Ads 468x60px

.

සැමියාගේ යහළුවකු මගින් රට යන්න හැදු බිරිඳට අස්‌වා භාවික ලිංගික අතවර කල සැමියා මෙන්න.

මව බලා සිටියදීම හිස බූගාලා...

ඇඟිලි තුඩුවලට ඉඳිකටුවලින් ඇන වධ දීලා...

දරුවන් ඉදිරියේ මිදුලේ දණගස්‌ලා...

දෙවිනුවර ප්‍රදේශයේ මාළු වෙළෙඳාම කරන පුද්ගලයකු බීමත්ව නිවසට පැමිණ බිරිඳට ඉතා අමානුෂික අන්දමින් පහරදී අස්‌වාභාවික ලෙස ලිංගික අතවර කරන නිසා සැමියාගේ යහළුවකු මගින් රට යැමට අවශ්‍ය කටයුතු සඳහා කාන්තාව නිවසින් පිටත ගොස්‌ තිබෙනවා.

සැමියා නිවසට පැමිණ "තෝ කොහෙද ගියේ කියා පහරදී විවිධාකාරයෙන් ලිංගික අතවර කර බිරිඳගේ මව බලා සිටියදීම හිස බූගා ඇඟිලි තුඩුවලට ඉඳිකටුවලින් ඇන වධ දී තිබෙනවා. ඇගේ ශරීරයටද ඉදිකටුවලින් ඇන තුවාල සිදු කර ඇත. එක්‌ පුතකු හා දියණියන් දෙදෙනකු සිටින ඇය දරුවන් ඉදිරියේ මිදුලේ දණගස්‌වා තිබෙනවා.


මෙය බලා සිටිය නොහැකි අසල නිවසේ ලොකු අම්මා කෙනකු මේ සිද්ධිය පොලිසියට දන්වන්නට සූදානම් වනවිට නරුම සැමියා ඔවුන් සමඟ කෝලාහල කරන්නට පටන්ගෙන තිබෙනවා. මේ අතරවාරයේ ගෙයින් එළියට පැන ගත් බිරිඳ මාතර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණ පැමිණිලි කර
තිබෙනවා.

මාතර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපතිනි වරුණි බෝගහවත්ත මහත්මිය නරුම සැමියා අත්අඩංගුවට ගෙන ඇත. ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස්‌ පරිදි අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර
තිබෙනවා.
 
Related Posts with Thumbnails