Ads 468x60px

.

සංචාරක බංගලාවල විනෝද වෙන්න මට වෙලාවක්‌ නැහැ - තිස් හය වතාවක් බුක් කල ඇමැති කියයි.

මේ බංගලා නොමිලේ දෙන්නේ නෑ... 
මම එහෙම කාටවත් දෙන්න කියලා කියලත් නෑ... 

මේ ඇමැතිකම මම අරගෙන අවුරුදු දෙකක්‌ වෙනවා...

ඒත් බංගලාවල මම ඉඳලා තියෙන්නේ දවස්‌ 10 කට අඩු කාලයක්‌...

ඒ රාජකාරි වැඩකට ගියානම් විතරයි... 

දෙසැම්බර් මාසයට පමණක් සංචාරක නිවහන් තිස්හය වතාවක් නොමිලේ බුක් කල නියෝජ්‍ය ඇමැති කෙනෙක් ගැන පුවතක් අප මීට පෙර ඔබ වෙත ගෙන ආවා. 

එම නියෝජ්‍ය අමාත්‍යවරයා මෙන්ම අමාත්‍යාංශ ඉහළ පරිපාලනය ද, වනජීවී සංරක්‍ෂණ දෙපාර්ත මේන්තුවේ ඉහළ පරිපාලනය ද මේ නිසා නොයෙක්‌ විට ජනමාධ්‍යයේ සහ පරිසරවේදීන්, පරිසරලෝලීන්ගේ විවේචන සහ චෝදනාවන්ට ලක්‌ වූ අවස්‌ථා ද බොහෝ වෙනවා. 

පහතින් දැක්වෙන්නේ වර්තමානයේ උද්ගතව පවතින මෙම ගැටලුකාරී තත්ත්වයන්ට වනජීවී සහ ගොවිජන සේවා නියෝජ්‍ය අමාත්‍යවරයා වන අමාත්‍ය එස්‌. එම්. චන්ද්‍රසේන මහතාගෙන් ඇසු ප්‍රශ්නවලට දුන් පිළිතුරුය.
 
මේ බංගලා නොමිලේ දෙන්නේ නෑ. මම එහෙම කාටවත් දෙන්න කියලා කියලත් නෑ. මේ ඇමැතිකම මම අරගෙන අවුරුදු දෙකක්‌ වෙනවා. ඒත් බංගලාවල මම ඉඳලා තියෙන්නේ දවස්‌ 10 කට අඩු කාලයක්‌. ඒ රාජකාරි වැඩකට ගියානම් විතරයි. 

උද්‍යානවල සංවර්ධන කටයුත්තක්‌ නිරීක්‍ෂණය සඳහා හෝ සේවක ප්‍රශ්නයක්‌ බලන්න ගියා නම් විතරයි මම නිවාඩු
ගතකරන්න බංගලාවල ඉඳල නැහැ. යාල වනෝද්‍යානයේ කඳවුරු බිම්වල ප්‍රශ්නය බලන්න ගියත් මම නැවතුනේ පිටතැනක.

වත්මන් සංවර්ධන කාර්යයේදී රටේ වනජීවී රක්‍ෂිත වනාන්තරවලට එල්ල වන තර්ජන, බාධක හා විනාශයන් ගැන නිරන්තරයෙන් පරිසරවේදීහු චෝදනා එල්ල කරති. එම නිසාම වනජීවී සහ ගොවිජන සේවා අමාත්‍යාංශය තරම් රටේ මාතෘකාවක්‌ බවට පත්ව ඇති වෙනත් අමාත්‍යාංශයක්‌ නැති තරම්ය. 


ප්‍රශ්නය - ඔබ වනජීවී හා ගොවිජන සේවා විෂය භාර කැබිනට්‌ අමාත්‍යවරයා වෙලා හිටියා. දැන් ඔබ එහි නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරනවා. ඇමැතිතුනි, ඔබට විෂයයන් දෙකක්‌ අයත්ව තිබියදී වනජීවී විෂය ගැන පමණක්‌ ඇයි මේ තරම් ආන්දොaලනයක්‌ රටේ ඇති වී තිබෙන්නේ.

පිළිතුර - මම හිතන්නේ එකට හේතුව වන ලෝලීන්, පරිසර සංවිධාන, පරිසරවේදීන් අද වැඩිපුර රටේ ඉන්න එකත්, ඔවුන් මේ රටේ ජෛව විවිධත්වය, පරිසරයට සිදුවන විනාශයන් වෙතොත් එAකට කැමති නැතිවීමත් තමයි. ඔවුන් වැඩි අවධානයකින් මේ ගැන කටයුතු කරනවා. යම්කිසි අඩුපාඩුවක්‌, වැරැද්දක්‌ මේ ක්‍ෂේත්‍රයේ ඇති වුණාම එ අය මේවා ඉස්‌මතු කර නිතර නිතර පෙන්වනවා. 


එ වගේම අපේ රටේ මාධ්‍යයත් මේ පරිසර ක්‍ෂේත්‍රය ගැන වැඩි අවධානයකින් කටයුතු කරනවා. මම ඉන්න කාලෙ විතරක්‌ නෙමෙයි හැමදාමත් මේ වනජීවී අංශය නිතර විවේචනයට ලක්‌වෙනවා. මම එක හොඳට දන්නවා. මම මේ අමාත්‍යාංශය භාර ගත්තෙත් එගැන දැනගෙන. 

එ වගේම කොච්චර විවේචන, ප්‍රහාර මොන පීඩාව ආවත් මේ ක්‍ෂේත්‍රයට මම හරිම කැමතියි. මමත් සතා සිව්පාවා ගහට කොළට ආදරේ කරන පුද්ගලයෙක්‌. මම බලන්නේ මේකෙ තියෙන හොඳ පැත්ත ආරක්‍ෂා කරන්නත් වනජීවීන් හා පරිසරය තියනවාටත් වඩා හොඳින් රැක ගැනීමත් තමයි. 

සමහර අවස්‌ථාවලදී අප බලාපොරොත්තු වන දේවලට පිටින් දේවල් කරන්න සමහර නිලධාරීන් උත්සාහ කරනවා. එකෙ එක අවස්‌ථාවක්‌ තමයි යාල ජාතික උද්‍යානයේ කඳවුරු බිම් සමාගම් කිහිපයකට ඉදිකරන්න ඉඩදීම. එ පිළිබඳව මාධ්‍ය වගේම සහ පරිසර සංවිධානත් විශාල හඬක්‌ නැගුවා.

ප්‍රශ්නය - යාල කඳවුරු බිම් පෞද්ගලික අංශයට ලබාදීමෙන් උද්‍යානයට සහ වනජීවී සංරක්‍ෂණයට විශාල තර්ජනයක්‌ වූ බව මාධ්‍ය වාර්තා කළා. පරිසරවේදීන් හඬ නැගුවා. අවසානයේදී ජනාධිපතිතුමා මැදිහත්වෙලයි එවා ඉවත් කරන්න කටයුතු කළේ. ඇත්තටම යාල තත්ත්වය ඔබ නිරීක්‍ෂණය කළාද?

පිළිතුර - ඔව්. මම එ ගැන පැහැදිලි කිරීමක්‌ කරන්න ඕන. මෙහිදී වනජීවී දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් මට වැරදි තොරතුරු ලබාදුන්නා. දෙපාර්තමේන්තුවේ එක්‌ එක්‌ විෂයයන් එක්‌ එක්‌ නිලධාරීන්ට පවරා තිබෙනවා. අලි සංරක්‍ෂණය අලි සංරක්‍ෂණ අධ්‍යක්‍ෂවරයාට, සංචාරක අංශය සංචාරක අධ්‍යක්‍ෂවරයාට වශයෙන් භාරදී තිබෙනවා. මට ගිහින් මේ අය හරියට වැඩ කරනවද කියල බලන්න කාලයක්‌ නැහැනේ. 


එයාට වැඩක්‌ බාර දුන්නාම එයා වන සත්ත්ව හා වෘක්‍ෂලතා ආරක්‍ෂා කිරීමේ පනත ගැන දන්නව නම් උද්‍යානයක්‌ තුළ මොකක්‌ද කරන්න ඕන, කරන්න එපා කියල දන්නවා නම් සතා සිව්පාවාට, ගහට කොළට හානියක්‌ නොවෙන්න එයා දැනගන්න ඕන එක පාලනය කරන්න. එයා මේ වැඩේ හරියට කරල නෑ කියලනෙ දැන් පැහැදිලි වෙන්නේ.

එ නිසා මම ඊට පහුවදාම (ජනාධිපතිතුමා දැනුම් දුන් දිනට පසු දිනම) විමර්ශන කණ්‌ඩායමක්‌ පත්කර දැන් විමර්ශනය කරගෙන යනවා. වැරැද්දක්‌ කරල තිබුණොත් අදාළ පුද්ගලයින්ගේ සේවය අත්හිටවල අදාළ පියවර ගන්නවා. 


මොකද අනුන් කරන වැරදිවලට අපට පව් ගෙවන්න බැහැ. වැරදි කරපු මිනිස්‌සුන්ට දඬුවම් දෙනවා. මේ කඳවුරු බිම්වලින් ආදායම ලබපු එක ඇත්ත. එත් පැවැත්ම බලන්නත් ඕන. ආදායම කොච්චර ආවත් වැඩක්‌ නැහැ. උද්‍යානයට විනාශයක්‌ වෙනවා නම්.

කඳවුරුබිම්කරුවෝ වැරදි වැඩ ගොඩක්‌ කරල තිබුණා. කිලෝමීටර් එකහමාරක්‌ විතර මුහුදු වෙරළ දක්‌වාම කැලේ කපලා තිබුණා. වනජීවී පනත අනුව සිමෙන්ති තියා පිටින් ගල්කැටයක්‌වත් ගිහිං තියන්න බැහැ උද්‍යානයත් තුළට. ඒත් ළිං වළලු පවා ගිහිං බස්‌සල තිබුණා. කොන්ක්‍රීට්‌ දාල තිබුණා. නීතියෙන් පිට ගොඩාක්‌ වැඩ කරලා තිබුණා. මම මගේ ඇස්‌ දෙකෙන්ම මේවා දැක්‌කා. 


අපි කඳවුරු වහල දැම්මා. කැලෑ එළිකරපු තැන්වල දේශීය උද්‍යානයට ගැළපෙන පැළ හිටෙව්වා. ජනාධිපතිතුමා කිව්වා විනාශවෙලා තියෙන පරිසර පද්ධතිය නැවත හදන්න කියලා. ඒ අනුවයි අපි එය කළේ. කොහොමහරි මාධ්‍ය හා පරිසර සංවිධානවලින් පෙන්වා දුන්නට පස්‌සේ මුලින්ම මම නිලධාරීන් කැඳවලා කරුණු විමසුවා. 

ඒ අවස්‌ථාවේදී ඔවුන් කීවේ මේ කඳවුරුබිම් පටන්ගත්තෙ 2008 වසරේ සිට අද දක්‌වා පවත්වාගෙන යනවා, ස්‌ථීර ඉදිකිරීම් එහි නැහැ, නීතියට අනුව පරණ විදිහට කරනවා කියලා. ඉතින් නිලධාරීන් කිව්ව දේවල් මම විශ්වාස කළා. විශ්වාස කරලා මාධ්‍යයට පවා මම කිව්වා එහෙම තර්ජනයක්‌, නීති විරෝධී දෙයක්‌ යාල වෙන්නේ නැහැ කියලා. ඒ කිව්වේ නිලධාරීන්ගේ තොරතුරු අනුවයි. 

නමුත් ජනාධිපතිතුමාගේ හම්බන්තොට දිස්‌ත්‍රික්‌ සම්බන්ධීකරණ රැස්‌වීමේදී ප්‍රදේශයේ ජනතාව ජනාධිපතිතුමාට මේ තත්ත්වය ගැන පැහැදිලි කළා. එතුමා වහාම මේ පුද්ගලික අංශයේ කඳවුරු බිම් ඉවත්කරන්න එහිදී නියෝග කළා. මටත් ඒ ගැන සොයා බලන්න කීවා. මම ගිහිං කළ ස්‌ථාන පරික්‍ෂාවේදී සැබෑ තත්ත්වය මට පෙනී ගියා. 

නිලධාරීන් වැරදි තොරතුරු තමයි මට දීලා තිබුණේ, මේ වැරැදි තොරතුරු ලබාදීමත්, වැරැදි ආකාරයට මේ වගේ ඉදිකිරීම් උද්‍යානයක්‌ තුළ කරන්න ඉඩදීලා පරිසරය විනාශ කරන්න කටයුතු කළ නිලධාරීන්ට විරුද්ධව විනයානුකූලව සහ නීත්‍යානුකූලව කටයුතු කිරීමට මම තීරණය කළා. ඒ අනුව පත්කළ විමර්ශන කණ්‌ඩායමේ වාර්තාව ලැබුණු වහාම අදාළ කටයුතු කරනවා.

ප්‍රශ්නය - ජාතික උද්‍යානවල ඇති සංචාරක බංගලා සංචාරකයන්ට ලබාදීමේ මෙතෙක්‌ පැවති සාමාන්‍ය ක්‍රමවේදයෙන් බැහැරව අමාත්‍යාංශය හරහා හිතු මනාපයෙන් එක්‌ එක්‌ අයට ලබාදෙන බවට චෝදනාවක්‌ තිබෙනවා. ඔබ මේ ගැන මොකද කියන්නෙ.

පිළිතුර - වන උද්‍යානවල සංචාරක නිවහන් සංචාරකයන්ට වෙන්කර දෙන ක්‍රියාපටිපාටියක්‌ තිබෙනවා. නමුත්, අදාළ ප්‍රදේශවල විශේෂ රාජකාරි සඳහා යන මැති ඇමැතිවරු නිලධාරින් ඉල්ලීම් කළහොත් වනජීවී දෙපාර්තමේන්තුවේ බංගලාත් අනිත් දෙපාර්තමේන්තු, ආයතනවල බංගලා මෙන් අපට දෙන්නට සිදුවෙනවා. 


නමුත් මතක තියාගන්න, එසේ විශේෂ රාජකාරි සඳහා යන අයට අපි යාල වනෝද්‍යානයේ නම් විශේෂ බංගලාවක්‌ වෙන්කරලයි තියෙන්නේ. "බුතව" කියන බංගලාව අපි ඔවුන්ට ලබා දෙනවා. විල්පත්තුවේ නම් "කොක්‌මොටේ" බංගලාව ඒ සඳහා වෙන්කර තිබෙනවා. ඒ කොහොම වුණත් අපි මේ බංගලා නොමිලයේ ලබා දෙන්නේ නෑ. 

ඒවාට මුදල් අය කරනවා. ජනමාධ්‍යයේ සඳහන් වෙලා තිබුණා අපි ඒවා නොමිලේ දෙනවා කියලා. ඒක වැරදියි. අපි ඒවාට මුදල් අයකරනවා. යාල ඉතිරි බංගලා පහ ලොතරැයි ක්‍රමයට දින 150 ක්‌ම සාමාන්‍ය ජනතාවට වෙන්කර තිබෙනවා. කොහොම වුණත් මේ බංගලා නොමිලේ දෙන්නේ නෑ. මම එහෙම කාටවත් දෙන්න කියලා කියලත් නෑ. 

මේ ඇමැතිකම මම අරගෙන අවුරුදු දෙකක්‌ වෙනවා. ඒත් බංගලාවල මම ඉඳලා තියෙන්නේ දවස්‌ 10 කට අඩු කාලයක්‌. ඒ රාජකාරි වැඩකට ගියානම් විතරයි. උද්‍යානවල සංවර්ධන කටයුත්තක්‌ නිරීක්‍ෂණය සඳහා හෝ සේවක ප්‍රශ්නයක්‌ බලන්න ගියා නම් විතරයි මම නිවාඩු ගතකරන්න බංගලාවල ඉඳල නැහැ. යාල වනෝද්‍යානයේ කඳවුරු බිම්වල ප්‍රශ්නය බලන්න ගියත් මම නැවතුනේ පිටතැනක. 

කෙටියෙන් කියනවානම් වනජීවී බංගලාවල නිවාඩු අරගෙන විනෝදවෙන ඇමැතිවරයෙක්‌ නෙවෙයි මම. මට ඒකට වෙලාවකුත් නැහැ. කොහොමහරි මම නිලධාරීන්ට උපදෙස්‌ දුන්නා මින් පසු එක්‌ එක්‌ අයට තියා කිසිදු විශේෂත්වයකින් තොරව වනජීවී බංගලා පොදුවේ සංචාරකයන්ට ලබාදීමට කටයුතු කරන්න කියලා. 

මම වෙනත් නිවාඩු නිකේතනයක, තානායමක නවාතැන් ගත්තත් කිසිදාක එහි ගෙවීම් අමාත්‍යාංශයෙන් කරලා නැහැ. මගේ අතින් තමයි ගෙවීම් කරන්නේ. මම සල්ලි තියෙන ඇමැති කෙනෙකුත් නෙමෙයි. ඇමැතිවරයෙක්‌ හෝ නියෝජ්‍ය ඇමැතිවරයෙක්‌ වශයෙන් ලැබෙන වරප්‍රසාද මම අරගෙන නෑ. අරගන්නෙත් නෑ.

ප්‍රශ්නය - ඇලහැර - ගිරිතලේ අභයභූමියේ අක්‌කර 400 ක්‌ නිදහස්‌ කිරීමට වනජීවී දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණය ගැන ඔබ කුමක්‌ද කියන්නේ ?

පිළිතුර - ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මාතලේදී පැවැති දිස්‌ත්‍රික්‌ කමිටු රැස්‌වීමේදී තමයි එහි ජනතා නියෝජිතයන් මෙම ගැටලුව මුලින්ම ජනාධිපතිතුමාට ඉදිරිපත් කළේ. මමත්, ලේකම්වරයාත් එහි සිටියා. අපිට ඒ ගැන සොයාබලන්න නියෝග ලැබුණා. ඒ අනුවයි ඊට අදාළ කටයුතු කළේ. ඇත්තටම මෙම අභයභූමි ප්‍රදේශය වන සතුන් ඉන්න ප්‍රදේශයක්‌ නෙමෙයි පැත්තකින් අලි මාරුවෙන කොරිඩෝවක්‌ තියෙනවා.

වනජීවී දෙපාර්තමේන්තුවට අයත් කිසිදු ඉඩමක්‌ කිසිවකුට ලබාදෙන්නෙත් නෑ. ලබාදීලත් නෑ. නමුත් මෙහෙම දෙයක්‌ වෙලා තියෙනවා. අභයභූමි බවට ප්‍රකාශයට පත්කිරීමට පෙර පදිංචි පිරිස ඒවායින් ඉවත් නොකරන ඔවුන් පදිංචි නිවාස අභයභූමියට ඇතුල්වන පරිදි වැටවල් යොදා තිබෙනවා. 


ඇලහැර ප්‍රදේශයේ අක්‌කර 4000 ක්‌ දුන්නා කියලා තිබුණා. එහි කිසිදු සත්‍යයක්‌ නැහැ. රක්‍ෂිතය පිහිටුවන්න පෙර පදිංචි පවුල් 1041 ට අපි එහි ඉන්න ඉඩදුන්නා. ඒක තමයි අභයභූමිවල ජනතාව පදිංචිවීමට ඉඩදුන්නයි කියන්නේ.

ඒවගේම අලිමංකඩවල පදිංචි පවුල් ඉවත් කරලා ඔවුන්ට විකල්ප ඉඩම් දී අලිමංකඩවල පදිංචි පවුල් සියල්ල ඉවත්කරන්න පියවර ගෙන තිබෙනවා.

මේවායේ කවුරු හිටියත් කමක්‌ නෑ තරාතිරම නොබලා අලිමංඩවල පදිංචි පවුල් ඉවත් කරන්න කියලා ජනාධිපති තුමා උපදෙස්‌ ලබාදී තිබෙනවා. අලිමංකඩවලින් අලින්ට බාධාවකින් තොරව එහා මෙහා යන්න ඉඩ තිබිය යුතුයි.

ප්‍රශ්නය - රසායනික පොහොර භාවිතය වෙනුවට කාබනික පොහොර භාවිතයට ගොවිජනතාව වැඩි වැඩියෙන් යොමුකරවීමට අය වැයෙන් විශේෂ අවධානයක්‌ යොමුකර තිබෙනවා. ඒ ගැන ඔබ මොකද කියන්නේ.

පිළිතුර - ජනාධිපතිතුමා කාබනික පොහොර කෙරෙහි ගොවිජනතාවට නැඹුරු කිරීමට අයවැයෙන් විශේෂිත ස්‌ථානයක්‌ ලබාදී තිබෙනවා. රසායනික පොහොර සහනාධාරය වෙනුවෙන් රජය වසරකට රුපියල් බිලියන 60 ක්‌ වැය කෙරෙනවා. ගොවියාට ඒ සඳහා සියයට 90 ක සහනාධාරයක්‌ ලැබෙනවා.

රසායනික පොහොර සහනාධාර ක්‍රමයට දෙන නිසා ගොවීන් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා යොදනවා. ප්‍රමාණයට වඩා පොහොර යෙදීමෙන් අස්‌වැන්නේ වැඩිවීමක්‌ සිදුවන්නේ නෑ. ඒ නිසා අවාසියක්‌ මිස කිසිදු වාසියක්‌ නෑ. රසායනික, කෘමිනාශක විවිධ රෝගවලටද හේතුවෙනවා.

මේ සියලු කරුණු සැලකිල්ලට ගෙන කාබනික පොහොර කෙරෙහි ගොවිජනතාව උනන්දු කිරීමට අය වැයෙන් විශාල සහනයක්‌ ලබාදී තිබෙනවා. ලක්‌ පොහොර සමාගම මහා පරිමාණ හා මාධ්‍ය පරිමාණයෙන් කාබනික පොහොර නිෂ්පාදනාගාර ඇති කෙරෙනවා.

ගොවිජන සේවා මධ්‍යස්‌ථාන කේන්ද්‍රකරගෙන කුඩා කණ්‌ඩායම් හදලා ඔවුන්ව ස්‌වයං රැකියාවක්‌ ලෙස කාබනික පොහොර නිෂ්පාදනයට නැඹුරුකිරීමට පියවර ගන්නවා. මේ වැඩසටහන තුළින් රටේ තරුණ පිරිස්‌ 30,000 කට පමණ ස්‌වයං රැකියා අවස්‌ථා උදාවෙනවා. ඒවගේම විශාල විදේශ විනිමයක්‌ ඉතිරි වෙනවා. ඊටත් වඩා සෞඛ්‍ය ආරක්‍ෂාවටත් හේතුවෙනවා.

කාබනික පොහොර සඳහා ගොවිජනතාව වැඩිවැඩියෙන් නැඹුරු කිරීමට ඒවායෙන් නිෂ්පාදනය කෙරෙන වී කිලෝවක්‌ සඳහා රුපියල් 40 ක සහතික මිලක්‌ද අයවැයෙන් යෝජනා කර තිබෙනවා.

මේ සඳහා ගොවීන් වැඩි වශයෙන් යොමු කිරීමේ වැඩපිළිවෙළ රටපුරා තිබෙන ගොවිජන සේවා මධ්‍යස්‌ථාන හා ජාතික පොහොර ලේකම් කාර්යාලය එක්‌ව ගම් මට්‌ටමින් ගෙන යනවා. 2012 - 2013 මහ කන්නයේ රසායනික පොහොරවලින් තොරව වී නිෂ්පාදනය ඉලක්‌ක කර තිබෙනවා.



දෙසැම්බර් මාසයට පමණක් සංචාරක නිවහන් තිස්හය වතාවක් නොමිලේ බුක් කල නියෝජ්‍ය ඇමැති...

 
Related Posts with Thumbnails