Ads 468x60px

.

ලෝක විනාශ කරන්න නිබ්රූ කියලා ග්‍රහයෙක් නැතිලු – නාසා කියයි

විනාශයෙන් ගැලවිය හැකි ස්‌ථානයක්‌ වන ප්‍රංශයේ බූචාරට්‌ නගරය තහනම් කලාපයක්‌ලූ...

ලෝක විනාශය පිළිබද බොහෝ මත ඉදිරිපත් වන මේ දිනවල තවත් ආන්දෝලනාත්මක මතයක් වූයේ පෘතුවිය සමග එක්‌ස්‌ හෙවත් නිබ්රූ නැමැති ග්‍රහයා ගැටෙන බවයි.

2012 දෙසැම්බර් 21 වැනිදා පෘතුවිය සමග මෙසේ එක්‌ස්‌ හෙවත් නිබ්රූ ග්‍රහයා ගැටෙන බව පවසා ඇත්තේ අසර්බයිජාන් ගත්කතුවරයෙකු වන රස්‌චරියා සින්චිනි යෑයි හෙලි වී තිබෙනවා. කෙසේවෙතත් මේ බව සඳහන් කළ  මේ ගත්කතුවරයා 2010 දී මිය ගොස් තිබෙනවා.

අභ්‍යවාකාශය ගැන නිරන්තර පරීක්ෂණ පවත්වන ඇමරිකානු නාසා ආයතනය මේ පිළිබද දරන්නේ වෙනත්ම මතයකි. එක්‌ස්‌ හෙවත් නිබ්රූ නැමැති ග්‍රහයෙකු

නැති බවත් ගතවූ කාලය තුළ ග්‍රහයන් ගැන විමර්ශනයේ යෙදී සිටි නමුත් නිබ්රූ නැමැති ග්‍රහයෙකු මේ වන තෙක් හමු වී නැති බවත් නාසා ආයතනය පවසනවා.

මේ අතර ලෝක විනාශයෙන් ගැලවිය හැකි ස්‌ථානයක්‌ යැයි ප්‍රසිද්ධ වූ ප්‍රංශයේ බූචාරට්‌ නගරය තහනම් කලාපයක්‌ ලෙස ප්‍රංශ බලධාරීන් නම් කර තිබෙනවා.

ආකාශ වස්තු පිටසක්වල තර්ජන නොවේ
මේ දිනවල රටේ විවිධ ප්‍රදේශවල ඉහළ අහසේ දක්නට ලැබුණු බවට වාර්තා වෙන ආලෝකවත් ආකාශ වස්තු පිටසක්වළ තර්ජනයක් වීමට ඉඩක් නැති බවත් මේ සිදුවීම් අහසට යවා ඇති ආගන්තුක දේවල් හා උල්කාපාත කඩාවැටීම් නිසා දක්නට ලැබෙන සිදුවීම් බවත් කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

මේ පිළිබඳව අනවශ්‍ය බියක් ඇති නොකරගත යුතු බවත් ඔහු කීය. මොරටුව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ තාරකා යෙදවුම් පිළිබඳ උපදේශක වන මහාචාර්ය ජයරත්න තවදුරටත් පවසන පරිදි මේ සිදුවීම් මීට පෙරත් වාර්තා වී තිබේ.

ලෝකයේ විවිධ ප්‍රදේශවලදීත් මෙවැනි දේ දක්නට ලැබී ඇත. එසේ වුවත් පිටසක්වල යානයක් මෙලෙස ආලෝක වස්තුවක් ලෙස දර්ශනය වීමට ඉඩක් නැති බවත් ඒ පිළිබඳව තවදුරටත් පර්යේෂණ කරන බවත් ඒ සඳහා කණ්ඩායමේ දෙකක් යොදවා ඇති බවත් මහාචාර්යවරයා පවසයි.


හමුදා නිරීක්ෂණයන්ට හසුවන්නේ නෑ
ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක රාත්‍රි අහසේ දක්නට ලැබුණු බව කියන අද්භූත ආලෝක පිළිබඳ අදහස් දක්වන ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක, මෙබඳු අද්භූත වස්තූන් ගුවන් හමුදා නිරීක්ෂණ පද්ධතිවලට නිරීක්ෂණය නොවන බවත් ගුවන් යානාවක් වැනි වස්තුවක් ගැන නම් එම උපකරණ ආධාරයෙන් තොරතුරු ලබාගත හැකි බවත් කීය.

මේ පිළිබඳව සම්පූර්ණ පරීක්ෂණයක් සිදු කොට තොරතුරු ලබා ගැනීමෙන් තොරව නිශ්චිත අදහසක් පළ කිරීම අසීරු බව හෙතෙම පැවැසීය. 
 
Related Posts with Thumbnails