Ads 468x60px

.

දිවුල්පිටියේ 22 හැවිරිදි මානසික රෝගී තරුණයා ඝාතනය කල හැටි...

රෑ ගෙදර දොරට කට්‌ටියක්‌ ගැහුවා. පස්‌සේ මම දොර ඇරියා...

එතකොට එළියේ බීපු හතරදෙනෙක්‌ සිටියා...ඔවුන් මගේ කම්මුලට ගැහැව්වා...

හොඳයි පස්‌සේ බලාගන්නම් කියලා ඔවුන් එළියට යන්න ගියා..

පස්සේ බලද්දී මගේ මානසික රෝගී පුතාව කපලා කොටලා මරලා....

"අනේ මගේ රත්තරං දරුවාට වෙච්ච දෙයක්‌. මගේ දරුවා මානසික රෝගී දරුවෙක්‌. කුරා කුහුඹුවකුටවත් වරදක්‌ නොකරපු මගේ දරුවා ඇයි දෙයියනේ කපලා කොටලා මේ තිරිසන්නු මැරුවේ."

බොරලැස්‌ගමුව, දිවුල්පිටිය ප්‍රදේශයේ නිවසකදී ඊයේ (19 වැනිදා) අලුයම 22 හැවිරිදි මානසික රෝගී තරුණයකු ඝාතනයට ලක්‌වීම සම්බන්ධයෙන් ඝාතනයට ලක්‌වූ මානසික රෝගී තරුණයාගේ මව වන ඩබ්. ඥනවතී මහත්මිය (56) හැඬූ කඳුළින් පැවැසුවා.


මෙලෙස ඝාතනයට ලක්‌වී තිබුණේ බොරලැස්‌ගමුව, දිවුල්පිටියේ තාවකාලිකව පදිංචිව සිටි චානක අමිල නමැති තරුණයෙකි.මෙහිදී හඬා වැළපෙමින් තවදුරටත් අදහස්‌ දැක්‌වූ ඝාතනයට ලක්‌වූ චානක තරුණයා ගේ මව වන ඥනවතී මහත්මිය මෙසේද කීවාය.

"අනේ මගේ දරුවාට වෙච්ච දෙයක්‌. මගේ ගම ඇල්පිටිය. අපි ඇල්පිටියේ ඉඳලා මුලින්ම කළුබෝවිලට ආවා. එහි කාලයක්‌ කුලියට හිටියා. ඉන් පස්‌සේ අපි මේ දිවුල්පිටියේ කුලී නිවසට ආවා. මගේ මියගිය පුතාට අවුරුදු අටේදී බෝලයක්‌ වැදීමෙන් සිදුවූ අනතුරකින්

මානසික රෝගියකු වුණා. ගෙදර හිටියේ මියගිය පුතයි, එයාගේ වැඩිමල් අයියයි. මගේ අනිත් දරුවෝ විවාහවෙලා ළඟ ළඟ පදිංචිවෙලා ඉන්නේ.

"මේ සිද්ධිය වුණේ ඊයේ 19 වැනිදා අලුයම 1.00 ට. රෑ ගෙදර දොරට කට්‌ටියක්‌ ගැහුවා. පස්‌සේ මම දොර ඇරියා. එතකොට එළියේ බීපු හතරදෙනෙක්‌ සිටියා. ඒ එක්‌කෙනෙක්‌ කිව්වා මගේ අනෙක්‌ පුතා (ඝාතනයට ලක්‌වූ අයගේ අයියා) ත්‍රීවීල් එකක්‌ හොරකම් කරලා ඒක හෙට උදේට ගෙනත් තියපන් කියලා. ඊට පසු මම කිව්වා මගේ කොල්ලා ඔය වගේ හොරකම් කරන්නේ නැහැ කියලා.

නමුත් මම ත්‍රීවීල් එකක්‌ ගෙනත් තියන්නම් කියලා කිව්වා. පස්‌සේ ඔවුන් මගේ කම්මුලට ගැහැව්වා. හොඳයි පස්‌සේ බලාගන්නම් කියලා ඔවුන් එළියට යන්න ගියා. මම අනතුරුව ලොකු පුතාට කිව්වා එන පොට එච්චර හොඳ නැහැ. පොලිසියට ගිහින් මේ ගැන පැමිණිලි කරන්න කියලා. ඒ මොහොතේම පුතා පොලිසියට ගියා. මේ වෙලාවේ මියගිය පුතා බෙහෙත් බීලා නිදාගෙනයි හිටියේ.

"මියගිය පුතා නිවසේ සිටියදී දොර වසා මා පොලිසියට ගිය පුතාව බලන්න පාර පැත්තට ගියා. ඒ ගිහින් ඉන්න කොට මට ඇහුණා ආයුධ ශබ්දයක්‌. ඒ සමගම මම නිවසට දුවගෙන ආවා. ඒ ඇවිත් බලනවිට මගේ මානසික රෝගී පුතාව කපලා කොටලා මරලා. පුතාගේ පපුවේ හිල් දෙකක්‌ තිබුණා. අනේ මගේ රත්තරං දරුවාව තිරිසන් විදිහටයි මරලා තිබුණේ."

"මගේ දරුවා මොන වරදක්‌ කළාට ද දෙයියනේ මේ වගේ දෙයක්‌ කළේ. මගේ අනෙක්‌ දරුවන් කිසිදේකට සම්බන්ධ නැහැ. මේ අපරාධය කරපු එවුන්ට හොඳක්‌ නම් වෙන්න එපා දෙයියනේ. මම කුලී වැඩ කරලා හම්බ කරන හැම සතපහක්‌ම වියදම් කළේ මගේ පුතාගේ බෙහෙත් හේත්වලට."

"පොලිසියෙන් මම ඉල්ලන්නේ මේ අපරාධය කරපු එවුන්ට උපරිම දඬුවම් දෙන්න කියලයි."

මෙහිදී අදහස්‌ දැක්‌වූ මියගිය මානසික රෝගී තරුණයාගේ වැඩිමල් සොයුරිය වන ලසන්ති මහත්මිය මෙසේ කීවාය.

"මගේ මල්ලි කාටවත් කරදරයක්‌ නැතුව ජීවත් වුණු කෙනෙක්‌. මගේ මල්ලී කපලා කොටලා මරලා දාපු තිරිසනුන්ට හොඳක්‌ නම් වෙන්න එපා. කිසිදේකට සම්බන්ධයක්‌ නැති කෙනෙක්‌වයි මේ මරලා තිබෙන්නේ. පොලිසිය සැකකරුවන් ඉක්‌මණින්ම ඇල්ලීම ගැන ප්‍රණාමය පුදකරනවා."

අද මෙම මානසික රෝගී තරුණයාගේ වියෝවෙන් එම මවත්, ඔහුගේ සොයුරනුත් අසරණ වී ඇත. එමෙන්ම මෙම ඝාතනය නිසා මුළු බොරලැස්‌ගමුව ප්‍රදේශයම කම්පා වී තිබේ. මානසික රෝගී තරුණයන් ඝාතනය කරන තැනට මේ සමාජය පිරිහී තිබීම කනගාටුවට කරුණකි. මානසික රෝගීන් පිළිබඳව සමාජයේ අවධානය මීට වඩා යොමු කළ යුතු කාලයක්‌ බවට මේ කාලය පත් වී ඇත.
 
Related Posts with Thumbnails