Ads 468x60px

.

කහවත්තට මොකද්ද මේ වෙන්නේ...කහවත්තේ තවත් ඝාතනයක්..යළිත් කහවත්ත බියෙන් ඇලිලේ

හමුදාවේ විශේෂ බලෑණි ඇතුළු 700ක් පමණ දිවා රෑ ගම මුරකලත් මිනී මැරුම් වලින් අඩුවක් නෑ...

කහවත්ත කොටකෙතන ගැහැණු ඝාතනයක් සම්බන්ධයෙන් 2009දී සැකපිට අත්අඩංගුවට ගෙන මුදා හළ පතල් සේවකයකුගේ සිරුරක් කහවත්ත ඕපාත පාරේ තිබී උදේ සොයා ගැනුණා.

කැපුම් තුවාල සහිතව මැරී සිටි මොහු ආගස් ප්‍රියන්ත (32) වශයෙන් හඳුනාගෙන තිබෙනවා.


2009දි ඩබ්ලිව් ඒ ආරියවතී නම් කාන්තාවක මරා දැමීයැයි සැකපිට අත්අඩංගුවට ගෙන මාස කීපයක් රිමාන්ඩ් බාරයේ ද තැබීමෙන් පසු සාක්කි නැතැයි නීතිපතිගේ නිර්දේශ අනුව ඔහු මුදා හැර සිටියා.
කොටකෙතන ගැහැණුන් 15ක් අභිරහස් ලෙස මරා දැමීමෙන්පසු පොලීසිය, හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය, හමුදාවේ විශේෂ බලෑණි ඇතුළු 700ක් පමණ දිවා රෑ ගම මුර කරනවා.
මෙම ඝාතනය සදහා ඉතා තියුණු ආයුධ යොදාගෙන ඇතැයි ආරංචි මාර්ග සදහන් කරයි. මෙම ඝාතනයත් සමග කහවත්ත ආශිත ඝාතන සංඛ්‍යාව 16 දක්වා ඉහළ නගින අතර යළිත් වරක් කහවත්ත ජනතාව භීතියෙන් ඇලලී ගොස් සිටිති. 

මේසේ ඝාතනයට ලක්වී ඇත්තේ මීට පෙර ඝාතනයට ලක් වූ ආරියවතී නැමති කාන්නාවගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පසුව අධිකරණය මගීන් නිදහස්කර යවන ලද පුද්ගලයකු යැයි ආරංචි පැතිර යමින් පවතී.
 
ප්‍රියන්ත මරා දමා තිබුණේ කොටකෙතන සිට කිලෝමීටර් 2ක් ඈත පාරක් අසලය. මෙම ඝාතනයත් සමග වසර තුනක්‌ තුළදී කොටකෙතන හා ඒ ආශ්‍රිත ප්‍රදේශ කීපයක සිදුවූ ඝාතන සංඛ්‍යාව 16 දක්‌වා ඉහළ ගොස්‌ ඇති අතර මෙය එකම පිරිමි ඝාතනය වන්නේය.

ආරියවතී නම් තැනැත්තියගේ ඝාතනය පිළිබඳව සැකපිට පොලිසිය මගින් අත්අඩංගුවට ගත් මොහුගෙන් වරින්වර ප්‍රශ්න කර ඇත.

නමුත් මෙම ඝාතනය සම්බන්ධව ඇසින් දුටු සාක්‍ෂි හා වෙනත් පිළිගත හැකි හෝඩුවාවල් නොමැති බැවින් නීතිපති උපදෙස්‌ මත මෙම සැකකරු අධිකරණයෙන් මුදාහරින ලදී. මොහු ඇතුළු සිව් දෙනෙක්‌ මේ පිළිබඳව සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. රත්නපුර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් මළ සිරුර කපා පරීක්‍ෂා කළ අතර පැල්මඩුල්ල වැඩබලන මහෙස්‌ත්‍රාත් ධර්මසිරි මානිපුර මහතා විසින් පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතු සිදු කෙරිණි.

වෛද්‍ය වාර්තා හා මූලික පරීක්‍ෂණ වාර්තා ලැබෙන තෙක්‌ ඝාතනය පිළිබඳව විවෘත තීන්දුවක්‌ ලබාදෙන බවට මෙහිදී තීරණය කර තිබේ.

මේ වන විට කහවත්ත කොටකෙතන, ඕපාත, නිලඳුර, දඹුල්වල ආදී ප්‍රදේශයන්හි ආරක්‍ෂාව සඳහා යුද හමුදා කඳවුරු දෙකක්‌ හා පොලිස්‌ මුර කපොලු හතරක්‌ පිහිටුවා ඇත. යුද හමුදා බුද්ධි අංශය, රහස්‌ පොලිස්‌ ඒකකය, යුද හමුදා යතුරුපැදි ඒකකය සමග ජංගම මුර සංචාරක සේවාව ඇතුළු ආරක්‍ෂක නිලධාරීන් හයසියයකට අධික පිරිසක්‌ ආරක්‍ෂක සේවාවෙහි යොදා තිබේ.

 
 
Related Posts with Thumbnails