Ads 468x60px

.

පොහෝය දිනය ඊයේ (27) සමරනු ලැබූයේ ලංකාවේ පොහෝය කමිටුවේ උවමනාවටද..?

හරි පොහොය අදයි (28)...

පොහොයක් නොවන අද චන්ද්‍රග‍්‍රහණයක් සිදුවන්නේ කෙසේද...?

තාරකා විද්‍යාවට අනුව ඉල් පුරපසලොස්වක පොහෝය යෙදී තිබෙන්නේ අදට (28) බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා.

එම පොහෝය දිනය ඊයේ (27) සමරනු ලැබූයේ ශී‍්‍ර ලංකාවේ පොහෝය කමිටුව විසින් ගනු ලැබූ විශේෂ තීරණයක් අනුව බවය ඒ මහතා වැඩිදුරටත් පවසා තිබෙනවා. මෙම වසරේ අවසන් චන්ද්‍රග‍්‍රහණය අද සිදුවනවා. සාමාන්‍යයෙන් චන්ද්‍රග‍්‍රහණයක් සිදුවන්නේ පුරපසලොස්ව පොහෝය දිනකයි. 

එසේ නම් භාවිත දින දර්ශනයට අනුව පුරපසලොස්වක පොහොයක් නොවන අද චන්ද්‍රග‍්‍රහණයක් සිදුවන්නේ කෙසේදැයි. මහාචාර්ය චන්දන ජයරත්න මහතා ඉහත අදහස් පළ කර ඇත්තේ නෙත් නිවුස් කළ විමසීමක දීය.

එමෙන්ම අද (28) දිනයේ සිදුවන ඡායා චන්ද්‍රග්‍රහණයක්  ශ්‍රී ලංකාවාසීන්ට දැකගත හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා.


අද දිනයේ නැ‍ඟෙනහිර ක්ෂිතිජයෙන් සඳ උදාවත් සමග මේ ඡායා චන්ද්‍රග්‍රහණය ඇතිවෙනවා. ග්‍රහණය ආරම්භය ශ්‍රී ලංකාවේ සම්මත වේලාවෙන් පස්වරු 5.45 වන අතර ග්‍රහණය අවසානය රාත්‍රී 10.21 ට සිදුවෙනවා.

ග්‍රහණ මධ්‍යයය රාත්‍රී 8.03 ඇතිවෙනවා. ඡායා චන්ද්‍රග්‍රහණයකදී චන්ද්‍රයා පෘථිවියේ වඩා අඳුරු වු පූර්ණ ඡායාව තුළින් ගමන් නොකරන අතර එතරම් අඳුරු නැති උප ඡායාව හරහා පමණක් ගමන් කරනවා

එහෙයින් චන්ද්‍රයාගේ දීප්තියේ සුළු අඩුවීමක් හැර අර්ධ හෝ පූර්ණ චන්ද්‍රග්‍රහණයකදී මෙන් තද අඳුරු ඡායාවකින් චන්ද්‍රයා වැසී යාමක් මෙහිදී දැක ගත නොහැකි වන බවද මහාචාර්යවරයා ප්‍රකාශ කළා.
 
Related Posts with Thumbnails