Ads 468x60px

.

පැය 48ක් ඇතුලත තට්ටු 10ක ගොඩනැගිල්ලක් හැදු හර්පාල් සිං

අවශ්‍ය අමුද්‍රව්‍ය පසුගිය මාස දෙක පුරාවට නිපදවලා... වානේ ටොන් 200ක්...

පැය 48ක් තුළදී මහල් 10ක ගොඩනැගිල්ලක් ඉදිකිරීම පිළිබඳ පුවතක් ඉන්දියාවේ පංජාබ් ප‍්‍රාන්තයේ මොහාලි නුවරින් වාර්තා වෙනවා.

මෙම ගොඩනැගිල්ල තනා ඇත්තේ සිනර්ජි ති‍්‍රස්ලිංටන් නම් යටිතල පහසුකම් සමාගමක් විසි
නුයි.

පසුගිය බ‍්‍රහස්පතින්දා ඉදිරිකිරීම් ආරම්භ වූ අතර, සිකුරාදා සවස් වරුව වන විට මහල් 07ක් ද, පැය 48 අවසන් වන විට මහල් 10 ගොඩනැගීමටද මෙම සමාගම සමත් වී තිබෙනවා.


මෙම ගොඩනැගිල්ල සෑදීමට අවශ්‍ය අමුද්‍රව්‍ය පසුගිය මාස දෙක පුරාවට නිපදවා ඇති අතර, එලෙස නිපදවූ අමුද්‍රව්‍ය හා වානේ ටොන් 200ක් මේ සඳහා යොදාගෙන ඇතැයි විදෙස් වාර්තා වල දැක්වෙනවා.


කම්කරුවන්, කාර්මිකයන්, ඉංජිනේරුවන් 200කට වැඩි පිරිසක් මෙම මෙම ගොඩනැගිල්ල සෑදීමට යොදවා තිබූ බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

‍සිනර්ජි ති‍්‍රස්ලිංටන් සමාගමේ ප‍්‍රධානියා වන ව්‍යවසායක හර්පාල් සිං පවසා ඇත්තේ මෙලෙස කෙටි කාලයකදී ඉන්දියාවේ ගොඩනැගුනු පළමු ගොඩනැගිල්ල මෙය බවයි.
කෙසේ වෙතත්, මෙම ගොඩනැගිල්ල තුළ සුළු වැඩ අවසන් වී නැතැයි පැවසෙනවා.
 
සිය නිවසේ ඉදිකිරීම් කටයුතු සිදුකරන අතරතුරේදී තමාට මෙවැනි ගොඩනැගිල්ලක් පිළිබඳව අදහසක් පහළ වූ බව හර්පාල් සිං කියා සිටිනවා.
 
Related Posts with Thumbnails