Ads 468x60px

.

පොළේ ගිය රනිල්ට ගැණුන්ගෙන් කුණු බැණුම්.

ඔබතුමා මේ පක්ෂය විනාශ කරමින් ආණ්ඩුවට කඩේ යනවා. 

තවත් අපිව රවට්ටන්න එපා...

රනිල් පැය බාගයකින් එම මාධ්‍ය මෙහෙයුමද නිමකර පිටව ගිහින්..

ඊයේ 18 පෙරවරුවේ නුගේගොඩ වෙළෙඳපොළ සංකීර්ණයට ගිය එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට වෙළෙඳුන් කෙරෙන් දැඩි විරෝධතාවක් පළවුණා.ආණ්ඩුවට විරුද්ධව පත්‍රිකාවක් බෙදීම සදහා ගිය අවස්ථාවේ ඔහුට වෙළදුන්ගේ විරෝධයට මුහුණ පෑවේ මෙසේයි.


“ඔබතුමා මේ පක්ෂය විනාශ කරමින් ආණ්ඩුවට කඩේ යනවා. තවත් අපිව රවට්ටන්න එපා” යැයි එක් වෙළෙඳ මහතෙක් පැවසූවේ වික්‍රමසිංහ මහතා දුන් පත්‍රිකාව ද ප්‍රතික්ෂේප කරමිනි. 

“පක්ෂයේ වැඩකාරයන් ටික එළවලා දමලා ඔබතුමා පක්ෂයට කරන මේ අපරාධය මොකද්දදැයි එක් වෙළෙඳ ව්‍යාපාරිකයෙක් ප්‍රශ්න කෙළේය.

වික්‍රමසිංහ මහතා වෙළෙඳසල් 50කට පමණ ගොස් පත්‍රිකා බෙදා හැර පසුව එහි වූ පඩිපෙළේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා පැය බාගයකින් එම මාධ්‍ය මෙහෙයුමද නිමකර පිටව ගොස් ඇත.

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉහළ යන ජීවන වියදම පහත හෙළන ලෙස රජයට බලකිරීම සඳහා එක්‌සත් ජාතික පක්‍ෂය මගින් දියත් කරන වැඩපිළිවෙළ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා නුගේගොඩ ජනතා පොළට ඊයේ (18 දා) පැමිණියා. 

අවස්ථාවේ ජනතාවට අත්පත්‍රිකා බෙදාදුන් අයුරු.
පසුව වෙළදුන් විරෝධය දැක්වූ අයුරු.

 
Related Posts with Thumbnails