Ads 468x60px

.

තිරියායේ නංගී මරා අක්කාට අතවර කලේ මෙහෙමයි.

දැරියන් දෙදෙනා කැලයට ඇදගෙන ගොස්‌ අපරාධය සිදු කරලා...

දූෂණය කළ දැරියගේ දැත් දෙපා තියුණු ලෙස කපා මුහුණට දරුණු ලෙස පහර දීලා...

ත්‍රීකුණාමලය තිරියාය ප්‍රදේශයේ  නිවසක සිටි බාලවයස්‌කාර දැරියන් දෙදෙනකු දහවල් නිවස අසළ ඇති කැලයකට බලහත් කාරයෙන් රැගෙන ගිය පුද්ගලයකු එක්‌ දැරියක අමානුෂික ලෙස කපා කොටා ඝාතනය කර අනෙක්‌  දැරියගේ දැස්‌ සහ මුව බැඳ අතවර කිරීමෙන් පසු කපා කොටා බරපතල තුවාල සිදු කර පසුව වස පානය කර සිය දිවි නසාගෙන තිබෙනවා.

මෙසේ ඝාතනයට ලක්‌ව ඇත්තේ එකම පවුලේ සොයුරියන් දෙදෙනකු අතරින් බාල සොයුරිය වූ අට හැවිරිදි පී. නිලෙක්‍ෂා නමැති දැරියයි. ඇගේ වැඩිමහල් සොයුරිය වන එකොළොස්‌ හැවිරිදි පී. දිව්‍යා නමැති දැරියව දූෂණයට ලක්‌ කර තිබෙනවා.

තුවාල ලැබූ දැරිය මේ වන විට ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර ඇති අතර ඇය අපරාධකරු තමන්ට සිදු කළ අතවරය පිළිබඳ පොලිසියට ප්‍රකාශයක්‌ද ලබා දී තිබෙනවා.

මෙම අපරාධය සිදු කිර ඇත්තේ එම දැරියන් දෙදෙනා ජීවත් වූ නිවස ආසන්නයේම පදිංචිව සිටි සතිස්‌ ආනන්දන් නමැති 60 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය සඳහන් කරනවා.


සිද්ධිය මෙසේයි...



මීට දින කිහිපයකට ඉහත මෙම දැරියන් දෙදෙනාගේ මව රැකියාවක්‌ සඳහා විදේශගත වී ඇත. සිද්ධිය වූ දිනයේ 13 හැවිදිරි පී. සුදාන් නමැති දැරියන්ගේ වැඩිමහල් සොයුරා දැරියන් දෙදෙනාට දහවල් ආහාර සකස්‌ කර දී කුඹුරේ වැඩ කරමින් සිටි පියාට ආහාර රැගෙන ගොස්‌ තිබේ.

ඒ අවස්‌ථාවේ දැරියන් සිටි නිවසට කඩා වැදුණු අපරාධකරු මෙසේ දැරියන් දෙදෙනා කැලයට ඇදගෙන ගොස්‌ මෙම අපරාධය සිදු කර ඇතැයි මූලික පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වූ බව කුච්චවේලි පොලිසියේ ප්‍රකාශකයෙක්‌ පැවැසීය.

අත් පා සහ දැස්‌ බැඳ කටට පාන්කඩ ඔබා දූෂණය කළ දැරියගේද දැත් දෙපා තියුණු ලෙස කපා මුහුණට දරුණු ලෙස පහර දී තිබූ බවද හෙතෙම සඳහන් කළේය.

ඝාතනයට ලක්‌ වූ දැරියගේ ගෙල කපා දමා දැත් සිරුරෙන් වෙන් කර තිබී ඇත. මෙම අපරාධකරු නිතර ප්‍රදේශයේ කාන්තාවන්ට හිරිහැර කරමින් නිදැල්ලේ සිටින ගවයන් ඝාතනය කර මස්‌ අනුභව කරමින් දිවිපෙවතක්‌ ගත කළ අයකු බවද අනාවරණය වී තිබේ.
 
Related Posts with Thumbnails