Ads 468x60px

.

ඉතිහාසයේ පළමු වරට ගූගල් දත්ත මධ්‍යස්ථාන වල ඡායාරූප එලියට...

අතිශය රහස්‍ය දත්ත මධ්‍යස්ථාන වල වර්ණවත් ඡායාරූප පෙළක්...

ගූගල් යන නම කියූ සැනින් අන්තර්ජාලයේ සැරිසරන ඕනෑම කෙනෙකුට ඒ පිළිබඳව වැඩිදුර හැඳින්වීමක් අවශ්‍ය නොවේ.

ඇමෙරිකාවේ දැවැන්තම තාක්ෂණික සමාගමක් වන ගූගල් විසින් පසුගියදා අපූරු රූප පෙලක් අන්තර්ජාලයට මුදාහැර තිබුනා
. ඒ ඔවුන්ගේ අතිශය රහස්‍ය අංශයක් වන දත්ත මධ්‍යස්ථාන වල වර්ණවත් ඡායාරූප පෙළකි.

විවිධ දත්ත මධ්‍යස්ථාන, වර්ණවත් කේබල් හා පයිප්ප, වර්ණ සලකුණු යොදා ඇති දැවැන්ත සර්වර් පද්ධති, අතිවිශාල කර්මාන්තශාලා වල ගමන් කිරීම සඳහා සේවකයන්ට ලබාදී ඇති ගූගල් සමාගමේ වර්ණ ගැන්වුනු පාපැදි, සිසිලන පද්ධති, විනාශ කරන ලද අකී‍්‍රය වූ දෘඩ තැටි ආදිය මෙම ඡායාරූප වලින් දැක්වේ.


ගූගල් දත්ත මධ්‍යස්ථාන වල ඡායාරූප මෙලෙස නිකුත් කෙරුනේ එම සමාගම් ඉතිහාසයේ පළමු වරටයි. මීට අමතරව ලොවපුරා දැකිය හැකි ගූගල් ස්ටී‍්‍රට් විව් සේවාව මගින් ද ඇමෙරිකාවේ උතුරු කැරොලයිනා ප‍්‍රදේශයේ පිහිටි දත්ත මධ්‍යස්ථානයේ ඇතුලාන්තය දැක ගත හැකි බව ගූගල් සමාගම කියයි.

ඇමෙරිකාව, ෆින්ලන්තය හා බෙල්ජියම තුළ ගූගල් සමාගමට අයත් දත්ත මධ්‍යස්ථාන 08ක් පවතියි.ඊට අමතරව, හොංකොං, තායිවානය, සිංගප්පූරුව හා චිලී රාජ්‍යය යන රටවලද ඉදිරියේදී දත්ත මධ්‍යස්ථාන ඉදිකිරීමට ගූගල් සමාගම බලාපොරොත්තු වෙයි.


ගුගල් යනු ඔබ බොහෝ දෙනා අතර ජනප්‍රිය අන්තර්ජාලයේ ලොව පුරා මිලියන ගණනක් භාවිතා කරන අන්තර්ජාල සේවාවන් ලබාදෙන සමාගමකි. ගුගල් සෙවුම් යන්ත්‍රය, යු ටියුබ්, බ්ලොගර්, ගුගල් ප්ලස් ඔවුන්ගේ වඩාත් ජනප්‍රිය සේවාවන් වේ.

මෙම දත්ත මධ්‍යස්ථාන වලට ඉහල ආරක්ෂාවක් ලබාදී ඇති අතර එහි පිටත හෝ ඇතුලත මෙයට පෙර ජනතාව සඳහා විවෘත වී තිබුනේ නැහැ. නමුත් ස්ටීවන් ලෙවි විසින් Wired සඟරාවට ලියනු ලැබූ ලිපියකින් හා ගුගල් ස්ට්‍රීට් විව් තුලින් උතුරු කැරොලිනා හි දත්ත මධ්‍යස්ථානයෙහි ඇතුලත නැරඹීමට අවස්තාව හිමිවී තිබෙනවා.

ස්ටීවන් ලෙවි නම් මාධ්‍යවේදියා ගුගල් සමාගමේ විශ්වාසය දිනා මෙලෙස දත්ත මධ්‍යස්තාන පිලිබඳ ලිපියක් පල කිරීමට හැකිවී ඇත්තේ ගුගල් සමාගමේ විකාශය පිලිබඳ පසුගිය වසරේ පොතක් පළකිරීමත් සමගය.

වර්ග අඩි එක්ලක්ෂ පහළොස් දහසක පමණ පමණ ඉඩකඩක අසුරා ඇති සර්වර් ගූගල් සමාගමේ වර්ණවත් දත්ත මධ්‍යස්ථාන කොනී සූ නම් ඡායාරූප ශිල්පියාගේ කැමරා ඇසට හසුවූ අයුරු පහත දැක්වේ.






ගුගල් කලර් කෝඩ්ස් : පයිප්ප වල පැහැයෙන් එහි ගෙන යන දත්ත වර්ගකොට ඇත.


දත්ත
මධ්‍යස්ථාන කෙතරම් විශාලද කියහොත් එහි වටා යාමට සේවකයන්ට බයිසිකල් ලබාදී ඇත.


දත්ත මධ්‍යස්ථාන ආරක්ෂාවට යොදා ඇත්තේ රොබෝවෙක්?



සරවර් සිසිල් කිරීම සඳහා විශාල ප්‍රමාණයකින් යුතු කුලින් ෆෑන් ක්‍රියාත්මක වන අයුරු කොළ පැහැයෙන් දැක්වෙන්නේ සර්වර් හි ක්‍රියාකාරිත්වය (server status ) දක්වන එලිය  


සිසිලන
පද්ධතියක් ලෙස වතුර ක්‍රියාත්මක වන අතර විවිධ පැහැයෙන් යුතු බට මගින් සිසිල් වතුර ඇතුලටත් රත්වූ වතුර පිටතටත් ගෙන යාම සිදු කරනවා.


අයෝවා හි
 පිහිටා ඇති ගුගල් දත්ත මධ්‍යස්ථනයක් 



ස්ට්‍රීට් විව් තුලින් නැරඹිය හැකි අයුරු පහත විඩියෝවෙන් බලන්න 



ගුගල් ඉංජිනේරුවරයෙකු රත්වූ ප්‍රොසෙසරයක් පරික්ෂා කරන අයුරු.
 

Google's Douglas County data centre in Georgia is so large the firm provides Google branded bicycles for staff to get around on

Here hundreds of fans funnel hot air from the server racks into a cooling unit to be recirculated in Oklahoma. The green lights are the server status LEDs reflecting from the front of the servers

Even the water pipes reflect Google's brand: These colorful pipes are responsible for carrying water in and out of an Oregon data center. The blue pipes supply cold water and the red pipes return the warm water back to be cooled.

In Hamina, Finland, Google chose to renovate an old paper mill to take advantage of the building's infrastructure as well as its proximity to the Gulf of Finland's cooling waters.

Denise Harwood, a Google Engineer, diagnoses an overheated CPU. For more than a decade, Google has built some of the world's most efficient servers.

Each server rack has four switches, connected by a different coloured cable. Colours are kept the same throughout data centres so staff know which one to replace in case of failure.



 
Related Posts with Thumbnails