Ads 468x60px

.

උපේක්‍ෂාට පැනවූ වරෙන්තුව අවලංගු කරලා...

පරක්කු වෙලා හරි ආපු නිසා වරෙන්තුව අවලංගු කරන්න පුළුවන් වෙලා...

අධිකරණය මගින් වරෙන්තු ලැබූ ගම්පහ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්ත මන්ත්‍රිනී හා ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළි උපේක්‍ෂා ස්‌වර්ණමාලි සහ ඇගේ සැමියා වන මහේෂ් චාමින්ද යන 

දෙදෙනා මෝසමක්‌ මගින් ඊයේ 12 දා නුගේගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීම හේතුවෙන් අදාළ වරෙන්තුව අවලංගු කර තිබෙනවා.

දෙපාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දැක්‌වූ කරුණු සැලකිල්ලට ගත් මහෙස්‌ත්‍රාත්වරයා එම නිකුත් කර තිබූ වරෙන්තුව අවලංගු කිරීමට එසේ නියම
කර තිබෙනවා.


2010 පෙබරවාරි මස දහසය වැනිදා හෝ ඊට ආසන්න දිනකදී උඩහමුල්ල ප්‍රදේශයේ නිවසකදී ස්‌වර්ණමාලි මහත්මියට පහර දී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් ඇගේ සැමියා වන මහේෂ් චාමින්ද නමැත්තාට එරෙහිව මෙම නඩුව විභාගයට ගනිමින්
තිබුනා.

පැමිණිලිකාර උපේක්‍ෂා මහත්මිය වෙනුවෙන් නීතිඥ ජනක ඩයස්‌ මහතා ද විත්තිකාර මහේෂ් චාමින්ද වෙනුවෙන් නීතිඥ විදුර පී. මංචනායක මහතා ද පෙනී සිටි
යා.මෙම නඩුව නැවත 2013 ජුලි මස 05 වැනිදා විභාගයට ගැනීමට නියම  වුනා.

==========//==========

නඩුවට පැමිණියේ නැතැයි පබාට වරෙන්තු...
 

ටික වේලාවකට පසු නඩුවට ඇවිත්...
ඒත් නඩුව නැවත විභාගයට අරන් නෑ...

ගම්පහ දිස්ත්‍රික් පර්ලිමේන්තු මන්ත්‍රීනී උපේක්‍ෂා ස්වර්ණමාලි (පබා) මහත්මියට වරෙන්තු නිකුත් කර ඇතැයි වාර්තා වෙනවා.

නුගේගොඩ මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු අජිත් එම්. මාසිංහ මහතා විසින් ඊයේ 11 දින
මෙම නියෝගය සිදුකර තිබෙනවා.

තමාට පහරදී තුවාල සිදුකරන ලදැයි ඇගේ සැමියාට එරෙහිව පැවැරුණු නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදී පැමිණිලිකාර ස්වර්ණමාලි මහත්මිය හා ඇගේ සැමියා වන මහේෂ් චමින්ද මහතා පැමිණ නොසිටි අතර එහිදී මහෙස්ත්‍රාත්වරයා දෙදෙනාටම වරෙන්තු නිකුත් කර තිබෙනවා.

අදාළ නඩුව සමථයකට පත්කර ගන්නවාද එසේ නොමැති නම් විභාගයට ගන්නවාද යන්න පිළිබඳ එම දෙපාර්ශ්වයේ නීතිඥවරු විසින් ඊයේ දිනයේදී අධිකරණයට කරුණු දැක්වීමට නියමිතව තිබී ඇති බවද පැවසෙනවා.

කෙසේ වුවද නඩුව කැඳවූ අවස්ථාවේ අධිකරණයේ පෙනී නොසිටි මෙම දෙදෙනාම ඊට  ටික වේලාවකට පසු අධිරණයට පැමිණියද නැවත නඩුව විභාගයට ගෙන නැති බවද වාර්තා වෙනවා.
 
Related Posts with Thumbnails