Ads 468x60px

.

මිසයිලයක් ආධාරයෙන් හඳ පිපිරවීමට ඇමරිකාවෙන් රහස් සැලසුමක්...

රහස් ස්ථානයක සිට මිසයිලයක් ආධාරයෙන් න්‍යෂ්ඨීක උපකරණය සඳ මත ගැටීමට...

මෑතකදී අනාවරණය වූ පරිදි 1950 ගණන් වල රහස් ව්‍යාපෘතියක් මගින් අභ්‍යවකාශ තරඟයේදී බලය පෙන්වීම සඳහා හඳ පුපුරවා හැරීමට ඇමරිකාව සැලසුම් කර තිබෙනවා. 

‘චන්ද්‍ර පර්යේෂණ යානා පිලිබඳ අධ්‍යයනය’ හෙවත් ‘A 119 ව්‍යාපෘතිය’ නම් වූ මෙය ක‍්‍රියාත්මක කර නැති මුත් සෝවියට් දේශය තම පලමු කෘතිම චන්ද්‍රිකාව වූ ස්පුට්නික් 1 ගුවන් ගත කල පසු ඔවුන් බිය වැද්දීමට මින් අදහස් කර ඇති බව DAILY MAIL වාර්තා කරනවා.

රහස් ස්ථානයක සිට මිසයිලයක් ආධාරයෙන් න්‍යෂ්ඨීක උපකරණය සඳ මත ගැටීමට සලස්වා පෘථිවියේ සිට දැකගත හැකි පිපිරීමක් ඇති කිරීමට සැලසුම් කර තිබුනා

හයිඩ‍්‍රජන් බෝම්බයක්  සැතපුම් 283000 ක දුරක් ගෙන යාමට බර වැඩි නිසා පරමාණු බෝම්බයක් මේ සඳහා යොදා ගැනීමට නියමිත වුනා.

 
1950 සිට නාසා හි උපදේශකයෙක් ලෙස සේවය කල තාරකා විද්‍යාඥ කාල් සගාන් මේ සඳහා වූ ගණනය කිරීම් සිදු කර තිබෙනවා. ඔහුගේ චරිතාපදාන කතෘවරයෙක් කියන්නේ 1959 දී අධිශිෂ්‍යත්වයක් සඳහා මෙම ව්‍යාපෘතිය අනාවරණය කිරීම ආරක්ෂාව උල්ලංඝනය කිරීමක් බවයි.

ආමර් පර්යේෂණ පදනමේ 1958 සිට සේවය කල රේෆල් න්‍යෂ්ඨීක පර්යේෂණය සඳහා වගකිව යුත්තාය. ASSOCIATED PRESS ආයතනය සමඟ 2000 දී කල සාකච්ජාවකදී ඔහු කියා සිටියේ 1959 දී පිපිරීම සිදු වීමට තිබු බවත් එහි ලේඛන වසර 45ක් පමණ ආරක්ෂිතව තිබූ බවත්ය. එහෙත් ඇමරිකානු රජය මේ සඳහා ඍජු දායකත්වයක් දුන් බව තහවුරු කර නැත.

අභ්‍යවකාෂය දුෂණය කරන න්‍යෂ්ඨීක අපද්‍රව්‍ය හේතුවෙන් මෙම ව්‍යාපෘතිය අත්හැර දමන ලදී. හඳ පුපුරවා හැරීම වෙනුවට ඇමරිකානුවෝ පලමු චන්ද්‍ර‍්‍රිකාව වූ EXPLORER 1 ගුවන් ගත කිරීමෙන් සහ මිනිසෙක් අභ්‍යවකාශ ගත කිරීමෙන් අභ්‍යවකාශ තරඟය ඉදිරියට ගෙන ගියහ.
 
Related Posts with Thumbnails