Ads 468x60px

.

වසර 19 කට පසු බිරිද පිරිමියෙක් බව හෙළිවුනු හැටි..

අඹුසැමියන් සේ ජීවත් වූවද තමන් අතිනත ගෙන සිටින්නේ පිරිමියෙක්...

ශල්‍යකර්මයක් මගින් ලිංගික විපර්යාසයක් කරගෙනලු... 

වසර 19 ක් පුරාවට තමන් සමග පවුල් කෑ තම බිරිද පිරිමියෙක් බව හෙළිවීමෙන් පසු තම විවාහය අවලංගු කල යුතු යැයි පවසමින් අධිකරණය හමුවට ගිය පුද්ගලයෙකු ගැන බෙල්ජියමෙන් වාර්තා වෙනවා.

64 හැවිරිදි බෙල්ජියම් ජාතිකයෙකු වන ජෙන් නැමැති මෙම පුද්ගලයා සිය 48 හැවිරිදි මොනිකා නැමැති ඉන්දුනීසියානු ජාතික බිරිද සමග වසර 19 ක් පුරාවට අඹුසැමියන් සේ ජීවත් වූවද තමන් අතිනත ගෙන සිටින්නේ පිරිමියෙකු සමග යැයි දැන සිටියේ නැතැයි පවසනවා.

මට පෙර විවාහයේ දරුවන් සිටි නිසා අප නැවත දරුවන් නොවැදීමට තීරණය කලා. නමුත් අප අඹුසැමියන් සේ එක්වූ සෑම විටම ඇය තම පිරිමිකම සගවා ගන්නට සමත්වී තියෙනවා. 


ඒ කිසිදු අවස්ථාවක මම ඇයගේ කිසිදු වෙනසක් දුටුවේ නෑ. යනුවෙන් මෙම සිදුවීම එළිදරව් වීමෙන් පසු බලවත් සේ සිත්තැවුලට පත් ජෙන් පවසනවා.

ඇය ඇත්තෙන්ම මගේ දරුවන්ට වැඩිමහල් සහෝදරියක් සේ සෙනෙහස දැක්වූවා.නමුත් මෑතක සිට ඇය වෙනස් වන්නට පටන් ගත්තා. කලවා නිරාවරණය වන කොට ඇදුම් සහ රාතී‍්‍ර සමාජශාලා ජීවිතයට හුරුවුණා.

නාදුනන පිරිමින්ගේ පෙම්බස් වලින් ඇගේ ඊ-මේල් ගිණුම පිරී තිබුණා. මේ අතර මගේ මිතුරෙක් මට පැවසුවා ඇය ශල්‍යකර්මයක් මගින් ලිංගික විපර්යාසයක් කරගත් පිරිමියෙක් බව. වසර 19ක විවාහ ජීවිතය අවලංගු කිරීමට සැරසෙන ජෙන් වැඩිදුරටත් පවසනවා.
 
Related Posts with Thumbnails