මාතෘකාව යටතේ දුන් ප්‍රචාරය සම්පූර්ණයෙන් අසත්‍ය බවද උන්වහන්සේ සඳහන් කරනවා.


බුද්ධගයාව ආශ්‍රිත මුස්ලිම් ගම් ප්‍රදේශයක එක තරුණයකු අල්කයිඩා සංවිධානයට සම්බන්ධ වී කටයුතු කරද්දී ඉන්දීය ආරක්ෂක අංශය මගින් එම තරුණයාව අත්අඩංගුවට ගෙන තිබෙනවා


එහිදී ගයා ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව කුපිත වේවි යන අදහසින් ගයා ප්‍රදේශයේ මෙන්ම බුද්ධගයාවේ එක දිනකට පමණක් ඉන්දීය රජය අතිරේක ‍පොලිස් බල යොදා තිබුණු බව සත්‍යයක් යැයි පවසන රේවත නාහිමියෝ බොරු ප්‍රචාරවලට නොරැවටෙන ලෙස ශ්‍රී ලංකා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
 
Related Posts with Thumbnails