Ads 468x60px

.

අලුතින්ම කලාවට පූට්ටු වූ අක්ක නගෝ දෙන්නා...

ගෙදරට කියන්නේ වත්සලාට ලොක්කී නැත්නම් චුක්කී කියලා...

බුවනිට කියන්නේ පොඩ්ඩී නැත්නම් චබී කියලා...

අක්කලා නිසා නංගිලා කලාවටත්, නංගිලා නිසා අක්කලා කලාවටත් පැමිණීම මෙරට කලා ක්ෂේත‍්‍රයට අලුත් දෙයක් නොවේ.

මේ පාර ඔස්සේ අලුතින්ම කලාවට පූට්ටුවූ අක්ක නගෝ දෙන්නා දියලගොඩ පතිරනලැහැගේ වත්සලා කුමාරි දියලගොඩ හා දියලගොඩ පතිරනලැහැගේ බුවිනි චාපා කුමාරි දියලගොඩය.


වත්සලා පසුගිය දිනවල ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ ශාන්ත සොයිසා අධ්‍යක්ෂණය කළ ‘අමා’ ටෙලියේ බිනුරි ලෙස ජනාදරයට පත් වුනා. එසේම ඇය සනත් ධර්මසිරිගේ ‘ගිනි මැද සක්මන්’ටෙලියේ ද චරිතයක් සඳහා පණ පොවා තිබෙනවා.

කෙසේවවුද ඇගේ නැගනිය වන බුවිනි ද මිල්ලෑව වලව්වේ මෙන්ම තවත් ටෙලි කිහිපයකටද දායක වී ඇතැයි වාර්තා වේ.බුවිනි මුලින්ම කලාවට සම්බන්ධ වූයේ නිවේදිකාවක් ලෙසය.

ඇය සියත නාලිකාවේ විකාශය වූ සිත්මල් හැන්දෑව හා තරු වියන යන වැඩසටහන් ඉදිරිපත් කර තිබේ.

කෙසේවවුද ගෙදරදී වත්සලාව ලොක්කී නැත්නම් චුක්කී ලෙසත්, බුවනිව පොඩ්ඩී නැත්නම් චබී ලෙසත් හඳුන්වන බවත් පැවසේ.
 
Related Posts with Thumbnails