Ads 468x60px

.

අපි සල්ලි ගෙවලා තියෙන්නේ සල්ලිත් අරගෙන කන්න හදලා නැහැ - විජයමුණි කැන්ටිමේ යකා නැටු හැටි.

අවශ්‍ය පහසුකම් සලසන්න නිලධාරින් දැනගන්න ඕනේ...." 

සොයිසාගේ ප්‍රකෝපකාරී හඬින් පාර්ලිමේන්තු “කැන්ටිම” දෙදරයි... 

අධ්‍යාපන නියෝජ්‍ය ඇමති විජිත් විජයමුණි සොයිසා මහතා මන්ත්‍රීවරුනගේ පෞද්ගලික අමුත්තන් සහ රජයේ නිලධාරින්ගේ භෝජනාගාරයේදි ප්‍රකෝපකාරි ලෙස හැසිරෙමින් එහි සේවකයන්ට ඊයේ (19) දහවල් බැණ වැදුනේය. 

අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරින්ට ආහාර ගැනීම සඳහා නිසි ලෙස පහසුකම් සැපයුවේ නැතැයි කියමින් නියෝජ්‍ය ඇමතිවරයා මෙසේ ප්‍රකෝපකාරි ලෙස හැසිර තිබෙනවා. 

අධ්‍යාපන අමාත්‍යාංශ වැය ශිර්ෂය පාර්ලිමේන්තුවේදි ඊයේ විවාදයට ගත් අතර එහි නිලධාරින් වෙනුවෙන් මෙම භෝජනාගාරයේ ආහාර පහසුකම් සලසා තිබුනා.

නියොඡ්‍ය ඇමතිවරයා භෝජනාගාරය භාර නිලධාරියා අසුන්ගෙන සිටි පුටුවට පහර දුන් අතර ඔහුගේ මේසය මත තිබු

ස්ථාවර දුරකතනටද පහර දීමෙන් එය ‍පොළවට පතිත වූනා. 

අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරින් 135 දෙනෙකුට දිවා ආහාරය සඳහා ආරාධනා කර තිබුනද භෝජනාගාරයේ පැවතියේ ආසන 74 ක් වීම නියෝජ්‍ය ඇමතිවරයාගේ කෝපයට හේතුවී තිබෙනවා.

"දවල් කෑමට අපි සල්ලි ගෙවලා තියෙන්නේ..... සල්ලිත් අරගෙන කන්න හදලා නැහැ.... අවශ්‍ය පහසුකම් සලසන්න නිලධාරින් දැනගන්න ඕනේ...." 


යැයි උස් හඩින් කෑ ගසමින් නියෝජ්‍ය ඇමතිවරයා මෙසේ හැසිර තිබේ. මේ අවස්ථාවේ භෝජනාගාරයේ නිලදාරින් බියට පත්ව නිහඩව බලා සිටිනු දක්නට ලැබුනා.

පසුව නියෝජ්‍ය ඇමතිවරයා එම භෝජනාගාරය අසල පිහිටි මාධ්‍ය වේදින්ගේ භෝජනාගාරය වෙත පැමිණ මාධ්‍යවේදින් සමඟද මේ පිළිබඳව කතා බහ කොට පිටත්ව ගියේය.
 
Related Posts with Thumbnails