Ads 468x60px

.

දරුණු ලෙස පිච්චුන තරුදී ජනාධිපති මාමාට ලියු ලියුම.

හිමිදිරි උදයේ පිපුණු ලස්‌සන රෝස කුසුමක්‌ වන් හත් හැවිරිදි කවීෂා තරුදි පුංචි දියණිය මේ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වූයේ පසුගිය වසරේ දෙසැම්බර් 20 වැනිදා ය.

නිවස ඉදිරිපිට මිදුලේ කොනක පිහිsටි තම පියාගේ ගරාජයට පැමිණි ඔහුගේ මිතුරෙකු භාජනයකට පෙට්‍රල් පුරවා ගෙන, ඔහුගේ වාහනයේ කොටසක්‌ පවිත්‍ර කරන්නට වූයේ පියාගේ වුවමනාවට නොව ඔහුගේ වුවමනාවටය. 

ඒ අතරේ නිවසේ දුරකථනය නාද වූයේ කවීෂාගේ සොයුරිය විශ්වවිද්‍යාලයේ සිට නිවසට පැමිණීමට මදක්‌ ප්‍රමාද වන බව දැන්වීමටය. වහා ක්‍රියාත්මක වූ කවීෂා තම පියා අක්‌කාව රැගෙන ඒමට යාවි යෑයි කලබල වූවාය. අක්‌කා පමා වන බව කියන්නට ඇය තාත්තා වෙත දුව ගියාය.

අම්මාගේ සාරියක්‌ ඇඟ දවටා ගනිමින්, පොත් මිටක්‌ තුරුළු කර ගෙන පුංචි කෝටුවක්‌ ද අතින් ගෙන බෝනික්‌කන් වට කරගෙන කවීෂා එතෙක්‌ සිටියේ නිවස ඇතුළේ ය. ඇය රඟපෑවේ පෙර පාසලේ ගුරුවරියගේ චරිතයයි. අක්‌කාගේ දුරකථන පණිවුඩයෙන් කවීෂා වහා චරිතයෙන් මිදී තාත්තා වෙත දිව ගියේ ඇඳ සිටි සාරිය ද ඇඟ වටේ පටලවා ගනිමිනි.

ඒ මොහොත වන විටත් තාත්තාගේ මිතුරා අත වූ පෙට්‍රල් බඳුනට ගිනි ඇවිලී තිබිණි. කොහේදො සිට හමා ආ සුළං පොදක එල්ලුණු ගිනි දැල් ගුලියක්‌ වේගයෙන් හඹා විත් පුංචි කවීෂාගේ සාරි පොටේ එල්ලී ඇය බදා වැළඳ ගත්තේ මහත් කුරිරු අන්දමිනි. පුංචිකමට ඇය ගිනි ජාලාව සමඟ පොර බැද්දේ ඇස්‌ දෙක ඇස්‌ පිහාටුවලින් දැඩි ලෙස තද කර ගනිමිනි. ඇයව ගින්නෙන් මුදා ගැනීමට හැකි වූයේ බොහෝ සෙයින් ගින්න ඇයට හානි කිරීමෙන් අනතුරුවය.

කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහලට ඇය ඇතුළත් කෙරුණේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තු රෝහල් වෛද්‍යවරුන්ගෙන් පවා උදුරා ගන්නා අයුරිනි. එහෙත් පුංචි කවීෂාව මාස දෙකහමාරකට පසු යළි ගොඩ ගැනීමටත්, ඇයට යළි ජීවිතය දීමටත් රෝහල් කාර්ය මණ්‌ඩලය උපරිමයෙන් ක්‍රියා කළ බව කවීෂාගේ මව වන ඩබ්ලිව්. ජී. නිලුකා මල්කාන්ති මහත්මිය පවසයි.

"දරුවාට සම්පූර්ණ සුවය දෙන්න පුළුවන් කියලා වෛද්‍යවරුන් කියන්නේ නැහැ. බලාගෙන ඉන්න බැරි නිසා අපි දරුවාව පසුගියදා ඉන්දියාවට අරගෙන ගියා. දුව හැම තිස්‌සෙම කියන්නේ එයාට ඉස්‌කෝලේ යන්න ඕනේ කියලා. ඉක්‌මනට අකුරු ලියන්න ඕනේ කියලා. අත සනීප කර ගන්න එයා ගොඩාක්‌ උනන්දු වුණා.

ඉන්දියාවේ රෝහලකින් කිව්වා ශල්‍යකර්ම 6 ක්‌ දුවට කරන්න ඕනේ කියලා. දරුවාව සම්පූර්ණයෙන් ම සනීප කරලා දෙන්න එහේ වෛද්‍යවරු පොරොන්දු වුණා. එක ශල්‍යකර්මයකට රුපියල් ලක්‍ෂ හතරහමාරක්‌ යනවා. ශල්‍යකර්ම හයට විතරක්‌ රුපියල් ලක්‍ෂ 30 ක්‌ යනවා. මාස හතක කාලයක්‌ ඉන්දියාවේ රෝහලේ නවතින්න ඕනේ. අපි බැගෑපත්ව ඉල්ලා සිටින්නේ ජනාධිපති අරමුදලින් අපේ දරුවාව සනීප කරගන්න උදව් කරන්න කියලායි."

ජාතියේ දූ පුතුන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපතිතුමනි, මේ ඔබේ දියණියකි. ඇයගේ අනාගතය ඇත්තේ ඔබේ අතේ බව සිහිපත් කරනුයේ ඉතාමත් කාරුණිකවය.

පසුගිය වසරේ රත්නපුර ෆ
ර්ගර්සන් උසස්‌ බාලිකා විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලැබු පුංචි කවීෂා තරුදි දියණියට යළි පාසල් යන්නට ඔබගේ දයාබර දැත් දිගු වනු ඇතැයි අපි විශ්වාස කරමු. පුංචි කවීෂාගේ ද එකම ඉල්ලීම එය වේ. පිළිස්‌සුණු, වෙව්ලන දැතින් ඇය දයාබර ජනාධිපති මාමා වෙත රෝහල් ඇඳ මත සිට ලියූ ලිපිය ද අපි මෙසේ පළ කරන්නෙමු.

කවීෂා නමින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් ආරම්භ කර ඇති ගිණුමට පුංචි මුදලක්‌ තැන්පත් කරන ලෙස ද පාඨකයන්ගෙන් කාරුණික ඉල්ලීමක්‌ කරමු. එය ඉතා උතුම් පිංකමක්‌ වනු ඇත.

පුවත්පත්වල අන්තර්ජාලයේ ඇය පිළිබඳ තොරතුරු පළවීමෙන් පසු ඒවා මුද්‍රණය කර, හොර සහතික ලෙස සකස්‌ කර, ෆ
යිල්වල දමා, හොර ටිකට්‌ අලෙවි කරමින් දුම්රියවල, බස්‌ රථවල මහමඟ පුංචි කවීෂා තරුදි නමින් මුදල් රැස්‌ කරන වංචාකරුවන්ට නොරැවටෙන ලෙස පාඨක ඔබගෙන් අපි කාරුණිකව ඉල්ලා සිටිමු.

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ රත්නපුර, ශාඛාවේ ඒ. කේ. කවීෂා තරුදි අර්සකුලසූරිය නමින් ඇති 100105077591 ගිණුමට පමණක්‌ මුදල් පරිත්‍යාග බැර කරන ලෙස වගකීමෙන් පවසමු.
කරුණාකර සංවේදී අය බැලීමෙන් වලකින්න.












 


FATHER     -    A.K.K JAYARATHNA                                
                        COLIN CRESENT                                       
                        NO 55
                        MUWAGAMA
                        RATNAPURA
TEL            -   0452230463/0710-707380

DAUGHTER             -          A.K. KAVISHA THARUDI ARSAKULASOORIYA
NSB RATNAPURA  -          10010-507759-1
 
Related Posts with Thumbnails