Ads 468x60px

.

මල්ලී අත්අඩංගුවට ගන්න කීවේ මමයි - මෛත්‍රිපාල සිරිසේන කියයි

මම කිව්වේ නැත්තම් නම් අදටත් සහෝදරයා අත්අඩංගුවට ගන්නේ නෑ

ඕනෑම පවුලක හොඳ මිනිසුන් මෙන්ම නරක මිනිසුන්ද ඉන්න පුළුවන්...

පොළොන්නරුව වනජීවී කාර්යාල නිලධාරීන්ට පහරදීමේ සිද්ධියට අදාළව තම සහෝදරයා වහාම අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවන ලෙස අදාළ ආරක්‍ෂක අංශ නිලධාරීන්ට උපදෙස්‌ දුන්නේ තමා බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

ඇමැතිවරයා එසේ පැවසුවේ ඊයේ 19 වැනිදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති අමාත්‍ය මණ්‌ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වෙමි
න්.

තමා උපදෙස්‌ නොදුන්නා නම් අදටත්

සිය සහෝදරයා අත්අඩංගුවට නොගෙන සිටීමට ඉඩ තිබූ බවද මෙහිදී ඇමැතිවරයා කියනවා. ඕනෑම පවුලක හොඳ මිනිසුන් මෙන්ම නරක පුද්ගලයන් ද සිටිය හැකි බව පැවසූ ඇමැතිවරයා ලෝකයේ බලවත් පුද්ගලයකු වන ඇමරිකානු ජනාධිපති බැරැක්‌ ඔබාමාගේ සහෝදරයකු දුගී පැලක අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ ජීවිතයක්‌ ගත කරන බව ද සඳහන් කළා.

තව දුරටත් අමාත්‍යවරයා පැවසුවේ  අමාත්‍යවරයාගේ සහෝදරයෙකු වන ප්‍රියන්ත සිරිසේන මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඔහු පැවසුවේ වැරදි සහගත ක්‍රියාවල නිරත වන ඕනෑම පුද්ගලයෙකුට එරෙහිව නීතිය සාධාරණව ක්‍රියාත්මක විය යුතු බවයි.

තම සහෝදරයාට වුව ද නීතිය සාධරණව ක්‍රියාත්මක විය යුතු බව හෙතෙම කීවේය.

මෛත‍්‍රීපාල සිරිසේ මහතාගේ සොහොයුරු ප්‍රියන්ත සිරිසේන මහතා පසුගියදා අත්අඩංගුවට ගත්තේ වන ජීවි නිලධාරියෙකුට පහරදීම සම්බන්ධයෙනි. ඔහු මේ වන විට රිමාන්ඞ් භාරයේ පසුවේ.

 මෛත්‍රිපාල සිරිසේනගේ සොහොයුරා රිමාන්ඩ්...
 
Related Posts with Thumbnails