Ads 468x60px

.

ආමර්වීදියේ තිදෙනාගේ මරණයට හේතුව මෙන්න...

මියගිය පියාගේ හා දරුවාගේ මෘත ශරීර කාමරයක ඇඳක්‌ මත...

මවගේ සිරුර කාමරයේ විදුලි පංකාවක ගැටගසා තිබූ රෙද්දකින් එල්ලෙමින්...

පෙරේදා (26 වැනිදා) රාත්‍රී කොළඹ ආමර්වීදියේ තෙමහල් ගොඩනැඟිල්ලක අබිරහස්‌ ලෙස මියගොස්‌ සිටි එකම පවුලේ තිදෙනාගේ සිරුරු පොලිසියෙන් සොයා ගන්නා විට සිරුරු නරක්‌වී ඉදිමී තිබූ බවත්, දැඩි දුර්ගන්ධයක්‌ හැමූ බවත් පොලිසිය කියනවා.

මෙලෙස මියගොස්‌ තිබුණේ කොළඹ අමාර් වීදියේ තාවකාලිකව පදිංචිව සිටි පියා - සිවලිංගම් ශ්‍රීකාන්ත (38), මව - සිවරාම් කෝකිලවානි (24) සහ පුතා -_ ශ්‍රීකාන්තන් සර්වේස්‌ (02) යන තිදෙනායි.

මියගිය පියාගේ හා දරුවාගේ මෘත ශරීර කාමරයක ඇඳක්‌ මතද, මවගේ සිරුර කාමරයේ විදුලි පංකාවක ගැටගසා තිබූ රෙද්දකින් එල්ලෙමින්ද තිබුනා.

මුලින් බිරිඳ සිය සැමියාට හා දරුවාට වස දී මරා පසුව ඇය එල්ලී දිවිනසා ගන්නට ඇතැයි පොලිසිය සැකකරනවා. මෙම මරණවලට හේතුව
මුදල් ණය ප්‍රශ්නයක්‌ බවට හෙළිවී ඇතැයි ආමර් වීදිය පොලිසිය පවසනවා. එම කාමරයේ මේසයක්‌ මත ද්‍රවිඩ භාෂාවෙන් ලියන ලද ලිපියක්‌ද තිබී හමුවී තිබෙනවා.

එය 2012.11.24 වැනිදා රාත්‍රී 9.45 ට ලියූ බවට සඳහන් කර තිබූ අතර තමන් විවිධ අයගෙන් ලක්‍ෂ හැත්තෑවක පමණ මුදල් ණයට ලබාගෙන ඇති බවත්, එය ගෙවා ගැනීමට නොහැකි කමින් දිවිනසා ගන්නා බව සටහන් කර තිබූ බවත් පොලිසිය කියනවා.

මියගිය සැමියා වන සිවලිංගම් ශ්‍රීකාන්තන් යන අය ආමර් වීදිය ප්‍රදේශයේ ගොඩනැඟිලි ද්‍රව්‍ය උපකරණ අලෙවි සලක්‌ වසර දෙකක සිට පවත්වාගෙන ගොස්‌ තිබෙනවා.

මියගිය තිදෙනාගේ මූලික මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණය ඊයේ (27 දා) කොළඹ අංක 8 මහෙස්‌ත්‍රාත් අධිකරණයේ අතිරේක මහෙස්‌ත්‍රාත් පවිත්‍රා එස්‌. පතිරණ මහත්මිය සිද්ධිය වී තිබූ ස්‌ථානයට පැමිණ පැවැත්වූවා.

ඔවුන්ගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය කොළඹ අධිකරණ කාර්යාලයේ දී පවත්වා මෘත දේහ ඥතීන්ට භාරදෙන ලෙස අතිරේක මහෙස්‌ත්‍රාත්වරිය අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියම කළා.

මියගිය සැමියාගේ 38 වැනි උපන් දිනය යෙදී තිබුණේද පෙරේදා (26 වැනිදා) දිනය. මේ නිසා තලවකැලේ පදිංචි ඔහුගේ බාල සොහොයුරා තම සොහොයුරාට සුබ පතන්නට දුරකතන ඇමතුම් ලබාගෙන ඇතත් ප්‍රතිචාරයක්‌ ලැබී නැත. මේ නිසා ඔහු තලවකැලේ සිට සොහොයුරා බලන්නට ආමර් වීදියට පැමිණි අවස්‌ථාවේ මෙම විපත දැක පොලිසියට දැනුම් දී තිබෙනවා.


ඒ පිලිබඳ සිරස වීඩියෝව පහතින්...



 
Related Posts with Thumbnails