Ads 468x60px

.

ලංකාවේ බදු වැඩි නිසා වාහන සේල් හිමියන් මියන්මාරයට ගිහින් වාහන සේල් කරන්න යයි..

ලංකාවේ රජය 300%ක ඉතා ඉහල බදු ප්‍රතිශතයක් අයකරන නමුත් මියන්මාරය අය කරන්නේ 15%ක පමනයි...

ආනයනකරුවන් 30 දෙනෙකු පමන පසුගිය සැප්තැම්බර් මාසයේ මියන්මාරයට ගොස් මුලික කටයුතු ආරම්භ කරලා...

විදේශ රටවල පාවිච්චි කරන ලද වාහන ආනයනය කිරීමට මියන්මාර රජය විශේෂ සහන සලසා තිබෙන අතර එවැනි වාහන සඳහා තීරුබදු ප්‍රතිශතයද අඩු නිසා ලංකාවේ ප්‍රමුඛතම වාහන ආනයනකරුවන් පිරිසක් ලබන මාසයේ සිට මියන්මාරයේ තම වාහන වෙළඳාම් වල නිරතවීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ වාහන වෙළඳපොළ කඩා වැටී ඇති හෙයින් මියන්මාරයේ වාහන වෙළඳාම සඳහා නව වෙළඳපොළක් සකස් වෙමින් තිබෙන නිසාත් මෙම පියවර ගන්නා බවයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් කීර්ති ජයවර්ධන මහතා පවසන්නේ.

පාවිච්චි කරන ලද වාහන ලංකාවට ආනයනය කිරීමේදී ලංකාවේ රජය 300%ක පමණ ඉතා ඉහල බදු ප්‍රතිශතයක් අයකරන නමුත් මියන්මාරය අය කරන්නේ 15%ක පමණ ප්‍රතිශතයකි.



ලංකාවේ වාහන ආනයනකරුවන් 30 දෙනෙකු පමන පසුගිය සැප්තැම්බර් මාසයේ මියන්මාරයට ගොස් මුලික කටයුතු ආරම්භ කර තිබෙනවා.

මේ වනවිට ලංකාවේ පාවිච්චි කළ ආනයනික වාහන වෙළඳාම කඩාවැටී තිබෙන අතර බදු ඉහළ නැංවීමට පෙර එවැනි වාහන 3,500ක් පමණ ආනයනය කළ නමුත් බදු වැඩි කිරීමෙන් පසු ආනයනය කරනුයේ වාහන 100ක් පමණ බවයි ඔහු පවසන්නේ.

මේ පිළිබඳව අප විසින් කළ සොයා බැලීමකදී තහවුරු වුනේ මියන්මාරයේ වාහන ගෙන්වීම සඳහා තිබූ නීති රෙගුලාසි පසුගිය මැයි 7 වෙනිදා සිට ලිහිල් කර තිබෙන අතර මේ අනුව 2007 හෝ ඊට පෙර නිෂ්පාදනය කර ඇති වාහන සඳහා තිබූ බදු එතෙක් නොවූ විරූ ලෙස අඩු කර ඇති බවයි.

ඒ අනුව ජනප්‍රිය වාහනයක් කියාට් මිලියන 10කින් (ලංකාවේ රු. මිලියන 1.5කින්) පමණ අඩුවී තිබෙනවා.

2002 වසරේ නිෂ්පාදිත ටොයෝටා මාර්ක් II වාහනයක් කියාන් මිලියන 30කින්ද (ලංකාවේ රු. මිලියන 4.5කින්ද), 2007 ටොයෝටා මාර්ක් X කියාන් මිලියන 51කින්ද (ලංකාවේ රු. මිලියන 7.7කින්ද) අඩුවී තිබෙනවා

මියන්මාරයේ වෙළඳ අමාත්‍යවරයා විසින් බදු අඩුකීරීමට හේතුව ලෙස ප්‍රකාශ කර තිබෙන්නේ මියන්මාරයේ ජනතාවගෙන් මෝටර් රථයක් ඇත්තේ 0.007% නිසා මෙම තීරණය ගත් බවයි.

අසල්වැසි සමඟ සැසඳීමේදී තායිලන්තයේ මෝටර් රථයක් හිමි ප්‍රතිශතය 0.2%ක්ද, කාම්බෝජියාවේ 0.021%ක්ද, වියට්නාමයේ 0.014%ක්ද වේ.
 
Related Posts with Thumbnails