Ads 468x60px

.

කොළඹ කච්චේරියේ හදිසි ගින්නක් - ලක්‍ෂ 22ක තොරතුරු ගින්නෙන් විනාශයි...

කඩාකප්පල්කාරී ක්‍රියාවක්‌දැයි පරීක්‌ෂණ...

ආදායම් බදු ලිපි ලේඛනත් අළුවෙයි...


කොළඹ වේල්ලවීදියේ පිහිටි කච්චේරි ගොඩනැගිල්ලේ ඉහළ මාලය ඊයේ (26 වැනිදා) රාත්‍රියේ ඇති වූ ගින්නකින් මුළුමනින්ම විනාශයට පත් වුනා.

වර්ග අඩි පන්සියයකින් පමණ යුත් මෙම මහලේ දිසාපති කාර්යාලය, ආදායම් බදු කාර්යාලය, පාලන අංශය, සැලසුම් අංශය හා ප්‍රධාන රැස්‌වීම් ශාලාවද පිහිටා ඇති අතර ඒවායේ සියලු ලිපිලේඛන ගින්නෙන් අළු වෙන්නට ඇතැයි එම ස්‌ථානයේ සිටි පොලිස්‌ නිලධාරියෙක් ඊයේ (26 වැනිදා) රාත්‍රියේ පැවසුවා.

රාත්‍රි 7.40 ට පමණ ඇති වූ ගින්න පත්‍රය මුද්‍රණයට යන අවස්‌ථාව වන විටත් ඇවිළෙමින් පැවැති
තිබුනා.

ගින්නෙන් සිදුවූ හානිය පිළිබඳ කිසිවක්‌ ප්‍රකාශ කළ නොහැකි යෑයි අප කළ විමසුමකට පිළිතුරු දුන් කොළඹ දිසාපති කමල් පද්මසිරි මහතා
පැවසුවා. එම අවස්‌ථාවේ දිසාපතිවරයා කච්චේරිය අසල සිටි අතර හෙතෙම තවදුරටත් සඳහන් කළේ ගින්න නිවීම සඳහා ගිනි නිවීම් ඒකකය, ගුවන් හමුදාව දැඩි පරිශ්‍රමයක්‌ දරන බවය.

විදුලි කාන්දුවක්‌ මෙම ගින්නට හේතු වන්නට ඇතැයි වේල්ලවීදිය පොලිසිය සැකකරන නමුත් එය කඩාකප්පල්කාරී ක්‍රියාවක්‌ නිසා ඇති වූයේද යන්න ගැනද පරීක්‌ෂණ පවත්ව
නවා.

ගින්නෙන් මහල් දෙකක ලිපිලෙඛණ විනාශ වී තිබෙනවා. ගින්න පිළිබඳව කොළඹ පොලිස් අපරාධ කොට්ඨාශය විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප‍්‍රිශාන්ත ජයකොඩි මහතා පවසනවා.

ගින්න ඇතිවීමට හේතුවල මේ වන තෙක් භෙලිවී නැතැයිද ප‍්‍රිශාන්ත ජයකොඩි මහතා කියා සිටීනවා. කොළඹ දිස්ත‍්‍රික්කයේ පදිංචි විසි දෙලක්ෂයකට අධික පිරිසක ගේ ලිපි ලේඛන කොළඹ වේල්ලවීදිය කච්චේරියේ ගබඩා කර තිබුනා. ඒවා ගින්නෙන් විනාශ වී ඇතැයි කොළඹ දිස්ත‍්‍රික් ලේකම් කමල් පද්මසිරි මහතා පවසනවා.

DSC 0540
DSC 0570
DSC 0631
 

එහි ස්වාධීන රූපවාහිනී  වීඩියෝව


එහි සිරස රූපවාහිනී  වීඩියෝව
 
Related Posts with Thumbnails