Ads 468x60px

.

සුප්‍රීම්සැට් චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගතවන ජායාරූප..

චන්ද්‍රිකා රූපවාහිනී සේවාවන් සඳහා එළඹෙන වසරේ ජූලි මාසයේ සිට පහසුකම්...

අයහපත් කාලගුණය හේතුවෙන් අභ්‍යාවකාශ ගත කිරීමට ප්‍රමාද වූ සුප‍්‍රීම් සැට් වන් පළමු චන්ද්‍රිකාව චීනයේදී සාර්ථකව ඊයේ (27) කක්ෂගත කළ බව බලධාරීන් පවසනවා.

සුප්‍රීම් සමාගම් සමූහයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ විජිත් පීරිස් කියා සිටියේ 'ශී චැන්ග්' යානය යොදා ගනිමින් 'සුප්‍රීම් සැට් - 1' චන්ද්‍රිකාව  සුරක්ෂිතව කක්ෂගත කෙරුණු බවයි.

සන්නිවේදන චන්ද්‍රිකාව චීන රොකට්ටුවක් මාර්ගයෙන් උඩුගුවනට විද 87.5 භූ ස්ථායි කක්ෂයේ රැඳවීමට නියමිතව ඇති අතර අභ්‍යාවකාශ ගත කර මිනිත්තු හතකට පසුව ශ්‍රී ලාංකීය මුහුදු තීරයට ඉහළ අහසින් ගමන් කිරීමට නියමිතයි.

මෙම චන්ද්‍රිකාව මගින් චන්ද්‍රිකා රූපවාහිනී සේවාවන් සඳහා එළඹෙන වසරේ ජූලි මාසයේ සිට පහසුකම්ද සැපයීමට නියමිතයි.

මෙම ව්‍යාපෘතියේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 320 ක් වන අතර, වසර එකහමාරකට පෙර ආරම්භ කළ මෙම ව්‍යාපෘතියේ මූලික අදහසේ හිමිකරු වන්නේ ජනාධිපති පුත් රෝහිත රාජපක්ෂ මහතායි.

අමාත්‍ය තිස්ස විතාරණ, රෝහිත රාජපක්ෂ ඇතුළු පිරිසක් චන්ද්‍රිකාව කක්ෂගත කිරීමේ අවස්ථාවට එක්විය.

අභ්‍යාවකාශගත කෙරුණු සුප‍්‍රීම් සැට් වන් චන්ද්‍රිකාව සම්බන්ධයෙන්, කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා සඳහන් කළේ, මෙම ගනුදෙණුව සම්බන්ධයෙන් ආණ්ඩුව, පාර්ලිමේන්තුව සහ ජනතාව දැනුවත් කළ යුතු බවයි.

ChinaSat-12 හෙවත් SupremeSAT-1 චන්ද්‍රිකාව රැගත් 173 වැනි Long March III B රොකට්ටුව චීනයේ ජනමාධ්‍ය විසින් තම පුවත් වල මෙම චන්ද්‍රිකාව හඳුන්වා ඇත්තේ "中星十二号" හෙවත් Star No. 12 communications satellite ලෙසයි. 

අභ්‍යාවකාශ ගතවන අවස්ථාවේ ජායාරූප හා වීඩියෝ එකතුවක් පහතින්.
























 
Related Posts with Thumbnails